රනිල් පහකරමු
Posted on May 12th, 2015

නලින් ද සිල්වා

රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇත්තේ නීති විරෝධීව ය. ඔහු අගමැති ලෙස දිවුරුම් දුන් දිනයේ ම අපි ඒ බව පැවසුවෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකින් පසුව ආණ්ඩුව වෙනස් නො වේ. හිටපු ජනාධිපති පරාජය වීම නිසා හෝ තරග නොකිරීම නිසා හෝ වෙනත් අයකු ජනාධිපති වුවහොත් සිදුවන එක ම දෙය නව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සභාපති වීම ය. කැබිනට් මණ්ඩලයේ වෙනත් වෙනසක් නො සිදු වෙයි. අගමැති හා ඇමතිවරු වෙනස් නො වෙති. 

එහෙත් නව ජනාධිපතිට සිටින අගමැති අස්කිරීමේ බලය හිමි වෙයි. ඒ අනුව ඔහුට සිටින අගමැති ද ඒ සමග ඇමතිවරුන් ද අස්කර නව අගමැතිවරයකු හා නව කැබිනට් මණ්ඩලයක් පත්කළ හැකි ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු දි මු ජයරත්න අගමැති ධුරයෙන් අස් නො කෙළේ ය. එමෙන් ම දි මු ජයරත්න ද ඉල්ලා අස් නො වී ය. අද වන තුරු ද ඒ දෙකෙන් එකක්වත් සිදු වී නැත. එබැවින් අද ද අගමැති දි මු ජයරත්න ය.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීමට වූ කඩිමුඩිය හේතුවෙන් මෛත්‍රිපාලට දි මු ජයරත්න අස්කිරීමට අමතක විය. දි මු ජයරත්න අගමැති ව සිටිය දී ම මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් අගමැති ලෙස දිවුරුම් දෙනු ලැබිණි. එය නීති විරෝධී ය. රනිල් නීති විරෝධී පික් පොකට් අගමැතිවරයෙකි. ඔහුට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තිබුණේ ජනවාරි නවවැනි දා ම ය. එහෙත් ඒ මෙතෙක් පමා වී ඇත.

අද වන විට රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තවත් කරුණු එකතු වී ඇත. ඒ අතර සිංගප්පුර්ැ වැසියකු වූ ද සිංහලෙන් මුදල් නෝට්ටු අත්සන් නොකරන්නා වූ ද මහා බැංකු කොල්ලයක වගඋත්තර කරුවකු වූ ද අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත්කිරීම ද විය. රනිල් විසින් පත්කෙරුණු ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවකින් මහේන්ද්‍රන් නිදහස් කිරීමෙන් සිදු වී ඇත්තේ ප්‍රශ්නය යට ගැසීම පමණකි. එහෙත් රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාව තවත් විශ්වාසභංගයක් පමණක් වීමට ඇති ඉඩකඩ අධික ය.  

ඊනියා මහින්ද රෙජිමය අත් අඩංගුවට ගැනීම  පිළිබඳ ව ද රනිල්ට එරෙහිව චෝදනාවක් වෙයි. බටහිරයන්ගේ හා සිංහල විරෝධී සියල්ලන්ගේ අවශ්‍යතා හේතුවෙන් කෙරෙන මේ අත් අඩංගුවට ගැනීම් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ බටහිරට හා ඉන්දියාවට කන් නොදී  කොටින් පරාජය කිරීමට නායකත්වය දීම නිසා පළිගැනීමේ චේතනාවෙන් සිදු වෙයි. මෙහි අවසන් ඉලක්කය රාජපක්‍ෂවරුන් හා තවත් හතළිස් එක් දෙනකු ඊනියා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් දංගෙඩියට යැවීම ය. ඒ කොටින් පරාජය කිරීම නිසා ය. ඊනියා දූෂණ චෝදනා ඇස්වලට වැලි ගැසීම් පමණකි. 

අද සිදුවන ආකාරයට නම් නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න ආදීහු සුපිරි චරිත ඇත්තෝ වෙති. ඔවුන්ට විරුද්ධව කිසිදු දූෂණ චෝදනාවක් නැත්තේ ඔවුන් කිසිම වරදක් කර නොමැති බැවින් ද? නිමල් සිරිපාල ගෙනෙන විශ්වාසභංග යෝජනාවල අවසන් ප්‍රතිඵලය කුමක් වේ ද? ජෝන් අමරතුංගට එරෙහිව ගෙනා විශ්වාසභංගයට සිදුවූයේ කුමක් ද? 

රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෛත්‍රිපාල කිනම් ස්ථාවරයක් ගනී ද? ඔහු එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත. ඒ සඳහා ඔහුට බලපෑම් ද වෙයි. එසේ නැතහොත් දහනවවැනි සංශෝධනයේ දී කළ ආකාරයට විශ්වාසභංගය පැරදවීමට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට බලපෑම් කරනු ඇත. නීති විරෝධීව අගමැතිකම කරන රනිල් විශ්වාසභංගයකින් පහකළ යුතු ය. ඒ සඳහා පළමුව මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි ප සභාපතිත්්වයෙන් පහ කළ යුතු ය.

නලින් ද සිල්වා

2015 මැයි 12

 

8 Responses to “රනිල් පහකරමු”

  1. Christie Says:

    Namaste: The Presidential powers are at work and have done what the Indians wanted done. Jai Hind

  2. Dr.K Says:

    වත්මන් ජනාදිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වුයේ එහි ව්‍යවස්ථාවට පටහැනිවය. ඔහු ඉවත්කිරීමට උසාවි තිරනයක් ගතයුතුය. එයට ඉදිරිපත්වන්නෝ කවුරුද?

    රනිල් අගමැති වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිය. ඔහු ඉවතකිරීමට විශ්වාස භංග යෝජනාවක් වැඩි චන්දයෙන් සම්මත කරගතයුතුය. ඔහුට විරුද්දවන ඇමතිකම් දරණ දේශද්‍රෝහී ශ්‍රීලංකා පක්ෂ සාමාජිකයන් සිටීද ?

  3. Dr.K Says:

    රනිල් අගමැති වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිය. ඔහු ඉවතකිරීමට විශ්වාස භංග යෝජනාවක් වැඩි චන්දයෙන් සම්මත කරගතයුතුය. ඔහුට විරුද්දව චන්දයදීමට දැනට ඇමතිකම් දරමින් දේශද්‍රෝහීන් වශයෙන් කටයුතුකරණ ශ්‍රීලංකා පක්ෂ සාමාජිකයන් එකඟවේද ?

  4. Ratanapala Says:

    Aiyo Sirisena – Me tharam thama upan bimata drohi une monava gannada?

    Is it not possible to see that behind all this mismanagement stands an incompetent “waiter” waiting to see from where the next instruction comes. He commenced his dealings with Ranil saying – that he will continue to call him “Sir” – the subservient “waiter” – with apologies to the waiter profession. He takes instructions from Mangala the Gay boy, from Catholic John Amaratunge, from the Catholic Church and from the Christian West. He got highly elated by touching the hand of the English Queen. He nearly fell on the street when David Cameron came to meet him. The picture David Cameron seated giving Sirisena a ‘telling’ on how to govern speaks volumes for his subservience.

    The country has elected an incompetent person to be the President of Sri Lanka. Before going to Ranil, it is most appropriate to bring in a process to impeach the imposter to the post of President – Aiyo Sirisena!

  5. ranjit Says:

    MR-MS wedding will never take place as some thinks in the future or forever that is 100 % sure. MS became a traitor to the party and to the party boss in the first place and contested against the S.L.F.P. boss MR. He openly blame and harass MR & his family. Being the president of the S.L.F.P. party he allows Ranil & UNP to harass and intimidate and arrest his own party members at will. He openly condemns the work of the previous regime being in that Govt for 10 long years.He praise Ranil openly and they both go together and blame MR together in public. How can a person like that ever supports MR for Prime Ministerial post? It will never happen because these two have revengeful hearts against MR although MR treated both of them as human beings.

    All S.L.F.Per’s in the country must voice together and say”MY3 should be out” from the party and CBK too because they were not wanted by the majority of the S.L.F.P.er’s. MR must take over immediately and prepare for the next General elections to win it not to lose it. They must explain to the public about this Govt’s evil plans and what they did after Jan 8th 2015. How they formed the Govt and Governed,Who helped them to form a Govt (outside forces),Did they kept their promises, What concessions they have given to the Tamils & Muslims, What they did during the war,Batalanda, Death squads of UNP etc. People should know more about UNP atrocities during their times. Most of the heads of departments in this Govt were Tamils who helped LTTE openly during 2004-05 and they should be investigated for helping and aiding terrorists. UNP should be investigated for delivering Arms and Equipments during the war? We must rally round MR to defeat this terrorists funded UNP for no return to politics in the near future.

  6. Sarath W Says:

    Good on you Nalin for writing in Sinhala. It is the Sinhala masses we have to target as they are the ones who love our beloved Country. I wonder Sri Lankans there read Lanka web? .Or else you have to send your letters to Sinhala papers as well

  7. Kumari Says:

    Sooner we get rid of this curse of a pick pocket Ranil, fortunes will come back to the country and to all the people living in this once blessed land.

  8. janakic Says:

    Yes I agree that Mr. Sirisena should be ousted from the chairmanship of the SLFP and Mahinda should take his rightful place. Mr. Sirisena did not contest from SLFP and except for a few MPs, he was not supported by the SLFP at the last Presidential election. Mahinda was short sighted to give him the chair and the party is in a mess because of this action.
    Ranil should also be thrown out for reasons articulated in the main letter and the responses. UNP cannot get rid of Ranil from its leadership and he is trying to do the same to be in power as the Prime Minister for good. SLFP has and will continue to be sucked in by his surreptitious tactics through Mr. Sirisena. Let us hope that the proposed no confidence motion against Ranil would be a success so that democracy could be restored in our country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress