සුසිල් හා අනුර ඉවත් කිරීමක් ගැන කීම යහපාලන ආණ්ඩුවේ පරාජය නැවතත් කල් තියා පිළිගැනීමකි!
Posted on August 14th, 2015

   www.mahinda.info

mrms

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කර තිබෙන බවත් , ඒ වෙනුවට පිළිවෙළින් දුමින්ද දිසානායක සහ විශ්වා වර්ණපාල මහත්වරුන් පත් කර තිබෙන බවත්, ඒ සමගම අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන මහත්වරුන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ද නෙරපා හැර ඇති බවත් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබුණි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ස්වකීය තනතුරු වලින් ඉවත් කළ බවට පළවන වාර්තා පිළිගත නොහැකි බවයි.

අදාල පුවත විශ්ලේෂණය කළ විට පහත නිගමන වලට එළඹීමට හැකියි.

1. ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කිසිවෙකු හෝ තනතුරකින් ඉවත්කරනු ලබන්නේනම් එය මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතුය. නමුත් මධ්‍යම කාරක සභාවේ එවැන්නක් සිදුවී නැත.

2. මධ්‍යම කාරක සභාව කැඳවීම‍ට එරෙහිව මේ මොහොතේ අධිකරණයේ වාරණ නියෝගයක් බලපැවැත්වෙන බැවින් එය කැඳවීමටත් නොහැකිය. ඒ අනුව පක්ෂයේ තනතුරු කිසිවෙක් වෙනස් නොවේ.

3. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු තනතුරකින් ඉවත්කරන්නේනම් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවේ අනුමැතියෙන් එය සිදුකළ යුතුය.

4. විධායක සභාව කැඳවිය යුත්තේ එහි මහලේකම් වන සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් වුවත් එතුමා එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

රටේ මැතිවණයක් කැඳවා ඇති අවස්ථාවක පක්‍ෂ ලේකම්වරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කුරුණෑගලදී පැවැත්වෙන සන්ධාන ජනහමුව අමතමින් කියා සිටියේය. සන්ධානයේ මහ ලේකම්වරයා, ශ‍්‍රිලනිප මහ ලේකම්වරයා ලෙස සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර යාපා යන මහත්වරුන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිලිගෙන ඇති තත්වයකදී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව දිසා අධිකරණයකින් නියෝග නිකුත් කල නොහැකි බවත් එසේ කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බවත් ඔහු කියා සිටියේය. රාජකාරි අවසන් කර නිවෙස බලා යිමට සූදානම් සිටි දිසා විනිසරුවකුගේ අත්සනකින් මැතිවරණ නීතිය වෙනස් කල නොහැකි බව ජනාධිපතිවරයා දැන යුතු බවත් නීතිය නොදන්නේ නම් බාලංශයේ සිට ඉගෙනගත යුතු බවත් ඔහු කියා සිටියේය.

බොරුවෙන්ම ඡන්ද ව්‍යාපාරය සිදුකරන එක්සත් ජාතික පක්ෂය විසින් අවසාන මොහොතේද බොරු කප්පරක් ගසන බව පෙනී යයි.

එක්සත් ජනතා නිදහස් සංධානය ජයග්‍රහණය කළ පසු අගමැති තේරීමේ ගැටලුව ගැන මෛත්‍රීපාල මහතාගේ ලිපිය නිසා (එනම් සංධානයේ ජයග්‍රහණය මෛත්‍රීපාල මහතාත් පිළිගෙන තිබීම) එක්සත් ජාතික පක්ෂයට සිදුවූ හානිය මෙලෙස හෝ අවම කර ගැනීමට බොළඳ උත්සාහයක් දරන බව පෙනෙයි.

යාලුවන්ටත් දැනුවත්වීම සඳහා Share කරන්න.

5 Responses to “සුසිල් හා අනුර ඉවත් කිරීමක් ගැන කීම යහපාලන ආණ්ඩුවේ පරාජය නැවතත් කල් තියා පිළිගැනීමකි!”

  1. Hiranthe Says:

    This is child’s play.

    My3 thinks he is still playing childhood games. He seems to be so frustrated and does not know what he is doing. Only thing which is clear is; “SIRA IS IN DEEP SHIT AND TRYING HARD TO COME OUT OF IT’ The more he tries.. more he gets entrapped..

    THE GREAT LAW OF KARMA AT WORK!!

  2. Christie Says:

    ඉන්දියානු ජඩයින්ට සින්හල අපි සක්කිලි (Dalit)යන්ය . උන් එදාත් අදත් අපේ සතුරාය. එක්වන්න මහින්ද වටා රොක්වන්න ඉන්දියානු ජඩයන්ට හා ජඩවාදයට එරෙහිව නැගී සිටින්න
    For Indian Imperialists we are Dalits. Indians are our enemies todaya and yesterday. Unite with Mahinda and stand up to Indian Empire and Indian imperialism.

  3. S.A Says:

    Taking over the SLFP and the UPFA to My3’s hand completely is a clear indication of where we are heading.
    The idea behind this is to manure the results of the election and to select the national list MPS as MY3 wants and to hand over the power back to Ranil.
    We are going back to JR era, possibly worse than that.

  4. NAK Says:

    Gramaya seems to govern through Aluthkade!

  5. Jag Says:

    Parangi blooded gon siraa is dragging down Sri Lankan politics to the gutter, where he came from. I am sure that Sri Lankans haven’t seen or heard anything like this, ever.

    When there are a set of procedures that necessarily needs to be followed when replacing secretaries of the party, gon siraa gives two hootes about all that and goes on a rampage destroying his former colleagues.

    Siraa, unarguably is the lowest individual who became the president of our country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress