ඡන්ද වංචාවක් ගැන උදය ගම්මන්පිළ මහතා හෙළි කරයි. ((video))
Posted on August 26th, 2015

Courtesy www.mahinda.info

2015 මහ මැතිවරණයේ ප්‍රතිඵලය අස්වාභාවික බවත්, එහි යම් ගැටළු කාරී තැන් ඇති බවත් mahinda.info විශේෂ ලිපියකින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති. පසුගිය දිනෙක උදය ගම්මන්පිල මහතාත් ඡන්දයේ වංචාකාරී සිදුවීම් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි.

උදය ගම්මන්පිල මහතා මතු කළ කාරණා වල සාරාංශය.

1. මැතිවරණයට පෙර ස්වාධීන මත විමසුම් වලින් එක්සත් ජනතා නිදහස් සංධානය 110-115 ත් අතර මන්ත්‍රී ධූර දිනා ගන්නා බව පැවසීම.

2. රටේ බුද්ධි අංශ වලින් සෘජුව තොරතුරු ලබා ගන්නා රටේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධූරය වෙනත් ජේෂ්ඨයෙකුට ලබා දීම ගැන පැවසීම. විපක්ෂ නායක ධූරයක් ගැන නොකීම. අගමැති ධූරය ගැන කතා කරන්නේ ජයග්‍රාහී පක්ෂය සමග මිස පරාජයට පත් වෙන පක්ෂය සමග නොවෙයි.

3. පෙරේදා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී ජනපති මෛත්‍රීපාල මහතා තහවුරු කර ඇත්තේ තමන්ට ලැබුණ වාර්තා අනුව සංධානය මන්ත්‍රීධූර 110 ත් 115 ත් අතර ගණනකින් දිනන්න හිටි බවත් තමන්ට අනාරක්ෂිත භාවයක් දැනුණ නිසා ලිපිය යවන්නත් ලේකම්වරු ඉවත් කරන්නත් සිදු වුණ බව. එනම් සංධානය දිනන්න හිටි බවත් එය පරාජය කළේ තමන් බවත් සංධාන නායක මෛත්‍රීපාල මහතා පිළිගනී.

4. එම කතාව තවත් තහවුරු කරමින් මෛත්‍රීපාල මහතාගේ නිජබිම වන පොළොන්නරුවේ ජයග්‍රහණය එජාපය ලබද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් පළාත වන හම්බන්තොටත් එතුමා තරග කළ කුරුණෑගලත් සංධානය ජයග්‍රහණය ලැබීම.

උදය ගම්මන්පිළ මහතාගේ පෞද්ගලික අත්දැකීම් මෙතැන් සිට…

5. ඡන්දය දින රාත්‍රී 7.30 ට වෙන විටත් (ඒ වන විට කළුවර වැටී ඇත) මහරගම විවේකාරාමය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි ගෙන ගිහින් නොතිබීම. පසුව මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් ඡන්ද පෙට්ටි රැගෙන යාම.

6. ගණන් කිරීමේ මධ්‍යස්ථාන 70 දී බුලත් කොළයට කතිරය ගැසූ ඡන්ද පත්‍රිකා 200 කට වඩා ප්‍රමාණයක් නිල මුද්‍රාව නෑ කියමින් (නිලධාරීන්ගේ වරදක් නිසා) ප්‍රතික්ෂේප කිරීම.

7. සමහර ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පෙට්ටිය සීල් තබද්දී වෙනදා මෙන් ලාකඩ වලින් සීල් තැබුවේ නැති බවට තොරතුරු ලැබීම.

8.සමහර අපේක්ෂකයින් මාධ්‍ය ආයතන වලට සංග්‍රහ කර තමන්ට වාසිදායක ලෙසට මාධ්‍ය මෙහෙයවා ගැනීමට උත්සාහ දරා ඇත. එමගින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් බැවින් ඔවුන්ට එරෙහිවත් ක්‍රියාමාර්ග ගනු ලැබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව මැතිවරණ දූෂණයක් සිදුවූ බව සනාථ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එම දූෂණය නිසා මැතිවරණ ප්‍රතිඵලය වෙනස් වුණ බවට ඔප්පු කළ යුතුයි. ඒ අනුව ලැබෙන සාධක අනුව ඉදිරියේදී මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කරනු ඇත.

එසේම විමල් වීරවංශ මහතාත් මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුයේය. ඔහු පැවසුවේත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

One Response to “ඡන්ද වංචාවක් ගැන උදය ගම්මන්පිළ මහතා හෙළි කරයි. ((video))”

  1. Ancient Sinhalaya Says:

    Mako’s computers going down and staying down long enough to manipulate the outcome.
    Mako was seen drinking with his UNPatriotic party (UNP) big wigs day before the elections.

    There was no way UNPatriotic party winning this elections without resorting to fraud.

    After all they are masters of murder, robbery and mayhem.

    They robbed central bank of 5000 billions and got away with it.

    Killed 160,000 Buddhists (60,000 jeppos by UNPatriotic party and got ltte to kill another 100,000 by not doing anything) and got away with it.

    Signed a pact with hitler mala paharan to divide the country and still hoodwinked a lot of Sinhalese idiots get their votes.

    List is too long to mention. But there are still a lot of Sinhalese idiots support these UNPatriotics. That’s in itself is magical to them!

    So winning an election by trickery is piece of cake for these crafty UNPatriotics!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress