වහා මහා මැතිවරණයක්
Posted on May 13th, 2015

නලින් ද සිල්වා

මෛත්‍රිපාල රනිල් යමපාලනය පළාත් පාලන ආයතන විසුරුවා හැර කොමසාරිස්වරුන් යටතට පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එය මුළුමනින් ම ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකෑමකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතාවට ලැබෙන එකම  අයිතිය අවුරුදු කිහිපයකට වරක් තම නියෝජිතයන් විවිධ ආයතනවලට තෝරා පත්කර යැවීම ය. යමපාලනය ඒ අයිතිය ද කොල්ල කා ඇත. එසේ කොල්ල කෑමට ප්‍රධාන හේතුව වූයේ පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම සතු වීම ය. 

ඊනියා දින සියය අවසන් වී සති කිහිපයක් ගෙවී ගොස් ඇත. දින එකසිය පහකින් පමණ අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ නමුත් එය ද නො කෙරුණේ ය. මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් නැති බව පැහැදිලි ය. 

මෛත්‍රිපාල බලය අත්හැරීමට සූදානම් පුද්ගලයකු යැයි තමා හඳුන්වා ගනියි.ු එයින් නොනැවතී අනෙක් අය ලවා ද  මාදුළුවාවේ සෝභිත හිමි වැනි භික්‍ෂූන් වහන්සේ ලවා ද තමා බලය අත්හැරීමට සූදානම් පුද්ගලයකු ලෙස හඳුන්වා ගනු ලබයි. එහෙත් ඔහු තරම් බලයට කෑදර පුද්ගලයකු මෙරට දේශපාලනයේ මෑත ඉතිහාසයෙහි නොසිටිය බව පැහැදිලි ය. අගමැතිකම නුදුන් බැවින් පක්‍ෂයට ම ද්‍රෝහි වී පක්‍ෂය අත්හැර විරුද්ධවාදියාගේ පිළට ගොස් තරග කිරීමට තරම් තනතුරුවලට කෑදරකමක් තිබූ අයකු බලය අත්හැරීමට සූදානම් ය යන්නෙහි තේරුම ඔහු ජනතාවට දිය යුතු බලය පවා නොදෙන බව ය. මෙයින් කියැවෙන්නේ රනිල් වික්‍රමසිංහ යහපත් පුද්ගලයකු බව නො වේ.

අද දේශපාලනයේ යෙදෙන ප්‍රධාන පක්‍ෂ හා කණ්ඩායම් අතරෙන් අඩුම බලයක් ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායමට ය. ඔවුන් අද කිසිම මැතිවරණයකට සූදානම් නැත්තේ එබැවිනි.  ඔවුන්ට හැකියාව ඇත්තේ මැතිවරණ කල් දැමීමට පමණ ය. ඔවුන් සිතා සිටින්නේ තව අවුරුද්දක් පමණ යනවිට ඔවුන්ගේ දේශපාලන අයිතිය තහවුරු වන බව ය. එහෙත් ඒ කිසිදාක සත්‍යයක් බවට පත්වන්නේ නැත. 

අද ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බලවත් ම බාධකය මෛත්‍රිපාල සිරිසේන ය. ඔහුට පක්‍ෂයේ සභාපති විමට සූදුසුකම් නැත. එහෙත් ඔහු පක්‍ෂ සභාපතිකම පික්පොකට් ගසා ඇත. ඔහු පක්‍ෂ සභාපතිත්වයෙන් ඉවත්කර රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙන් පහකිරීම ශ්‍රී ල නි පක්‍ෂයේ වගකීම වෙයි. අද මහින්ද කණ්ඩායම සටන් වැදිය යුත්තේ මහා මැතිවරණයක් ඉල්ලා සිටිමිනි. ඒ අතර පක්‍ෂ අභ්‍යන්තරයේ පක්‍ෂයේ සභාපතිකම එය නීතියට පටහැණි ව උසුලන මෛත්‍රිපාලගෙන් උදුරා ගැනීමට ද ඔවුන් සටන් කළ යුතු ය.

එය කළ යුත්තේ කෙසේ දැයි වඩාත්ම හොඳින් දන්නේ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ම ය. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් විය යුත්තේ රටේත් ජාතියේත් සුභ සිද්ධිය වෙනුවෙනි. මෛත්‍රිපාල අද වන විට ශ්‍රී ල නි පක්‍ෂයට බාධාවක් වී ඇත. ඔහු පක්‍ෂයේ සභාපති ලෙස සිටින විට අගමැතිට හෝ ඇමතිවරුන්ට හෝ විරුද්ධ ව ගෙනෙන විශ්වාසභංග යෝජනා ජයගැනීමට නොහැකි වනු ඇත. එයට ප්‍රධාන හේතුව ඔහු ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට බලපෑම් දැමීම ය. 

මෛත්‍රිපාල ස්වෙච්ඡාවෙන් මහා මැතිවරණයක් ලබා නො දෙයි. පළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා කොමසාරිස්වරුන් යටතට පත්කිරීමට සූදානම් වෙයි. බලයට කෑදර නැතැයි කියන බලය අත්හැරීමට සූදානම් යැයි කියන පුද්ගලයන් ක්‍රියා කරන්නේ එලෙස ද? ශ්‍රී ල නි පක්‍ෂ මහින්ද කණ්ඩායම පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට මෛත්‍රිපාල සිරිසේනට බල කළ යුතු ය. 

නලින් ද සිල්වා

2015 මැයි 12

2 Responses to “වහා මහා මැතිවරණයක්”

  1. Hiranthe Says:

    My3 has taken the entire nation for a ride!!

    Can this be possible in any other country?? I doubt very much.

    We are such a short sighted nation… no long term love towards the country. Almost everyone is dreaming to migrate to western countries… They do not realise that the paradise on earth is in this Island.. By the time they realise, another monster has come up with a strong head, hard to chop out.. Then struggle for many years until the next Prince Diyasena comes up and defeat the monster… and then after another 10 years.. ditch the Prince Diyasena and go marry with the baby monsters again….

    This will end only on the day we think as real Sinhela nation… not through colonial masters glasses…

  2. ranjit Says:

    Yes MR team must force this Govt to dissolve the parliament at once and call for General elections without any delay. My3 was a liar from the day one. He lied to the nation not once but many times after he hop stepped and jumped to the other side to contest against the party Boss of his. He said he will Govern from Pollonnaruwa. He said he will give all his powers to the Parliament after 100 days. He said no more cut outs of him anywhere in the land. He said he will never allow any armed force to be taken out from the North. He said A TO Z so many things which he too forgot by now. He is a damn liar with no no shame on his part.

    Western and Indian parasites are planning again to give power to the same group of traitors. We need to be vigilant and put our sources everywhere to check their evil plans. MR team must exposed their secret plans to the people and get the people rally behind them to win the elections. Sira will not do anything good for the party being the party boss so better all S.L.F.Per’s leave him to play with Ranil and join MR to organize and have rallies around the country to explain Jarapalanaya from A to Z.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress