සිරස මාධ්ය ජාලය තුල සිදුවන බොදු බල සේනා විරෝධී ඒකපාර්ශවීය මාධ්යකරණය – One Sided Media Reporting against Bodu Bala Sena(BBS) at Sirasa Media Network
Posted on May 15th, 2015

කථිකාචාර්ය දිලන්ත විතානගේ ප්‍රධාන විධායක නිලධාරී – බොදු බල සේනා 

15 මැයි 2015

 සභාපති,

The Capital Maharaja Organization Ltd හා

MTV Channel (Pvt) Ltd

146,ඩෝසන් පාර,

කොළඹ 2 

 හිතවත් මහත්මයාණනි,

 සිරස මාධ්‍ය ජාලය ( MTV Channel (Pvt) Ltd) තුල සිදුවන බොදු බල සේනා විරෝධී ඒකපාර්ශවීය මාධ්‍යකරණය – One Sided Media Reporting against Bodu Bala Sena(BBS) at Sirasa Media Network(MTV Channel (Pvt) Ltd)

 පසුගිය වසර  තුන තුලම විවිධ අවස්ථාවලදී  ඔබ ආයතනයේ  එනම් The Capital Maharaja Organization Ltd ට  අයිති MTV Channel (Pvt) Ltd අනුබද්ධිත  මාධ්‍ය වැඩසටහන්වලදී ශ්‍රී ලංකාවේ ලියාපදිංච් නීත්‍යානුකුල සංවිධානයක් වන “බොදු බල සේනා” ජාලයට එරෙහිව   හා එහි කීර්ති නාමයට අගතියක් වන ප්‍රකාශ කිරීම දක්නට ලැබුණි. විශේෂයෙන් ” මින්නල්” වැඩසටහන තුල දෙමළ කතා කරන ජනයා ඉලක්ක කොට මේ බව සිදු වන බව අපට හිතවත් හින්දු සහෝදරවරුන් රාශියක් හා මුස්ලිම් හිතවතුන් කිහිපදෙනෙකු දැනුම් දී ඇත. එයට අමතරව බොහෝ වැඩසටහන්වලදී විවිධ පාර්ශවයන් විසින් “බොදු බල සේනා” විරෝධී ප්‍රකාශ කරනු ලබන අතර එම ප්‍රකාශ පිලිබඳ අපගේ මතය ප්‍රකාශ කිරීමට කිසිදු අවස්ථාවක් දී නොමැත.මෙය සැලසුම් සහගතව කෙරෙන බව පැහැදිලිය. 

 ඔබ ආයතනය විසින් අපගේ මාධ්‍ය සාකච්ජා හෝ වැඩසටහන් ආවරණය කිරීමට කිසිදු විටක කටයුතු නොකිරීමේ ප්‍රතිපත්තියක් අප්‍රකාශිත්ව ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි. එබැවින් අප පිලිබඳ සත්‍ය දැන ගැනීමට “සත්‍ය වාර්තාකරණය” වෙනුවෙන් පෙනී සිටින ඔබ ආයතනයට දුෂ්කර බව අප හොඳින්ම දනිමු.  මෙලෙස ඔබ ආයතනයේ මාධ්‍ය තරංග ඔස්සේ  බොදු බල සේනා පිලිබඳ   “අර්ධ සත්‍ය” ජනතාවට දැනගැනීමට ඉඩ සැලැස්වීම යනු  යනු  බොදු බල සේනා පිලිබඳ  ව  “අර්ධ අසත්‍ය” වාර්තාකරණය කිරීමට වඩා “සාවද්‍ය වාර්තාකරණය සඳහා”  වූ  “සාධාරණ වූ-සිරසක් රහිත”  උත්සාහයක් නොව “අසාධාරණ සිරසක් සහිත” උත්සහයක්   ලෙස අපි  දකිමු. වගකිව යුතු එමෙන්ම සත්‍ය වාර්තාකරණය කරනු ලබන  මාධ්‍යකරණයක සසදාචාරාත්මක භාවිතය වනුයේ යම් නීතිමය වශයෙන් පිළිගත හැකි සංවිධානයකට එරෙහිව ප්‍රකාශ කිරීමේ දී එම ආයතනයටද සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දීමයි. පසුගිය වසර කිහිපය තුලම එවැනි සදාචාරාත්මක මාධ්‍යකරණයක්  ඔබ ආයතනයෙන් බොදු බල සේනා සම්බන්ධයෙන් ඉටු නොවුණු බව අපගේ මතයයි.

 අප සංවිධානයට හා කීර්තියට මේ නිසා විශාල හානියක් හා අගතියක් සිදු වී ඇති බැවින් පසුගිය කාලය තුල සිදු වූ එවැනි වැඩසටහන් පිලිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔබට දැනුම් දෙමු. මෙම සාවද්‍ය වාර්තාකරණය නිසා සිංහල බෞද්ධයින් පිලිබඳ අන්‍ය පිරිස් වලට වැරදි හැංගීම ඇතිවියහැකි අතර එය මේ රටේ සමාජ ඒකාබද්ධතාවයට හානි කිරීමක් ලෙස අපි දකිමු.

 ඉදිරියේදී අප සංවිධානයට අගතියක් වන ප්‍රකාශ කිරීම පිලිබඳ සුපරිකෂාකාරී වන ලෙසත් එලෙස අපට එරෙහිව කරනු ලබන ප්‍රකාශ වලට පිළිතුරු දීමට අවස්ථාවක් ලබා නොදුනහොත් ඒ සම්බන්දව අවශ්‍ය නීතිමය හා අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගනු ලබන බවත් අවවාදාත්මකව දැනුම් දෙමු.

 ඊයේ එනම් 2015 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 10 ට පමණ සිරස මාධ්‍ය ඔස්සේ විකාශය වූ වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා  සමග කරනු ලැබූ සාකච්ජාවෙදීද මෙලෙසම අප ආයතනයේ නම් සඳහන් කරමින් සාවද්‍ය චෝදනා ඉදිරිපත් කර ඇත. එවැනි චෝදනා කිරීමට ඕනෑම කෙනෙකුට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අප විසින් ගරු කරනු ලබන අතර එහිදී අප සංවිධාන වන “බොදු බල සේනා ජාලය” හා “බොදු බල සේනා දේශපාලන පෙරමුණ” පිලිබඳ වැරදි චිත්‍රයක් මහජනතාව තුල ඇතිවිය හැකි  බැවින් හා එයට පිළිතුරු දීමට අපට අවස්ථාවක් ලබා දීමට ඔබ ආයතනය අපොහොසත් වීම තුලින් අපට   අපකීර්තියක් හා  අගතියක්  සිදු වන බැවින් මේ පිළිබඳව සාධාරණයක් ඉටු කරන ලෙස ඔබට දැනුම් දෙමු.

 ඉහත වැඩසටහන් වලට සහභාගී වූ ඕනෑම පාර්ශවයක් සමග ප්‍රසිද්ධියේ ඕනෑම වේදිකාවක විවාද කිරීමට බොදු බල සේනා සුදානම් බවත් “පාලු ගෙවල් වල වළං බිඳීම ” වැනි මෙම ඒකපාර්ශවීය මාධ්‍ය වලට සැඟවී වීරයන් නොවී අප සමග විවාද කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඇතුළු ඔබ ආයතනය ඔස්සේ අපට මඩ ගැසූ සියලු පාර්ශව වලට අභියෝග කරමු.

 අතීත අවස්ථාවලදී අප ආයතනයේ නිලධාරීන්හා සම්බන්ද වූ විවිධ  වැඩසටහන් වලදී ඔබ ආයතනය ලබා දුන් සේවයද මෙහිදී අගය කරමු. 

ස්තුතියි

තෙරුවන් සරණයි.

කථිකාචාර්ය දිලන්ත විතානගේ

ප්‍රධාන විධායක නිලධාරී – බොදු බල සේනා 

( දුරකථන : 0773219677/0773218650 ,  viber : 0773218677 , skype : dilanthe.withanage, email : dilanthe.withanage@gmail.com )

පිටපත : පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  

2 Responses to “සිරස මාධ්ය ජාලය තුල සිදුවන බොදු බල සේනා විරෝධී ඒකපාර්ශවීය මාධ්යකරණය – One Sided Media Reporting against Bodu Bala Sena(BBS) at Sirasa Media Network”

  1. Independent Says:

    බොදු බල සේනා දියත් කිරීමට කාලය​ පැමින ඇත​. බුදුරජාණන් වහන්සේට නිගා නොකොට​, හැකිනම් ගෝඨාබය වැන්නෙක් පෙරදැරිකරගෙන් වහාම දියත් කරන්න​. නැතිනම් සිවුරු ගැලවුවොත් අපේ හාමුදුරුවෝත් නරනක නැත​.

  2. Christie Says:

    Namaste: සිරස කියන්නෙ ඉන්දියානු ජඩවාදයේ ඉන්දියානු අදිරදවාදයේ කොටසක්. උන්ගෙන් සින්හල්යින්ට හම්ම්බුවෙන්නෙ බම්බුව තමයි. මුලදි සප්පොර්ට් කලේ සින්හලයින් බොදු මුස්ලිම් කිරිස්තියානු කියල සින්හලයින් බෙදල දෙමල චන්දෙන් සිරිසේනව දිනවන්න. දැන් වැඩේ හරි දානෙට තොසේ කාපල්ලා කොත්තමල්ලි බීපල්ලා Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress