සිංහලයන්ට නායකයකු නැද්ද?
Posted on May 6th, 2015

නලින් ද සිල්වා

අද පැවැත්තෙන මහින්ද මෛත්‍රිපාල හමුවත් සමග සිංහලයන්ගේ දේශපාලනයෙහි තවත් යුගයක් අවසන් වනු ඇත. ඇතැම් විට ඒ සිංහලයන්ගේ ඉතිහාසයෙහි යුගයක අවසානය ද විය හැකි ය. සිංහලයන්ට අද නායකයකු නැති තත්ත්වයකට පත් වී ඇත. මහින්ද රාජපක්‍ෂ ඵලදායී (සඵල) දේශපාලනයෙන් ඉවත් වීමට ද ඉඩ ඇත. මෛත්‍රිපාල සිරිසේන බටහිරයන් සමග යම් සම්මුතියකට එළඹී ඇත. එය රනිල් ඇතිව හෝ නැතිව හෝ ක්‍රියාත්මක වනු ඇත. කොටින් පරාජය කළ යුතුව තිබූ බව ජෝන් කෙරී පවසා ඇත්තේ නිකමට විය නො හැකි ය. 
අවාසනාවකට මට නොලියා සිටීමට නො හැකි ය. එබැවින් තවදුරටත් කාලයටත් ඉරිදා රිවිරටත් වෙබ් අඩවිවලටත් ලියමි. ඉරිදා දිවයිනට ලිවීම ශ්‍රමය නාස්තියක් යැයි සිතෙන්නේ ඔවුන් පළකරන්නේ ඔවුන්ට අවශ්‍ය ලිපි පමණක් වීම හේතුවෙනි. එහෙත් ඒ කිසිදු ලිවීමකින් ඵලක් නොවන බව දනිමි. අවුරුදු තිහකට අධික කාලයක් ලිවීමේ ශේෂ පත්‍රය අනුව මම ජාතිද්‍රෝහියෙක්මි. විඥානවාදියෙක්මි. මිථ්‍යා මත වපුරවන්නෙක්මි. නොපෙනෙන දෙවියන්ගෙන් පේන අසන්නෙක්මි. සමාජයට අහිතකර පුද්ගලයෙක්මි. ථෙරවාදයට විරුද්ධ වූවෙක්මි. සමාජයීය දියුණුවට බාධා කරන පසුගාමී චින්තනයක් සහිත ලිංමැඩියෙක්මි. බොහෝ දෙනාට අවශ්‍ය මා නොලියා සිටිනු දැකීමට ය. එහෙත් මට එය තවමත් ඉටු කිරීමට නො හැකි ය.
මහින්ද යම් ප්‍රමාණයකට සිංහලයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කළේ ය. ඔහු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේ ය. ඔහු එතැනට තල්ලූ වූ බව සත්‍යයකි. ඒ පොදු සිංහල මතයට ඇහුම්කන් දීමෙනි. අප කෙළේ පොදු සිංහල මතය කරළියට ගෙන ඒම පමණකි. එහෙත් එය කළ හැකි බව ද අපි දැනගෙන සිටියෙමු. මහින්ද හැරෙන්නට වෙනත් අයකු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය නොදීමට ඉඩ තිබිණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව අප කියා සිටින්නේ අනූවේ දශකයේ සිට ය. එදා විමල් වීරවංශ, ගුණදාස අමරසේකර, චම්පක රණවක ආදීහු අපත් සමග නො සිටියහ.  
දහතුන්වැනි සංශෝධනයට විරුද්ධව ද අපි ක්‍රියා කෙළෙමු. අනුවේ දශකයේ මුල පැකේජයට විරුද්ධව කළුතර සිට කතරගමට පාගමන් සංවිධානය කෙළෙමු. කැලණියේ සිට කතරගමට රිය පෙරහැර සංවිධානය කෙළෙමු. එහි දී අප සමග කටයුතු කෙළේ බෙංගමුවේ නාලක හිමියන් හා ඕමාරේ කස්සප හිමියන් පමණක් බව කෘතවේදීව සඳහන් කළ යුතු ය. ඒ හිමිවරුන් සමග චින්තන පර්ෂදය රට පුරා සම්මන්ත්‍රණ රැස්වීම් පැවැත්වූ බව අද බොහෝ දෙනාට අමතක වී ඇත. කෙසේ වෙතත් පැකේජය පරාජය කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි විය. එහෙත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතිරි විය.  
දහතුන ඉවත් කිරීමට නම් පළමුවෙන් දෙමළ ජනයාට අසාධාරණයක් වී නැත යන මතය තහචුරු කළ යුතු ය. දහතුන නිසා රට බෙදේය යන්න තර්කයෙන් පමණක් පෙන්විය නො හැකි ය. දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇත්නම් වෙන ම රාජ්‍යයක් ඇති කිරීම හැර විකල්පයක් නැත්නම් දහතුන අවශ්‍ය යැයි කියන අය පරාජය කළ හැක්කේ දෙමළ ජනයාට අසාධාරණයක් වී නැත යන්න සිංහලයන් අතර තහවුරු කිරීමෙනි. එහෙත් අප කෙතෙක් උත්සාහ කළත් ඒ කිරීමට නොහැකි වී ඇත. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නය අවුරුදු විසිපහකට අධික කාලයක් අසා ඇති නමුත් ඒ සමග වෙනත් කරුණු අතර මෙරට දෙමළ ජාතිවාදයක් දේශපාලනික ව අඩුම තරමෙන් 1833 සිට ඇති බව පෙන්වා දී ඇති නමුත් සියළු සංස්කෘතීන් සමාන යන අරූතින් මෙරට ඊනියා බහු සංස්කෘතික රටක් නොවන බවත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව පිළිගත යුතු බව පෙන්වා දී ඇති නමුත් දෙමළ ජනයාට ඊනියා ප්‍රශ්නයක් තිබුණත් උතුරට හා නැගෙනහිරට පමණක් බලය බෙදීමෙන් අනෙක් පළාත්වල සිටින දෙමළ ජනයාගේ ඇතැයි කියන ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අසා ඇති නමුත් ඒ එකක්වත් සිංහල සමාජය විසින් පිළිගැනී නැත. මේ සියල්ලටත් වඩා අප පරාජය වන්නේ බටහිර දැනුම නිසා ය යන්න උගත් සිංහලයන් කිසි දිනෙක නො පිළිගනු ඇත. අශෝකගේ සංස්කෘතික ආක්‍රමණයක් ගැන කතාකරන්නකුට සිංහල බෞද්ධ සමාජයෙහි කිසිදු ඉඩක් තිබිය හැකි නො වේ. සිංහලයෝ, විශේෂයෙන් ම උගත්තු අපට සවන් නො දෙති. එසේ තිබියදීත් අපේ කරුමය අපට නොලියා සිටීමට නොහැකි වීම ය. 
අසූවේ අගභාගයේ හා අනූවේ දශකයේ මෙරට ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් විය. එහෙත් විසිවැනි සියවසේ අගභාගය වන විට ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කෙරිණි. පළමුව චම්පක රණවකත් පසුව විමල් වීරවංශත් එකී දේශපාලනීකරණයෙහි දී මූලික ව කටයුතු කළහ. දේශපාලනීකරණයට ලක් වූ ජාතික ව්‍යාපාරය මහින්ද තම අතට ගත්තේ ය. ඉන් පසු ජාතික ව්‍යාපාරයට හිස එසවීමට නො හැකි විය. අවාසනාවකට සියල්ල මහින්ද කේන්ද්‍රීය ව ගොඩ නැගී ඇත. සිංහලයන්ට වෙනත් නායකයකු පෙනෙන තෙක් මානයක නැත. තම තමන් නායකයන් බව ඒත්තු ගැන්වීමට අදහස් කරන අය පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ ක්‍රියා කරති.
මහින්ද මෛත්‍රිපාල හමුවේ ප්‍රතිඵල සියල්ල අපට දැනගැනීමට නො හැකි වනු ඇත. එහි දී මහින්ද පිළට ජී එල් පීරිස් හා ඩලස් අලහප්පෙරුම අයත්වනු ඇතැයි කියැවෙයි. මේ දෙදෙනාගෙන් එක් අයකුවත් මහින්දගේ ජනවාරි අටවැනි දා පරාජයෙන් මසක් පමණ වන තුරු සොයා ගැනීමටවත් නොහැකි වූ බව මහින්ද දනියි. එහෙත් ඔවුහු අද මහින්ද සමග වැදගත් සාකච්ඡාවකට සහභාගි වෙති.   
මෙරට දේශපාලනය ඉදිරි සති කිහිපයෙහි තීරණය වනු ඇත. මෛත්‍රිපාල දහනවය සම්මත වීමෙන් පසු ශක්තිමත් වී ඇති බව අමතක නොකළ යුතු ය. දහනවය පරාජය කිරීමට මහින්ද නායකත්වය නොදීම රටට ම බලපාන කරුමයක් වී ඇත.
නලින් ද සිල්වා
2015 මැයි 06

14 Responses to “සිංහලයන්ට නායකයකු නැද්ද?”

  1. Senevirath Says:

    සිංහලත්වය එසවීමට ක්‍රියා කරනවාද නැත්නම් මයිත්රීලා කියන ඕනෑම දෙකට හිසනමනවාදය් මහින්ද තිරුපති ගොස් ඇවිත් තීරණය කරනු ඇත .

  2. Ben Silva Says:

    Tamils have racist TNA to protect their interests. Unfortunately the Sinhalese have no such organisation. There are enough websites protecting Indian myths, I am not sure if there is a website to protect Sinhalese.

  3. Independent Says:

    සිංහලයන්ට සිංහලත්වය ඇත්තටම අමතකවී බොහෝ කල්‍ ය​.
    නමුත් බෞද්ධ සිංහලයන්ට තම ආගම අමතක නොවින​. මිත්‍යා මත වරින් වර ඉදිරියට ආවත්, බටහිර රටවල පවා තර්කානුකූලව පැතිරීයන දහම සිංහලයින්ට තම සිංහලකම “හරි ලෙස​” ප්‍රචලිත කිරීමට දිරියක් විනි.
    නලින් ගේ කතාව කෙසේවෙතත්, ගම් නියම්ගම් පන්සල් හරහා නැගීසිටි තරුණ බලවේගය, හමුදාමය මෙන්ම​ (පැකිලෙන සුලු) දේශපාලන නායකත්වක් යටතේ කුරිරු දෙමළ ත්‍රස්තයෝ පමණක් නොව අන්ත කුරිරු ,අධම, දුශ්ඨ ඉන් දියානු බලවේගය පවා පරාජය කළේ එහි ඇති සැඟවුනු අදෘශ්‍යමාන අසමසම නිර්මල ශක්තිය නිසයි. නලින් ද ඒ ශක්තියේ ප්‍රබල දායකයෙකි.

    එහෙත් 2010න් පසුව දේශ්පාලුවෝ මේ ශක්තිය තමන්ට ආරූධකරගෙන පිස්සු නැටුවේ කට්ටඩියා දෙවියා තම්න් බව සිතා ගනිමිනි.
    සත්‍යයපසුපස ආසනය ගනිද්දී සිංහලකම විනාශකිරීමේ බලවේගයන් ක්‍රියාත්මක වුනේ ජාතිවාදයක් ඉදිරියට තබා ගැනීමෙනි. මෙය නිර්මල නැත​. මෙය නිවටය​. මෙය දුර්වලය​.
    නලින් වැන්නන් පසුනොබැස නිවැරදි නායකත්වයක් මුලසිටම ගොඩනැගීමට නැවත පෙරදැරි විය යුතුය​.

  4. cwije Says:

    Asking if Sinhalayas have a leader was not what the late Ven. Gangodawila Soma had asked. Except for the poor Catholic Sinhala group the future of Sri Lanka depends on the question of why the Sinhala BUDDHISTS have no leader or why SB leaders and monk leaders are so dis-united and jealous of each other. For example, for the rich or black-white Christians Sri Lanka history begins in 1505.

    Ask them what they think of the Ruwan Veli Maha Saaya. For them and the Marxists it is a heap of a foolish king’s bricks.

    So Nalin should not dilute his position by taking a wider politically correct group of Sinhalayas, instead he should concentrate on Sinhala Buddhists.

    Talking about the lost rights of SB’s is the right thing and the Middle Path means Buddhists will be reasonable to other groups. I am writing a longer response to Nalin as a separate essay.

    Since Nalin has done great service to SB’s he has no reason to be a cry baby now. He should try to either get MR out of new politics or get him give up Interfaith and Multi-ethnic jokes and become anti-13A man. This should be Nalin’s new mission.

  5. charithsls Says:

    Nalin ,you should write what is the reason why MR dodged not to go against the 19A;did he think he could not muster enough support in the parliamentary group loyal to him (who are scared of nominations),did he think he would not be in his best in five years time (mentally & physically, considering his age) to have a shot at the Exe Presidency or is it for fear of all investigations looming large against his family or something else we don’t see. I tend to think it is the last. His family (if he himself not ) seemed to have put him into a corner that he puts his family over the country naturally;then he himself cannot abdicate the wrongs he did to SF who was in the same plight with similar allegations of under hand dealings. Although we all took MR’s side at the time,MR should not have jailed the war hero & prosecuted his family, not that we concede to fraud but it is an inherent part of our politics (& at lease if all these turn of events will purify our politicians in the future for fear is a real bonus).More than Ranil or MS is it SF who will be very keen to see the same be fallen on MR & GR & so & chasing all these investigations;if so, we can’t blame SF too then.I don’t thnk MS’ll give him PM post,he is under obligation so MR should rally all patriotic forces,should not go against BBS who themselves should whitewash a bit of their western public image of a brutal gang by engaging in eye catching peaceful country wide events etc.

  6. Christie Says:

    Namaste: ඊලන්ග ඉදියානු ආන්ඩුකාරය කවුද? Jai Hind

  7. Christie Says:

    ඉන්දියානු ජඩයෝ
    කොලොම්බ කඩකාරයෝ
    තමඉ බලා
    ගන්නේ
    පරපුටු ඝනයෝ දේශපාලකයෝ
    මේක තමඉ
    පනස් හයේ
    ඉන්දන්
    දෙදස්පහට
    ආයෙ ඉතින්
    පහලොවෙ සිට
    Jai Hind

  8. Dr.K Says:

    සිංහලයන්ට නායකයෙක් නැත. සිටියේනම් ඒ විජය ආක්‍රමණයට පෙරය. මෑත යුගයේ දෙමළ ත්‍රස්තවාදය මැඩලන තුරු මහින්ද එතන සිටියේය. එහි ගෞරවය තවමත් කවදත් සිංහලයාගෙන් ඔහුට හිමිවෙනු ඇත. නමුත් අවාසනාවකට ඔහු දෙවන වටයේ සිට ඉදිරියට කටයුතු කළේ අනෙකුත් සියළුම ශ්‍රී ලාංකීය දේසපලකයන් කටයුතු කරණ ආකාරයමය.

    ශ්‍රී ලංකාවේ දේශපාලන කරුවන් නායකයන් නොව ව්‍යාපාරිකයන්ය. ඔවුන් ඒ ක්ෂේස්ත්‍රයට එක්වන්නේ රටට හා ජනතාවට නායකත්වයක් දීමට නොව තමාගේ ආදායම් තරකර ගැනීමටය. ඔවුන්ට තමාගේ රට බල්ලට, කොටියට හෝ බුරුවාට ගියත් එය නොපෙණෙන තරමට මෝඩ පණ්ඩිතකම ඉහවහ ගොස්ය. එය තේරුම් යනකොට සිංහල ජාතිය වඳ වී ගොස්ය.

  9. cwije Says:

    Dr.K,

    What was the end result of defeating Prabakaran? MR gave TNA the pen to get Eelam. Who can deny this?

  10. Dilrook Says:

    Dear Prof Nalin de Silva:

    Your past moves against 13A and the ‘package’ are very much appreciated. Those campaigns must be relaunched today. Your writings are not a waste of time. Those who are concerned about the nation long to read your articles. Please keep writing. Disagreement is not disengagement. However, the Mahinda group cannot find traction in the electorate without promising to abrogate 13A. This vital matter must be discussed without pushing it under the carpet. Almost all gatherings of patriots discuss how to cancel 13A in some shape or form.

    Lalith Weeratunga and Gotabaya Rajapaksa made it very clear 13A is a white elephant and a threat to the nation that must be abrogated.

    [Quote] දහතුන ඉවත් කිරීමට නම් පළමුවෙන් දෙමළ ජනයාට අසාධාරණයක් වී නැත යන මතය තහචුරු කළ යුතු ය. [Unquote]

    There is no such requirement. Even Tamils are not satisfied with 13A; they want more. So even if ‘injustices’ have been committed against Tamils as claimed, 13A is not the fix according to Tamils.

    The main concern should not be Tamils but the nation – Sri Lanka. 13A puts the nation in mortal danger and therefore it should be removed as soon as possible.

    As no established political leader takes up the challenge of removing 13A (the Balkanisation tool which has already caused plenty of problems and which is now being used to federalise and divide the nation), it is correct to say Sinhalas have no leader; Sri Lanka has no leader.

    When we tell people there is a US-India conspiracy to Balkanize the island nation following regime change which was also engineered by them, most people don’t believe it. They argue, correctly, if it were true, why doesn’t Mahinda vow to abrogate 13A – the Indian tool to divide the country and create an Indian vassal provincial council in the north and the east?

    We should not wait till another election is over to realise this the hard way, again. As the January 2015 election result showed (as I predicted since 2012), without promising to abrogate 13A, Mahinda has little chance of making political headway in current conditions.

  11. Independent Says:

    සිංහල බෞද්ධයෙක් අවංකව යමක් කියනවිට ඊට පුලුවන්තරම් ජඩකම් කරන එවුන් සිංහලයෝද ?
    මුන් නිසා මුලු ජාතියම විනාශ වේ.

  12. cwije Says:

    The million dollar question is even if MR says he will remove 13-A, can we trust him?

  13. charithsls Says:

    Is it in fact useless even if MR leads his party to a victory at the election with a majority as you want, MS can still form a national govt with his MPs & UNP MPs, combined together having a larger majority? Ranil is the PM, whether he loses or not at the election?? Are we not in a soup? What is your opinion?

  14. Kumari Says:

    I am very optimistic about a Sinhalese Buddhist unification. They practiced democracy while other communities voted en-block. Lot of voters in the 6.2m votes of Sirisena are repenting to fall prey to this back stabber. Now they have realized the reasons behind the mud-slinging and b&c cries against MR prior to elections. Nothing is proved even after hundred days.

    If you have watched the parliamentary proceedings on the 19th A and Weerawansa’s speech presentation/s to the media on the subject, gave me lot of confidence. The opposition led by Dinesh Gunwardena did not allow an illegal, minority government to have their way in a final sell out of the country. I salute our hero/s in parliament for diluting the bill so much and taking powers of the president to the parliament and not to a pick pocket pm or an outside group. The current oppositions effort and actions can be compared with the same of our soldiers who died for the country.

    I am eagerly awaiting the much publiciised parliamentary elections. We need to get likes of Dinesh, Wimal, Gammanpila, Vasu to protect our country. What the west couldn’t do in the battle field, they are now doing in the legislative assembly. Where ever Americans get involved, there is chaos, terrorism and bloodshed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress