දහනමවැනි හෙනගෙඩිය
Posted on May 4th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

අපේ රටේ භෟමික අඛණ්ඩතාවයට දහනමවැනි වන ව්‍යවස්ථා සංශෝධන නිසා සිදුවන අකරතැබ්බය පැහැදිලි කරල දෙන්න කෙනෙක් නැතිවීම ජාතියේම අවාසනාව වෙන්න ඇති. ඔන්න කොහොමහරි දහනමය සමමත කරගත්තැයි කියමුකො. ඒක ක්‍රියාත්මක කරනකොට ඉස්සරවෙලාම වෙන්නෙ අර ‘ව්‍යවස්ථාදායක සභාව’ කියන නපුංසක මන්ඩලයක් අටවගන්න එක. ඒකඇතුලෙ ඉන්‍නව විසි අට වතාවක් පැරදුන අගමැති කෙනෙකුයි තමුන්ගෙ ආසනයවත් දිනාගනේන බැරි විපක්‍ෂ නායක කෙනකුයි, කතානායකතුමයි, පාර්ලිමේන්තුවෙනේ මේගොල්ල පත්කරන තව හතර දෙනෙකුයි, ස්වාධීන කියලා කියන ප්‍රභූන් තුන්දෙනෙකුයි. (මේ පත්කරන ප්‍රභූන්ගෙ ස්වාධීනකම ගැන කතා කරමු පත්කලාට පස්සෙ).

දහනමය යටතේ ‘ව්‍යවස්ථාදායක සභාව’ පත්කලාට පස්සේ ඉස්සරවෙලාම වෙන්නෙ දහහත්වන (17A) ව්‍යවස්ථා සංශෝධනය ක්‍රීයාත්මක කරලා අර ස්වාධීන ‘ජාතික කොමිෂන් සභා’ පහ පිහිටුවන එකයි. මේ ස්වාධීන කොමිෂන් සභා පත්කරපු ගමන්ම වෙන්නෙ ඒ ඒ කොමිෂන් සභාවලට අනුරෑපව ‘පලාත් කොමිෂන් සභා’ ඇතිකරන එක. උදාහරනයක් ලෙස ජාතික පොලිස් කොමිසම පිහිටුවහම ඊට අනුරෑපව ‘පලාත් පොලිස් කොමිසම’ ඇතිවෙනවා. පලාතේ පොලිස් බලතල මෙයට පැවරෙනවා. මේ පලාත් පොලිස් කොමිසම ‘ජාතික පොලිස් කොමිසම’ මගින් අධීක්‍ෂණය වුනත් එහි වගකිම බැදිතිබනේනේ පලාත්සභාවේ මහඇමති සමගයි. වෙනත් වචනවලින් කියනවානම් ‘පලාත් පොලිස් කොමිසම’ සම්පුර්ණයෙන්ම කටයුතුකරනු ඇත්තේ පලාතේ මහ ඇමතිගේ නියෝගමතයි. මෙය උතුරැ පලාත්සභාව සදහාද වලංගුයි.

අපිට තියෙන අමාරැවනම් එසේ මෙසේ එකක් නොවේ. ජවිපය පිනවන්න චන්ද්‍රි‍කා දහහතක් ගෙනල්ලා ‘ස්වාධීන’ කොමිෂන් උගුලක අපිව හිරකලා.  වාසනාවට දහහතේ තියෙන අවදානම තේරැම් ගත්ත මහින්ද ජනාධිපතිතුමා මේ උගුල ක්‍රියාත්මක කලේ නැනැ.

මේ ස්වාධීන කියන ජාතිය ඉන්නෙ කොයි දිපංකරයකදැයි අපට කියාදෙන්න කෙනෙක් නෑහැනෙ. ලොවේ ජිවතේවන කිසිම කෙනෙක් දේශපාලනමය වශයෙන් ස්වාධීන නැත. සෑම අයෙකුම මොනයම් හෝ දේශපාලන මතවාදයක් දරයි. ඒ සදහා ඔවුන්ට නිදහසක්ද ඇත. මෙවැන්නන් ගන්නා තිරණ තමන් දරන දේශපාලන ප්‍රවාහයට සැමවිටම අනුගත වේ.

ඉතින් අපි ‘ස්වාධීන කොමිෂන්‍’ හදලා උතුරෙ මහඇමතිට බාරදෙනවා ඔන්න ඔයාලට ඊලමට පාර හදල දුන්න දැන් අපිට නිදහසේ අපේ වැඩක් කරගන්න ඉඩ ඇරලා (අර මහා මහබැංකු මංකොලේලය කලා වගේ) ඔයාලට හදලදුන්න පාරදිගේ වැඞිය සද්දබද්දයක් නැතිව යන්න. ඊලම හැදුවම අපිටත් කියන්න.

හොදයි නේද බටහිර දර්ශනය අනුව යන යහපාලන ගමන. දහනමය ක්‍රියාත්මක කරලා රටට කරන්න හදන විනාශය.

ව්‍යවස්ථාදායක සභාවයි දහහතයි ඉවත්වුනානම් දහනමය මේතරම් භයානක නොවෙන්න තිබුනා.

බලතල ජනාධිපතිට තිබුනත් පාරේලිමේන්තුවට තිබුනත් ඔය කියන තරමේ අකටයුත්තක් රටට වනනේ නැහැ අපි හරි මිනිහව ඒ ඒ තනතුරැවලට පත්කරන තාක්කල්. පසුගිය ජනවරි අටවැනිදා වුනේ අපි කලබල වෙලා සයිබර් අවකාශය හරහා මහින්ද ගැන පතුරවපු බටහිරයන්ගේ බේගල්වලට රැවටිලා වැරදි කෙනාව පත්කරල රට නැති අවුලක පටලවා ගත්තා. අපිහැමෝටම වැරදුනා. මේ වරද වහාම නිවැරදි කරන්න ජාතියේ නාමයෙනේ එකතුවෙන්න කාලය ඇවිල්ල.

ඔබ සැමට සුභ පැතුමේ
තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට
2015 මැයි මස  5 දා

One Response to “දහනමවැනි හෙනගෙඩිය”

  1. Christie Says:

    Namaste; All amendments to the Constitution were Indian sponsored openly or behind the scene. JRJ was a quarter Indian and sucked to India from the time he consolidated his power. He probably got more rent from his properties that were rented to Indians. Then came our proven Indian Governor like her father Chandrika. Finally the Indian Empire got all in one Chandrika the Governor, Ranil the Kankani and Sirisena the Coolie. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress