19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රි නීතියට, අධිකරණයට සහ නීතීඥ සංගමයට බලපෑම් කරන ආකාරය නීතියේ පාලනය පවත්වාගෙන යාමටත්, පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් අනතුරකි…!
Posted on July 20th, 2021

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

අධිකරණ විනිසුරුවරු වැඩිකරන සහ ජාතික ආණ්ඩු බිහි කරන නීති සංශෝධන ගෙනවිත් විනිසුරුවරුන්ට සහ නීතියට පක්ෂපාතිබව පෙන්වමින් රට ඩිජිටල් යටත් විජිතයක් කිරීමේ සහ ඩිජිටල් නෛතික නිදහස අහිමි කරන 19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රිගේ උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 14, 18, 23, 24 සහ 106, 157 වන ව්‍යවස්ථාවලට පටහැනියි…!

සිංගප්පූරු, යූඑස්ඒ, යූකේ ඇතුලු විදෙස් නීති රටට ගෙන ඒමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථාවලට පටහැනිව කොරෝනා පනත ගෙන ඒම සහ 2021.07.12 දින ස්වර්ණවාහිනී ‘ඉර’ වැඩසටහනේදී ශ්‍රේෂ්ඨාධිකරණයට සහ නීතියට අපහාස කිරීමත්, නීතීඥ සංගමයේ ස්වාධීනත්වය අනතුරේ හෙලීමත්, විදෙස් ‘සූම්’ ගිවිසුම් මගින් අභියාචනාධිකරණය ඇතුලු අධිකරණවල ස්වාධීනත්වයට ගැටලු ඇති කිරීමත් ඒ සඳහා පැහැදිලි උදාහරණ වේ.

අභියාචනාධිකරණයේ නඩු විභාග කිරීමට “සුම්”
විදෙස් ආයතනය සමග ඇතිකරගත් ජාත්‍යන්තර ගිවිසුමේ පිටපතක් ලබා ගැනීමට ජනාධිපති කාර්යාලයෙන් මෙම ලියුම්කරු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන යටතේ පසුගියදා කළ ඉල්ලීම ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් සිසිර කුමාර හේනාධීර මහතා විසින් අධිකරණ අමාත්‍යාංශයට යොමු කර තිබුණි.

එකී යොමු කිරීමේ මාගින් “සූම්” මාර්ගගත ක්‍රමයට නඩු විභාග කිරීමට “සූම්” ආයතනය සමග ඇතිකරගත් විදෙස් ගිවිසුම සම්බන්ධ ක්‍රියා දාමය පිළිබඳව ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද වැඩි දුරටත් ඉල්ලා ඇත.

ඉහත කාරණ සහ හැසිරීම් අනුව පැහැදීලි වන්නේ  19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රි නීතියට, අධිකරණයට සහ නීතීඥ සංගමයට බලපෑම් කරන ආකාරය නීතියේ පාලනය පවත්වාගෙන යාමටත්, පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් අනතුරක් බවයි.

එයට ඉඩදී නිහඩව සිටීම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය, තිරසර සංවර්ධනය, ආගමික නිදහස සහ ඩිජිටල් නෛතික නිදහස අගයන අයට නොහැකිය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress