වැරදුණු කුරුමානම
Posted on August 6th, 2015

ආචාය්‍ය_ වකුල ගුණපාල  Ilford Essex UK

ප්‍රවීන ලේඛක දයා ගමගේ විසින් ජූලි 04 වෙනි දින ඒෂියන් ටි්‍රබියුන් Asian Tribune  වෙබ් පුවත්පතට වොෂින්ටනයේ සිට ලියන ලද දේශපාලන සටහන සහ තත්කාලීන ලංකාවේ සිදුවීම් ආශ්‍රයෙන් ලියැවෙන ලිපියකි මේ.

වසර කීපයක සිට මහින්ද රාජපක‍ෂ රජය බලයෙන් පහකිරීමට ලංකාවේ බටහිර ගැත්තන් සමග ඇමරිකා එක්සත් ජනපද බලවේග යෙදී සිටි කූට ප්‍රයත්නයන් අහම්ඛෙන් සාර්ථකවීමේ ප්‍රථිඵලයක් වශයෙන් පසුගිය ජනවාරි 8 වෙනි දා මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ ජනාධිපති වශයෙන් පත්විය. තමා බලයට ආ විට විධායක බලතල අහෝසි කරනවායයි ජනාධිපතිවරණයට පෙර පුන පුනා කිව් සිරිසේන ලවා එම විධායක බලතල භාවිතා කරගනිමින් ඇමරිකාවේ විශ්වාසී මිතුරෙකු වූ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට තල්ලූකරවා ලීමටද ඇමරිකාව සමත්වූවා ය. ‘හැංගි හැංගි මූණු බැන්දත් නටන්නේ එළියේය’ යන කියමන සනාථකරමින් මෙය කූට උපක්‍රමයක් බැව් ජනතාව තුළ තිබුණ සැකය තහවුරු විය.

ඉටාගෙන සිටි ආකාරයටම බලපෙරළිය සාර්ථකවීම සමගම 2007 පමණ කාලයේ සිටම මෙම ප්‍රදේශය තුළ උපායශීලී යුද්ධොපක්‍රම සඳහා යම් රටක් සමග එකඟතා ගිවිසුමකට එළඹීමේ බලවත් අභිප්‍රායක් ඇමරිකාව තුළ පැවති බවට සැකයක් තිබිණ. ඒ මේ ප්‍රදේශයට අත දමාගැනීමේ උපක්‍රමයක් වශයෙන් බවද පැහැදිලි වූයේ ටික කලක සිටම මේ ආකාරයේම ගිවිසුම් දෙකක් සිංගප්පූරුව සමග ඇමරිකා එක්සත් ජනපදය අත්සන්කරවාගෙන තිබුණු බැවිනි. ඒවා නම් U.S. Pacific Command (USPACOM)

සහ U.S. Pacific Fleet (USPACFLT)– යන ඒවා ය. මේවායේ ප්‍රකාශිත අරමුණු වූයේ තත් ප්‍රදේශය වටා දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා, ආචාය්‍ය_ වකුල ගුණපාල ෂකදෙරා ෑිිැං ඹණ ආක්‍රමණික ස්වභාවයන් ආදිය වලක්වාලීමට උදව්වීම ආදියයි.

ඉහතකී කාර්යයන් සඳහා උදව්වීම පිණිස අවශ්‍ය බලතලද එම ගිවිසුම් යටතේ දීමට පැවරිණ. මෙසේ හීන් සීරුවේ එම ප්‍රදේශය තුළ තමාට අවැසි යුදමය බලතල රිංගවා බලය තහවුරුකරගැන්ම ඉහතකී ගිවිසුම්වල සත්‍ය අරමුණු බව සිහිකල්පනාවෙන් විමසා බලන විට පැහැදිලි වෙයි. Pacefleetයන එම නැව් හමුදා තුළින් පුහුණුවීම් සඳහා ඉඩ සළසාගනිමින් ඇමරිකාව යුද කඳවුරු අටවාගැන්මටද ක්‍රමයෙන් ලෑස්ති වෙනවා නොඅනුමාන ය. මෙවැනි ගිවිසුම් ලංකාව සමග එළැඹුණු විට ඔවුන්ට ශ්‍රීලංකාව තුළ ඉමහත් බලපෑම් කිරීමේ ශක්තියක් ලැඛෙන අතර, එමගින් මුළු ඉන්දියන් සාගරය පුරාම යුද උපක්‍රම උපයෝගී කරගනිමින් පුහුණුවීම්, පෙරහුරු කරවීම් ආදිය තුළින් සිය බලකඳවුරු ගොඩනගා ගැනීම ඔවුන්ගේ දීර්ඝකාලීන බලාපොරොත්තුව බව පෙනී යයි. මෙවැනි කටයුතු පසුගිය කාලය මුළුල්ලේම සිංගප්පූරුව ආශ්‍රිතව ක්‍රියාත්මක වී තිබේ.

එවැනි දෑ ශ්‍රීලංකාව තුළ සලස්වාගැන්මට ප්‍රධානතම බාධකය වූ මහින්ද රාජපක‍ෂ බලයෙන් පහකිරීම සහ එවැනිම බලයක් හැසිරවූ ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ ඉවත්කිරීමත් සමග නීත්‍යානුකූල නොවන උපක්‍රමයකින් සිරිසේන ජනාධිපති විසින් පත්කරගනු ලැබූ ආණ්ඩුවක අගමැති වූ රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති මංගල සමරවීර දෙදෙනා රාජපක‍ෂ පවුලටද, හිතවාදීන්ටද විරුද්ධව චෝදනා ගෙන එමින් දැඩි ප්‍රහාරයක් ඇරඹූහ. මේ රාජපක‍ෂ බලවේගය ආපසු බලයට ඒම වැලැක්වීමට ය. ඒ සමගම අන්ත බටහිර ගැති සමරවීර ප්‍රධාන ඇමරිකානු ගැත්තෝ ලංකාව ඇමරිකානු කක‍ෂයට තත්වාරෝපණය කරලීම ඇරඹූහ. කෙටියෙන් කිවහොත් ඇමරිකාවට පෙනීගොස් ඇති ආකාරයට ක්‍රමයෙන් වැඩෙමින් පවතින චීන තර්ජනයට ලංකාව  හුණදීමට හැඩගැස්වීමේ සිය න්‍යාය පත්‍රය සැකසීම ඇරඹූහ.

බාධක මතුවෙයි

මේවා මෙසේ ගොඩ නගාගන්නා අතරේ රටතුළ දේශපාලන වෙනස්වීම්ද කරළියට ඒමට පටන් ගැනිණ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ජනාධිපති සිරිසේන අටවාගත් තාවකාලික ආණ්ඩුවට පැහැදිලි අරමුණු කිසිවක්  තිබිණ. කාලයක් බලයෙන් පහව ගොස් සිටි එහි ජ්‍යෙෂ්ඨයන් කීප දෙනාටද රාජ්‍ය පරිපාලන කටයුතු පවා අමතකව ගොස් ඇති බවක් පෙනෙන්නට විය. රජයට බැඳුණු නවකයෝ කිසිත් අත්දැකීම් නැති අමු ආධුනිකයෝ පමණක්ම වූහ.

අක්‍රමිකතා එමට සිදුවිය. මහබැංකු මංකොල්ලය ගැන කෝප් වාර්තාවෙන් එළිකළ සිද්ධීන් ප්‍රබල විරුද්ධ පක‍ෂයක් වූ පාර්ලිමේන්තුව සිටි ශ්‍රීලංකා නිදහස් පක‍ෂ කණ්ඩායම ගෙන ආ විශ්වාස භංග යෝජනා ආදිය වලක්වා ගැනීමට උපක්‍රමක් වශයෙන් ජනාධිපති සිරිසේන කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අළුත් පාර්ලිමේන්තුවකට ඡන්දයක් නියම කිරීමයි. මේ සිදුවීම් හේතුකොටගෙන ඇතිවූ බලවත් ජනතා පෙරැත්තය මත මහින්ද රාජපක‍ෂද නැවත දේශපාලනයට සේන්දු විය.

ඇමරිකාව සමග එකතුවී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ බටහිර ගැති බලවේග විසින් මැද පෙරදිග මෑතක ක්‍රියාත්මක කළ අරාබි වසන්තවලට සමාන වැඩපිළිවෙලක් අටවාගෙන ජනවාරි 8 වෙනිදා කළ රාජ්‍ය වෙනස කපටි කුමන්ත්‍රණයක් පමණක් බව තේරුම්ගැනීමට අප රටේ ජනතාවට වැඩි දවසක් ගියේ නැත.

බලයට තිබුණු කෑදරකම නිසා අල්ලාගත් බලයද තහවුරු කරගැන්මට නොහැකි වී ඇති බව පෙනේ. මහින්ද රාජපක‍ෂට පාර්ලිමේන්තුවට තරඟකිරීමටවත් නාමයෝජනා නොදෙන බැව් කී ජනාධිපති සිරිසේනට මහින්දට පක‍ෂව ජනරැල්ල ගොඩනැගෙනවා දුටුවිට එම තර්ජන ගර්ජන නවතා නිශ්ශබ්දවන්නට සිදුව තිබේ.

මහින්දට එරෙහිව ගෙන ආ බොරු චෝදනා ඔප්පුකිරීමට සාක‍ෂිවත් ඉදිරිපත්කිරීමට නොහැකිව දැන් ඔව්හු තක්කු මුක්කු වී සිටිති. මේ සියල්ලට හේතුව රනිල් වික්‍රමසිංහලා ප්‍රමුඛ බටහිර ගැති බලවේග ඉතිහාසය අමතක කිරීම ය. නැතිනම් ඉතිහාසය නොදන්නාකම ය. ඒ ප්‍රතිගාමීන්ට සහ ඔවුන් සමග එල්ලී සිටින ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ආදී කොටස්වලට අමතක වුවද සාමාන්‍ය ජනතාවට තමන්ගේ අග මුල අමතක වී නැත. වයර් පටලැවී නැත. අද යොවුන් වියට එළඹ සිටින අප රටේ තරුණ තරුණියන් දැන් ‘මුහුණුපොත’ (FB)නවීන දුරකතන (Smart Phone)– ආදිය උපයෝගී කරගනිමින් කරන දේශපාලන සටනේ තීව්‍රතාවට මුහුණ දෙන්නට මේ පරාජිතව සිටින බටහිර ගැත්තන්ට හැකියාවක් නැති බව කාටත් පැහැදිලි විය යුතු ය.

මෙසේ ඇමරිකානුවන් විසින් ලංකාවෙන් අල්වාගනු ලැබූ කණ්ඩායමේ දුර්වලතා සහ නොසංඩාලකම් නිසා ඇමරිකානුවන් කලින් සිතා සිටි ආකාරයේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම අසාර්ථකවීමේ ලකුණු පෙනෙන්නට තිබේ. නමුත් එම ප්‍රයත්න ඇමරිකානුවන් අත්හරිනු ඇතැයි වරදවා සිතිය යුතු නොවේ. ඔවුන්ගේ ඒ සියළු වැඩ සඳහා පදනම වශයෙන් එක්සත් ජාතික පක‍ෂය ප්‍රමුඛ බටහිර ගැති රජයක් පවත්වාගෙන යෑම ඔවුන්ට අවශ්‍ය ය. රට තුළ සිටින දේශද්‍රෝහී ප්‍රතිගාමීන්ට විජාතික බලවේග අල්වාගෙන හෝ ආණ්ඩු බලයක් ගැටගසා ගැනීමට නොහැකිවන ලෙස ශ්‍රීලනිප ප්‍රමුඛ මිත්‍ර සංධානයට විශාලම ආසන සංඛ්‍යාවක් දිනාදීමට කටයුතු කිරීම දේශ හිතෛෂී සෑම කෙනෙකුගේම යුතුකම බව මතක්කරනු කැමැත්තෙමි.

3 Responses to “වැරදුණු කුරුමානම”

  1. Christie Says:

    How it happened? Another Indian job. The former President called an early election. The Indian imperialists (India) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four year this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.
    What it means for Sri Lanka? Nothing much. It will be the same as what the island nation had from 1956 to 2005 and before from 1792 to 1948. The Indian minority will run the country with the privileges they enjoyed since their arrival under the cover of the British fire power and their own nonviolent aggression and oppression. They will claim they are the victims of Majority Chauvinists; the same claim that they make in other colonies from Fiji to Guyana. For example; finance and justice; most important ingredients in the world and heads of these two institutions in the island now are from the victimized minority and one of them has been brought from another colony.
    What it means for the Indian Empire? It means a lot to the Indian Empire. The former partner of the British-Indian Empire from Fiji to Guyana that is all former tropical colonies of the British-Indian Empire. India lost its control over the island nation since 2005 as the new government of the island nation managed to wipe out the Indian terrorist arm; trained, armed, financed, managed and branded Tamil !Tigers by India. Since the election of the new governor Indian cars and food have become cheaper with reduced tax on Indian products. Indian Imperialists have already indicated massive investments and projects in all sectors of the economy. This will not be a hard act as the island nation’s economy has been in their hands for more than two centuries and the business language in the country is an Indian language spoken by more than 75 million of them in India. The wealthiest in the island are Indian though their wealth is not stored in the island but most of it in India. Reclaiming the control over the island nation will supplement its control over the Indian Ocean and Indian Ocean countries. With its unchallenged military power; with ICBMs, Aircraft Carriers, Nuke Subs, Nuke (Peace) bombs and purchase of hundred billion dollars’ worth of military hardware the island nation provides the best step with Mauritius a third State of India to lay a drag line across the Indian Ocean.

  2. Christie Says:

    ඉන්දියන් ජඩයෝ අපි කුඩා කාලයේ සිටම අපේ මොලය හෝදලයි තියෙන්නේ. අපිට ඉන්දියානු ජඩයෝ කෙලිනහැටි අපිට වැටහෙන්නේ නැත්තේ ඒකයි. අපි බටහිර ජීවත් උනත් ඉන්දියන්කාරයින්ගේ ජඩකම් ගැන වැටහෙන්නේ නැත්තේ ඒකයි.

  3. Kumari Says:

    It is important to vote for candidates that stand with Mahinda on the 17th. After that the general public must keep a close eye on the activities of the foreign backers. These dual responsibilities are the primary duties of all Sri Lankans whether they are Sinhalese, Tamil or Muslims.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress