හිටපු ජනපති අද අනුරපුර, පොළොන්නරුව, කෑගල්ල සන්ධාන නියෝජිතයින් හමුවේ
Posted on March 18th, 2015

අනුර බාලසූරිය Courtesy Divaina

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අද (19 දා) දිනයේදී අනුරාධපුර, පොළොන්නරුව හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් හමුවීමට නියමිතය.මෙම හමුව නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ මහතාට සහයෝගය ලබාදුන් එම මහජන නියෝජිතයන්ට ස්‌තුතිය පළකිරීම සඳහා මෙම සුහද හමුව සංවිධානය කර තිබේ.

පෙරේදා (17 දා) ඒ මහතා බස්‌නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ හා කළුතර දිස්‌ත්‍රික්‌කවල සන්ධානයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් හමුවූ අතර ඊට දිස්‌ත්‍රික්‌ක තුනේ සන්ධානයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයන් 528 දෙනාගෙන් 409 දෙනෙක්‌ සහභාගි වූහ.

ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එම පළාත් පාලන ආයතන නියෝජිතයන් 223 දෙනාගෙන් 173 දෙනකුත් කළුතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන 152 දෙදෙනාගෙන් 141 දෙනෙක්‌ද කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන 137 දෙනාගෙන් 97 දෙනෙක්‌ පැමිණි තිබේ.

2 Responses to “හිටපු ජනපති අද අනුරපුර, පොළොන්නරුව, කෑගල්ල සන්ධාන නියෝජිතයින් හමුවේ”

  1. ranjit Says:

    Great news.Anything about Mahinda is a great news for all of us who love this man as a leader. He should go to every village and thank the people who voted for him. He has that right as a leader.No one cannot say anything about it or stop it. If Benazir Bhuto, Nawaz Sharif Mahathir of Malaysia,Putin of Russia and many more world leaders can come back and win elections and rule why can’t our most popular President who saved us from the devil Prabakaran cannot come back? Who was the traitor to the S.L.F.P. Mahinda or MY3? MY3 is the one who back stab the president of the party and put a hop step and jump to the other side to join with UNP. He contested with the party boss that is enough to kick this guy out from the party. He and Chandrika made a coup against this great man with the assistance of foreign Mafia. We have to appreciate all village and town level leaders who come to listen to MR without any fear of their current leaders in the party.

  2. dhane Says:

    Mahinda is a good man but had his weaknesses trusting many swindlers including his own brothers. He love Sri Lanka and people love him. If MR come into power hope he will not do the same mistake again. There is another danger according to constitution. Remember May 1st tragic incident to President Premadasa. Then PM became President of the country. By any chance if something similar happen in near future what will be the fate and future of Sri Lanka?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress