මැතිවරණය හා සිවල් සමාජ මාෆියාවේ වත්මන් භූමිකාව
Posted on August 3rd, 2015

ඉසුරු ප්රසංග

නමුත් ඉංග්රීසීන්ගේ නුවණින් සහ දක්ෂකමිනුත් කැරලිවලට මුල් කාරයෝව සිටියවුන්ගෙන් එක එකා අල්ලා ගත් බැවින් එඬේරෙක් නැති බැටලූ රැලවල් මෙන් කැරළිවලට බැඳී සිටි අයවල් මංමුලාව ගියාය. මින්පසු නැවතත් සෑර් රොබට්ස් බ්රවුන්රිග් උතුමාණන් වහන්සේ සහ සිංහල මනුෂ්යයන් අතරේ අලූත් ගිවිසුමක් ඇති කරගත් නිසා ප්රථම තිබි ලෙසටම සමාදානය පැතිරී ගියාය. මෙවක් පටන් අදවන තුරුම ඉංග්රීසිවරු යටතේ බොහෝ යස ඉසුරුමත් කමකින් සහ ඉතා සමාදානයෙන්ද ලංකාව පවතිනවාය. සීලාචාරකම් දියුණුවීම්ද පාරවල් ආදිය සෑදීමට පදිංචිකාරයන්ගේ සුබ සිද්ධිය ඉශ්ඨ කරදීමට ඕනෑ කරන සියලූ දේවල්ම ආණ්ඩුව විසින් ඉෂ්ට කරදී තිබෙනවාය.
ජෝන් පෙරේරා 
ක්රි.. 1853දී නිකුත් වූ ශාස්ත්රාලංකාරය සඟරාවෙනි.

අතීතයේදී සුද්දා මේ රට සෘජුව යටත් කරගෙන තලා පෙලා පාලනය කරන කාලයේ සිටම සුද්දා වෙනුවෙන් මතවාද සකස්කළ දේශීය උගත්තු හා පඬියෝ රැසක් මෙරට වූහ. ඉංග්රීසි වරප්රසාද හරහා උගත් හම පොරවා ගත් මේ පිරිසේ කාර්යය භාරය වූයේ සිංහල බෞද්ධ සංස්කෘතියට, දේශීය සම්ප්රදායන්ට, බුදු සසුනට අවමන් කරමින් සුද්දන්ගේ යටත්විජිත කොල්ලය සාධාරණීකරණය කිරීමය. ඔවුන් සුද්දා දුටුවේ අප කෙරේ වූ පතල මහා කරුණාවෙන්, අපේ නොදියුණු හිඟන රටවල් ශිෂ්ඨ සම්පන්න කිරීමට පැමිණි දෙවිදේවතාවුන් පිරිසක් ලෙසය. ඉහත දක්වා ඇත්තේද එකී වර්ගයේ උගතෙකුගේ මනෝභාවය පිළිඹිබු කෙරෙන සටහනකි. එකළ බිහිවූ පුවත්පත් සඟරා සෑම එකකම පාහේ විජාතික බලවේග හා ජාතික බලවේග අතර මේ මූලික ගැටුම තියුණුව දක්නට ලැබිණි.

අද සුද්දා සෘජුව මේ රට පාලනය නොකළද බටහිර යටත්විජිතවාදය අදද ලෝක පරිමාණයෙන් ක්රියාත්මක වන්නකි. එදාට වඩා බොහෝ දියුණු තියුුණු උපක්රම හා විසිතුරු මුහුණු ඔස්සේ යටත්විජිතවාදය වෙනුවෙන් පෙනී සිටින උගතුන්, කලාකරුවන්, ලේඛකයන්, මාධ්යවේදීන් රාශියක් මේ මොහොතේද අප අතර සිටිති. සාමාන් වහරේදී සිවිල් සමාජය, සමාජ ක්රියාකාරීන්, විකල්ප බුද්ධිමතුන් ආදී නම්වලින් ඔවුහු තමන්ව හඳුන්වා ගන්නා අතර පසුගිය ජනාධිපතිවරණයේදී පුරවැසි බලය, අලූත් පරපුර, වීදියේ විරෝධය ආදී සංවිධාන ඔස්සේ මහා යහපාලන වංචාව වෙනුවෙන් පෙනී සිටි මේ පිරිස මෙවර මැතිවරණයේදීද මහින්දට එරෙහිව එක පෙරමුණකට ගාල්වී සිටිති. නිසාම මොවුන්ගේ භූමිකාව කුමක්දැයි මේ මොහොතට අදාලව සැකෙවින් විමසා බැලිය යුතුව තිබේ.

ngo 3 copy

මෙකී විකල්ප ගෝත් ක්රියාකාරිත්වය බොහෝ දුරට ඊනියා මතවාදී ලෝකය ආශ්රය කර ගත්තකි. පොදු සමාජය තුළ නැතත් රටේ මතවාදී සමාජය තුළ ඔවුන්ට කිසියම් ආධිපත්යයක් තිබේ. මේ ආධිපත්යය රාවය වැනි පුවත්පත්, වාර සඟරා, වෙබ් අඩවි, සංවාද, සම්මන්ත්රණ හා කොළඹ මැදි කර ගත් විවිධාකාර වැඩසටහන් ඔස්සේ ව්යාජ ලෙස ගොඩනඟා ගත්තකි. නොතේරෙන බසින් ලියන විචාරකයන්, ලිංගික අඩස්සියෙන් පෙලෙන සිනමා කරුවන්, එක්සත් ජාතීන්ට කේලාම් කියන ත්රී රෝද වාමාංශිකයන්, හොද්දක් හැඳි ගා ගන්නට නොදත් ස්ත්රීවාදිනියන් ආදී නාටකීය චරිත රැසක් මේ ගෝත්රයට අයත්ය. රටේ කිසිදු වැදගත් ප්රශ්නයක් පියවි සිහියෙන් විග්රහ කර ගැනීමට ඔවුන්ට හැකියාවක් නැතත් සාමාන් මිනිසුන් ඉදිරියේ බුද්ධිමය වේශයක් මවාපෑමට ඔවුන්ට යම් හැකියාවක් තිබේ. ඔවුන් බොහෝ විට රැඩිකල් හා උග් වාමාංශික මුහුණක් පෙන්වුවද ඔවුන්ගේ පැවැත්ම එන්ජී සංවිධාන වැනි අන්ත දක්ෂිණාංශික ආයතන ආදිය මත රඳා පවතින්නකි. එය ඔවුන්ට නිල හා නොනිල වශයෙන් අති විශාල ආර්ථික වාසි හා කය පිනවන සැප සම්පත් උපයා ගත හැකි ක්ෂේත්රයක් වෙයි. එන්ජී සංවිධාන සමඟ නිල හෝ නොනිල සම්බන්ධතා තිබුණද නොතිබුණද මේ සියලූ දෙනා මතවාදීමය වශයෙන් එන්ජී කාරයෝ වෙති. මතුපිටින් මාක්ස්වාදී, ලිබරල්වාදී, පශ්චාත් නූතනවාදී ආදී වශයෙන් අති විශාල විවිධත්වයක්, විචිත්රත්වයක් ඔවුන්ගේ මතවාද තුළ දක්නට ලැබුණද සියලූ අදහස් එකම මහා පොදු හරයක් වටා කේන්ද්රගතව තිබේ. අනුව මේ ගෝත්රයේ මතවාද හා ක්රියාකාරකම් තුළ ඇති මූලික පොදු ලක්ෂණ කීපයක් පොදු පාඨකයාට වටහාගත හැකි ආකාරයට මෙසේ සැකෙවින් පෙළ ගැස්විය හැකිය.

එදා සිටම අතිශය පක්ෂග්රාහී ලෙස කොටි ත්රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මතවාදීමය ලෙස පෙනී සිටීම. කොටි පරදවා රටට සාමය උදාකළ බලවේග සහ රණවිරුවන් සමඟ මාරාන්තික වෛරයකින් පසුවීම.
මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, බුදු සසුන, ජාතික වටිනාකම් හා හර පද්ධතීන්ට පහර දෙමින් සමාජ පාදඩකරණයට දාර්ශනික දායකත්වයක් සැපයීම.
බටහිර අධිරාජ්යවාදය යනුවෙන් යමක් නොපවතින බව හෝ එයින් අප වැනි නොවැදගත් රටවලට කිසිදු තර්ජනයක් නොමැති බව සහ එය හුදු මවා පෙන්වන බිල්ලෙක්, මිත්යාවක් බව විවිධ ක්රමෝපායන් ඔස්සේ නිතර නිතර අවධාරණය කිරීම.
සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරේ උතුර හැලෙන වෛරයකින් පසුවීම සහ ජාතිවාදයට එරෙහි වීමේ නාමයෙන් රටේ පදනමට පහර දෙන අතරේ කොටි ත්රස්තවාදය හා මුස්ලිම් අන්තවාදය වැනි අන්ත මිලේච්ඡ ජාතිවාදී ප්රවණතාවන්ට නිර්දය ලෙස අනුබල සැපයීම.
ලෝකය පිළිබඳ මිනිසුන් පිළිබඳ කිසිදු ආදරයකින් හෝ සමාජ වගකීමකින් තොර, යටත්විජිතවාදයට පහසුවෙන් හීලෑ කරගත හැකි බාල නිස්සාර ගංජා පරපුරක් තැනීම අරමුණු කරගත් අන්ත නරුමවාදී කලා සාහිත් කථිකාවක් ගොඩනැඟීම සහ වෙනුවෙන් ශාස්ත්රීය දැනුම අතිශය සාපරාධී ලෙස අවභාවිතයේ යෙදවීම.
මතුපිටින් වාමාංශික මාක්ස්වාදී හා පශ්චාත් නූතනවාදී, ප්රජාතන්ත්රවාදී වෙස් මවා පෙන්වුවද ක්රියාවෙන් කොන්දේසි විරහිතව බටහිර යටත්විජිතවාදයට සේවය කිරීම හා එහි දේශීය නියෝජිතයා වන රනිල් වික්රමසිංහ වෙනුවෙන් සෘජුව හෝ වක්රව පෙනී සිටීම.

ngo  copy

එදා මෙදා තුර මොවුන්ගේ ක්රියාකාරීත්වයේ මූලික ස්වභාවය මේ ආකාරයට දැක්විය හැකිය. සියල්ලේද ඇති අවසාන පොදු හරය වන්නේ මේ පිරිස එදා සිටම බටහිර යටත්විජිතවාදයේ දේශීය කුලීකාරයන් ලෙස කටයුතු කිරීමය. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පරදවා විනාශකාරී යහපාලන කැඳහවුල බලයට ගෙන ඒමට මේ පිරිස මැදිහත් වන්නේද මේ කුලීකාර භූමිකාවට අයත් රාජකාරියක් ඉටුකිරීම සඳහාය. රටේ යහපාලනය පිළිබඳ අබැටක තරමේ හෝ අවංක රුදාවක් ඔවුන්ට ඇත්නම් ඊට විසඳුම ලෙස චන්ද්රිකා රනිල් හවුල තෝරාගැනීම තරම් බියකරු දේශපාලන විගඩමක් තවත් තිබිය නොහැකිය. මහින්ද පාලනයේ පැවති යම් යම් වැරදි හා මෝඩකම් නිසාම වෙනදාට වඩා යුක්ති යුක්ත ලෙස රට ඉදිරියේ රැඟුම් පෑමට මොවුන්ට යම් හයියක් ලැබුන බව ඇත්තකි. එහෙත් මොවුන්ට සැබෑම ආරෝව ඇත්තේ මහින්දගේ වැරදි සමඟ නොව මහින්දගේ හොඳ සමඟය. මහින්ද මේ රටට ලබාදුන් ජයග්රහණ සමඟය. ඔවුන්ට මහින්ද සමඟ ඇති ලොකුම ප්රශ්නය වන්නේ මහින්ද විසින් කොටි ත්රස්තවාදය පරදවා රටට සාමය උදාකරවීමත්, මහින්ද බටහිර නූතනත්වය ඉදිරියේ දනින් නොවැටුණු නායකයෙක් වීමත්ය. බෙදුම්වාදය ඉදිරියේ හතරට නැමෙන නායකයෙකු අතින් රටේ මහ බැංකුව සුද්දවුවද පිළිබඳ ඔවුන්ට කිසිදු ආකාරයක යහපාලන ගැටලූවක් මතුවන්නේ නැත.

මෙකී මූලික සන්දර්භය තුළ මේ පිරිස අද පමණක් නොව කවදත් මහින්දට එකසේ වෛර කළෝය. මහින්ද බලයට ඒමට පෙර සිටම මහින්දාගමනයට පිටුදුන් ජාතික බලවේගයට වෛර කළෝය. මහින්ද බලයට ආදා සිට ඔහු රටේ යහපත වෙනුවෙන් ගන්නා සෑම හොඳ තීරණයකටම මේ පිරිස එරෙහි වූහ. මහින්ද අතින් කොටි ත්රස්තවාදය පරාජය වීම ඔවුන්ට දැනුනේ තමන්ගේ මුළු මහත් ආත්මයම පහුරු ගා කීතු කීතු කොට ඉරා දැමීමක් ලෙසය. නිසාම 2010 ජනාධිපතිවරණයේදීද ඔවුහු තමන්ගේ ව්යාජ යුධ විරෝධය පසෙක තබා සරත් ෆොන්සේකා නැමති යුධ වීරයාගේ ජයග්රහණය වෙනුවෙන් කැපවූහ. අද මෛත්රී වෙනුවෙන් පෙනී සිටි තරමේ බලවත් ජවයකින් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නට එදා මේ නිවට බලවේගයට සවියක් නොතිබුණද ඔවුහු අනියමින් සරත් ෆොන්සේකාගේ ව්යාපාරයට විශාල අනුබලයක් සැපයූහ. එදා ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නට කලාකරුවන් නොසිටීමේ අවුල විසඳා දීමට මේ පිරිස මැදිහත් වූයේ කලාකරුවා දේශපාලන වේදිකාවලට ගොඩවීම පාපයක් බව පැවසීම සඳහා ජවිපෙ අනුග්රහයද සහිතව සම්මන්ත්රණ සංවිධානය කරමිනි. මෙදා රනිල්චන්ද්රිකා දූෂිත හවුල වෙනුවෙන් පෙනී සිටි වියන්ගොඩලා, ප්රසන්න විතානගේලා එදා අපට කීවේ දේශපාලන වේදිකාවලට ගොඩවීමෙන් කලාකරුවාගේ හෘද සාක්ෂිය මොකක්දෝ අනතුරකට පත්විය හැකි බවය. එදා මහින්ද තෙවරක් ඡන්දය ඉල්ලීම සඳහා ව්යවස්තාවක් සම්මත කරගත්විට මේ පිරිසට එය පෙනුනේ ප්රජාතන්ත්රවාදයේ මළගම ලෙසය. එහෙත් අද විසි නවවතාවක් මැතිවරණවලින් පරාජය වූ පුද්ගලයෙක් කිසිදු ඡන්ද බලයකින් තොරව මහ දවාලේ අගමැති ධූරය කොල්ලකෑම ඔවුන්ට පෙනී ඇත්තේ ජනවාරි විප්ලවයක් ලෙසය. මහින්දගේ වැරදි ගැන ගොබෙල්ස්වාදී පුවත් දිනෙන් දින මැවූ මේ පිරිසට යහපාලන වෙස්මුහුණ පිටුපස හය මාසයක් තුළ ගොඩගැසී ඇති කුණු කන්ද පිළිබඳ කිසිදු ඔක්කාරයක් නැත. රනිල්ගේ අගමැතිධූර මංකොල්ලයේ සිට රවීගේ පාතාලය දක්වා වූ සියලූ පව්වලට විදග්ධ ලෙස කරගැසීම අද පුරවැසි බලකාරයන්ගේ එකම රාජකාරිය බවට පත්ව තිබේ.

ngo ...

ඔවුන්ට අනුව නූතන ලෝකය තුළ අධිරාජ්යවාදය කියා දෙයක් නැත. බෙදුම්වාදය කියා දෙයක් නැත. දෙමළ ඩයස්පෝරාව හෝ ඉස්ලාම් ත්රස්තවාදය කියා දෙයක් නැත. සියල්ල රාජපක්ෂගේ දෘෂ්ටිවාදී ආරක්ෂකයන් විසින් මවා පෙන්වනු ලබන බිල්ලන් වන අතර නූතන ලෝකය හා මානව සංහතිය ඉදිරියේ ඇති බියකරුම තර්ජනය වන්නේ මහින්ද රාජපක්ෂය. සිංහල බෞද්ධකමය. අද විකල්ප තක්කඩියන් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය, දෙමළ සන්ධානය ඇතුළු විවිධ බලවේග විවිධ වචනවලින් කියන්නේ මෙකී එකම කතාවමය. නිසාම අද  ජනවාරි අට විප්ලවය රැකගැනීම හා ජනවරම පාවා නොදීම වැනි ලාංකීය දේශපාලන ඉතිහාසයේ හාස්යජනකම සටන් පාඨ වටා එකාවන්ව පෙළගැසීමට මේ සියලූ දෙනාට හැකියාව ලැබී තිබේ. මේ සියලූ ආටක නාටක හා වෙස් මුහුණූ අතරින් නොවැලැක්විය හැකි ලෙස දින දින මතුවී පෙනෙන රනිල් වික්රමසිංහගේ අජූව නපුංසක මුහුණ කුමක්දැයි හඳුනා ගැනීම මේ මොහොතේ රටට ආදරය කරන සෑම මිනිසකුගේම වගකීමක් වෙයි.

ජනවාරි අට වැනිදායින් පසු අද වන විට මේ පිරිසට කවදාකවත් නොතිබූ තරමේ රාජ් අනුග්රහයක්ද හිමිව තිබේ. අද රජයේ මාධ් ආයතන හසුරුවනු ලබන්නේ මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් බව කියමින් කෑ මොර දෙන හුජ්ජ කොල්ලන්ගේ අපරාධකාර ටියුෂන් තාත්තලා විසිනි. අද පාසැල්වල සාහිත් උත්සව සංවිධානය කරනු ලබන්නේ විකල්ප ප්රතිපත්ති කේන්ද්රය වැනි දූෂිත ආයතන විසිනි. මහින්ද යුගයේදී රටින් පලවා හරින ලද එන්ජී සංවිධාන අද නැවත මේ රට තුළ නිදැල්ලේ සරන්නට පටන්ගෙන තිබේ. පිළිබඳ තව බොහෝ උදාහරණ පෙන්වා දිය හැකි වන අතර මේ තත්ත්වය රටට හෝ මනුෂ්යත්වයට ගරුකරන කිසිවෙකුට කිසිසේත්ම ලූහුකොට තැකිය හැක්කක් නොවේ. මහින්දගේ පාලනය තුළ කුමන දුර්වලතා පැවතියද ඊනියා යහපාලනය යටතේ එන්ජී ත්රස්තවාදය බලවත් කිරීම කිසිවකට හිලව් කළ නොහැකි සාපරාධයක් වෙයි. මහින්ද වටා එක්වී සිටි විගඩම් කාරයන්ට වඩා රනිල් වටා එක්වී සිටින හොර උගතුන්ගේ භූමිකාව රටට බෙහෙවින් හානිකර බව අප විසින් තේරුම් ගත යුතුව තිබේ.

ngo copy3

මේ ලිපිය අවසාන කිරීම සඳහා ගෙනහැර දක්වන පහත උපුටනය ඒකමානීය ලිංමැඩි ජාතිකවාදියකුගේ ප්රකාශයක් නොවේ. එය විශ්ව සාධාරණ එන්ජී සංවිධාන සමඟ වැඩ කර අත්දැකීම් ඇති බව කියන, රනිල් දිනවීම වෙනුවෙන් සමාජවාදී සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවමින් සිටින, අජිත් පැරකුම් ජයසිංහ විසින් ඔහුගේ W3 ලංකා වෙබ් අඩවියට ලියන ලද සටහනකි. බොහෝ විකල්ප උගතුන්ගේ භෞතික පැවැත්මට අදාල ප්රබලතම ව්යූහයක් වන එන්ජී සංවිධාන සහ ආශ්රිත උප සංස්කෘතිය පිළිබඳ එහිම කොටස්කාරයෙකු විසින් ලියන මේ සටහන ඉතා වැදගත්ය. ඔහු මේ සටහන අවසාන කරන්නේ මේ කුමන වැරදි තිබුණද තමා තවදුරටත් මහින්දට එරෙහිව එන්ජී සමඟ නිරුවතින් පාරේ නටන්නට වුවද සූදානම් බව කියමිනි. දාර්ශනික සායම් තවරා ගනිමින් රට වනසන රනිල්ගේ සිවල් සමාජ මාෆියාවේ නියම ඇතුළාන්තය කෙබන්දක් දැයි හඳුනාගැනීම සඳහා මේ සටහන අපට බලවත් ඉඟි කීපයක් සපයා දෙයි.

රාජ් නොවන සංවිධාන වෙනුවෙන් පෙනී සිටීමට බැරි හිරිකිතයක් දීර්ඝ කාලීන සමාජ ක්රියාකාරිකයෙකු ලෙස රාජ් නොවන සංවිධාන ඇසුරු කළ අයකු ලෙස මට තිබේ. රාජ් නොවන සංවිධාන තරම් ප්රජාතන්ත් විරෝධී අභ්යන්තර ව්යූහයක් රජයටවත් නැත. රාජ් නොවන සංවිධාන තුළ තරම් ඥාති සංග්රහ පවුල්වාදයන් කට්ටිවාදයන් රාජපක්ෂ පවුලේ හෝ ආණ්ඩුවේවත් නැත. රාජ් නොවන සංවිධාන තරම් වැඩවසම් ස්වාමි සේවක සම්බන්ධතා පැරණි වළව්වලවත් නැත. රාජ් නොවන සංවිධාන තරම් දූෂිත මුදල් ගනුදෙනු මුදල් අමාත්යාංශයේවත් නැත. රජ පැටව්වත් රාජ් නොවන සංවිධාන තරම් මහජන මුදල් නාස්ති කරන්නේ නැත. රාජ් නොවන සංවිධානවල තරම් අඩුවෙන් වැඩ කර වැඩියෙන් පඩි ගන්නා සේවකයන් ඇමති කාර්යය මණ්ඩලවලවත් නැත. රාජ් නොවන සංවිධානවලට අරමුදල් රැස්කරන්නේ බොහෝ විට ලංකාව වැනි රටවල සිටින දුප්පතුන් විකුණාය. එහෙත් අරමුදල්වලින් වැඩි හරියක් වැය වන්නේ රාජ් නොවන සංවිධාන නිළධාරීන්ගේ සුඛ විහරණය සඳහාය. ලෝක බැංකුවවත් රාජ් නොවන සංවිධාන තරම් දුප්පතුන් විකුණාගෙන කන්නේ නැත. රාජ් නොවන සංවිධාන නිලධාරීන් තරම් අනුන්ගේ මුදලින් සුපිරි හෝටල්වලින් කන බොන සැතපෙන සේවකයන් සුපිරි හෝටල්වලවත් නැත. විදේශ ඇමති ජී.එල්.පීරිස්වත් අනුන්ගේ සල්ලිවලින් රාජ් නොවන සංවිධාන නිලධාරීන් තරම් රට සවාරි යන්නේ නැත. මේ සවාරිවලින් වැඩි හරියක් ඇමති බිරියන්ගේ රට සවාරි වැනිය. බල්ලාට ඇති වැඩකුත් නැතිය. හෙමින් ගමනකුත් නැතිය. මේ සියල්ල මැද රාජ් නොවන සංවිධාන තරම් මහින්ද රාජපක්ෂවත් ප්රජාතන්ත්රවාදය, දූෂණය, මානව හිමිකම් ගැන කතා කරන්නේ නැත. ඉහත සඳහන් කළ කරුණුත් තවත් දේත් ඔප්පු කරන්නට සාධක අවශ් නම් කියන්න.  

මෙකී සිවල් සමාජ මාෆියාවේ ග්රහණයෙන් රට ගලවා ගැනීමද අගෝස්තු දාහත් වැනිදා රටට ආදරය කරන මිනිසුන්ට පැවරෙන අනිවාර්ය වගකීමක් බව අවධාරණය කළ යුතුව ඇත.
ඉසුරු ප්රසංග

One Response to “මැතිවරණය හා සිවල් සමාජ මාෆියාවේ වත්මන් භූමිකාව”

  1. Senevirath Says:

    යුද්දෙන් තුනෙන් දෙකක් ඉවර කලේ මමය් කියල අර චන්ද්‍රිකා කියන එ කී කිව්වනේ .හ.තුරන් වට කර වලල්ලල් දැම්මලු ඒ කාලේ හැබය් අන්තිමට බැලුවම වළල්ල ගහ මුල ලු . සුරියප්පෙරුමද කොහෙද මෙහෙම කිව්වේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress