සිංහල බෞද්ධ රාජ්ජ්‍යය  විනාශ කිරීම   4
Posted on April 10th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

 අතීතයේදී දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයන්  බෞද්ධ විහාරාරාම විනාශ කළහ . එහෙත් ඔවුහු ඒ නටබුන් මත කෝවිල් ගොඩනැගුවේ නැත . දෙමලු එසේ කලේ මෑතදීය .  බලහත් කාරයෙන් කෙරුණ මේ ආගම් ප්‍රචාරයේ දුක්ඛ දායකම අවස්තාව නම් ධර්මපාල බවුතීස්ම වීමය  මේ ද්‍රෝහියා  තමන්ට පෘතුගීසින්ගෙන් ලැබුන උදව් උපකාර වලට කෘතඥ තාව පල කලේ  බෞද්ධ විහාර වලින් ලැබුන  අයබදු  රෝමානු කතෝලික ආගම ප්‍රචාරය කිරීම   සඳහාත් පාදිලිවරු නඩත්තු කිරීම සඳහාත්  යෙදීමය . දීප්තිමත් හා උදාර සංස්කෘතියක්  මේ තරම් අමානුෂික ලෙස  විනාශ කල වෙන   අවස්තාවක් ඒ දීප්තිමත් ඉතිහාසයේ නැත. සියවස් ගණනක පරිශ්‍රමයේ ප්‍රතිඵල විනාශ කිරීමට පෘතුගීසින්ට   ගතවුයේ  අවුරුදු කීපයකි  බෞධ්ධයන්ගේ පරම පවිත්‍ර ශුද්ධ වස්තුන් විනාශ කිරීමෙන්  කතෝලිකයන් කලේ  පිළියම් කල නොහැකි  දරුණු විපතකි
 

                                                  මේ ඉතිහාසය එළිදරවු කිරීමෙන් සාහසික දුෂ්ට ක්‍රියා  අනුමත නොකරන කිතුනුවෝ  විරසක නොවනු ඇත . මේවා එවන්නටද ලැජ්ජාවකි   හොඳ කිතුනුවෝ කල යුත්තේ  මේවා නැවතත් නොකරන ලෙස තමන්ගේ ය හදා ගනීමය්  එසේ නැතිව ඒවා වසාදැමීම නොවේ
 

                                                   පහත රට තුල පෘතුගීසි ව්‍යායාමය සාර්ථක වුවද  උඩරට කතෝලික කිරීමට උන් ගත ව්‍යායාමය ව්‍යර්තවිය . ඒ ව්‍යාපාරයම උන්ගේ පරාජයටද හේතුවිය උදරටියෝ පෘතුගීසින් සමග සටන් කරන විට    පහත රට  සිංහල ප්‍රභූන් ආගම වෙනස් කර නම්ගම් වෙනස්කර  පර සිරිත් වැළඳ ගැනීම උඩ රටියන්ගේ පිළිකුලට භාජනය විය   එහෙයින් හතුරා පන්නාදමීමට ඔවුහු අධිෂ්ඨාන කර ගත්හ අවුරුදු එකසිය ගණනක් මුළුල්ලේ වෙහෙස දරා ඔවුහු අන්තිමේ   ජයගත් හ  .2 වෙනි රාජසිංහ  රජතුමා  පෘතුගීසින් පරදු ජාතික වීරයාය . රෝමානු කතෝලිකයන් විසි න්  යුරෝපයේ අන්‍ය ලබ්ධිකයන්  පණපිටින් පුළුස්සා මරාදැමූ හැටි දන්නා ලන්දේසීන් රජතුමාට  කරුණු කියා පෘතුගීසීන්ට උඩරට  පෙදෙසේ වාසය කිරීමට ඉඩ නොදෙන වගන්තියක්   රජු සමග  තම ගිවිසුමේ අඩංගු කළහ  . රෝමානු කතෝලිකයන්ගේ වද  හිංසා වලින් උඩරැටියන්  බේරී සිටීමට මේ කරුණාද හේතුවිය   ගන්නොරුවෙදී පෘතුගීසීහු අවසාන පරාජය ලැබුහ  එසේ නොවුයේ නම්  කතෝලික පල්ලිය මේ වනවිට රටම අල්ලා අවසානය  

One Response to “සිංහල බෞද්ධ රාජ්ජ්‍යය  විනාශ කිරීම   4”

  1. Independent Says:

    මීගමුව තරම් කතෝලික නගරයක් මුලුලෝකයේ ම නැත​. මෙය සිදුවුනේ කෙසේ ද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress