ව්‍යවස්ථා සංශෝධනය එදා ගැසට් කරන්න විරුද්ධ වුණා-එජාප ආණ්ඩුවක් බිහිවීම ලොකු දෝෂයක්
Posted on March 16th, 2015

– Adaderana

ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන ජාතික හෙළ උරුමය කිසිවිටෙකත් කතා කර නොමැති බවත්,හැමදාම කටයුතු කරනු ලැබුවේ එහි අත්තනෝමතික බලතල ඉවත්කිරීමට පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

19 වන ආණ්ඩුක්රව ව්යවස්ථා සංශෝධනය කැබිනට් අනුමැතිය ලබාගනු පිණිස අගමැතිවරයා විසින් ඉදිරිපත් ඉකුත් 12 වන දින ඉදිරිපත් කරනු ලැබුවද එය ගැසට් කිරීමට ජාතික හෙළ උරුමය එරෙහි වූ බව එහි විදුලිබල හා බලශක්ති රණවක මහතා කියා සිටියි.

එම ව්යවස්ථා සංශෝධනයේ රාජ්යයේ ප්රධානියා ජනාධිපති වුවද ආණ්ඩුවේ ප්රධානියා අගමැති බව සඳහන් වූ බවත්,අගමැතිගෙ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් විධායකය හැසිරවිය යුතු බව දැක්වුණු බවත්
එම හේතුව නිසා තම පක්ෂය ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනය ගැසට් කිරීමට එරෙහිවූ බවත් හෙතෙම කියා සිටියේ අද(16) කොළඹ පැවති මාධ් හමුවකදීය.

එසේ වුවද ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ව්යවස්ථා සංශෝධනයේ එය නිවරදි කර තිබුණු බැවින් ඊට එකඟවී සම්මත කරගත් බවත් අමාත්යවරයා සඳහන් කළේය.

රට අස්ථාවර කිරීමට කිසිසේත්ම ඉඩනොතබන බවත්,මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමේදී එක එක්කෙනා සතුටු කරන ක්රමවේදයක් නොව ජනතාව සතුටු කරන ක්රමවේදයක් විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට එක්වූ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා කියා සිටියේ දින 100 වැඩපිළිවෙළ පස්සට දමා අගමැති රනිල් කටයුතු කරන බවයි.

දින 100 වැඩපිළිවෙල ක්රියාවට නැංවීමට ඔහු පෙරමුණ ගෙන ක්රියාකළ යුතු බවත්, එසේ කළ නොහැකිනම් එය ඔහුගේ අපොහොසත්කම බවත් වර්ණසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ජනාධිපතිවරයාට මිස එජාප කෘත්යාධිකාරී මණ්ඩලයට නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී මාධ්යවේදීන් විසින් අසන ලද ප්රශ්න වලට ප්රතිචාර දක්වමින් වර්ණසිංහ මහතා කියා සිටියේ මේවන විට බිහිව ඇත්තේ යූ.ඇන්.පී ආණ්ඩුවක් බවත්, එය මහත් දෝෂයක් බවත්ය.

 

One Response to “ව්‍යවස්ථා සංශෝධනය එදා ගැසට් කරන්න විරුද්ධ වුණා-එජාප ආණ්ඩුවක් බිහිවීම ලොකු දෝෂයක්”

  1. Ratanapala Says:

    The changes that need to be brought about should be given the widest publicity, scrutiny and debate. The United Christian Party formerly called the UNP and its leader is trying to come to power through trickery. He thinks he can hoodwink the masses and the real opposition in the country. Christian Ranil knows that the United Christian Party can never come to power through the ballot. This is why he is talking about a forming a National Government. Obviously he is thinking that he could head such a formation.

    Countries go to form National or Unity Governments only at time of major national disasters such as War or similar other calamities. Ranil who never helped to bring about an end to the 30 year war, or helped form a government of national unity during the war is now talking about forming such and entity.

    Ranil’s growling at the Indian fishermen is another attempt to lionise himself in front of the electorate. It is easy to see a pansy in a lion’s hide!! He must be thinking we are all nuts!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress