Prabhakaran killed himself, says Karuna Amman- ප‍්‍රභාකරන් සිය දිවි නසාගත්තා – කරුණා අම්මාන්
Posted on August 30th, 2015

Courtesy Adaderana

Ex LTTE eastern commander and Deputy Minister Vinayagamoorthi Muralitharan alias Karuna Amman claims that the leader of the defeated Tamil tigers, Velupillai Prabhakaran, committed suicide by shooting himself with a firearm.

ප‍්‍රභාකරන් සිය දිවි නසාගත්තා.. අත්අඩංගුවට පත් වූයේ නෑ.. එසේ කීම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට කරන නිගාවක්..

Responding to a question made by a reporter during an interview on an Indian TV channel, Muralitharan also revealed that Prabhakaran’s wife and the daughter were killed by shell-fire during the final stage of the war.
While praising Prabhakaran for his war strategies, Muralitharan however asserted that the LTTE was defeated owing to its unsuccessful war tactics.

If the LTTE had fought a guerilla battle, it would not have lost,” he added

Courtesy lanka C news

ඔහු පෙන්වා දෙන්නේ, කොටි නායක ප්‍රභාකරන් සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවයි.

එහෙත්, ඔහුගේ බිරිය සහ දියණිය හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය බව කරුණා අම්මාන් අවධාරණය කරයි.

ඔහු ඒ බව කියාසිටියේ, ඉන්දීය මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

‘මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට දේශීය පරීක්ෂණයක් සිදුකිරීමට අමෙරිකාව යෝජනා කර තිබෙනවා. නමුත් එවැනි දේශීය හෝ අන්තර්ජාතික පරීක්ෂණයක් දැන් පැවැත්වීම පදනම් විරහිතයි. පරීක්ෂණ කරන්නට තිබුණේ, යුද්ධය අවසන් වූ වකවානුවේදීයි. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමෙන් පසුව දෙමළ ජනතාවට බොහෝ ගැටලූ ඇති වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීමට කටයුතු කළත්, ඔහුගේ ආණ්ඩුව දෙමළ ජනතාව රැක බලා ගැනීමට කටයුතු කළේ නැහැ. මම සහ කොටි නායක ප්‍රභාකරන් අතරද දේශපාලන ගැටුම් ඇති වුණා. ඔහු වැනි ප්‍රබල නායකයෙකු කිසිදු අවස්ථාවක යුද්ධය අවසන් අදියරේදී යුද හමුදාවට භාරවී නැහැ. එවැනි කතාවක් පැතිර යාම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට කරනු ලබන අපහාසයක්’

යයිද පවසන ඔහු ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් යුදහමුදා භාරයට ගැනුණද ඔහුගේ මරණය කෙසේ සිදුවූයේද යන්න තමන් නොදන්නා බවත් කියා සිටී.

කුමුදුනී විජේසිංහ
Singha FMපවසයි.

13 Responses to “Prabhakaran killed himself, says Karuna Amman- ප‍්‍රභාකරන් සිය දිවි නසාගත්තා – කරුණා අම්මාන්”

  1. SA Kumar Says:

    Karuna Amman-All ok Muralitharan you did not give any info to SL forces to fight against VP&CO than why MR kept with him ?

  2. Lorenzo Says:

    VP had NO DIGNITY whatsoever.

  3. ranjit Says:

    We do not want to hear how this bloody murderer killed or what happened to him.Only thing we need to know that he is dead and gone. We have to thank the then Govt and war heroes for killing the most ruthless murderer and his family because they were responsible for thousands of innocent deaths in my homeland. We do not want to see anything like that again in our soil. If UNP traitors rule this land maybe they can have their dreamland very easily without a fight because of their American masters pressure tactics and the support they get from the Sinhala traitors like Ranil/Choura/Sira clique. Velupillai Prabakran is a terrorist,Murderer,Kidnapper and a mad man who likes to see blood all day long. He is more ruthless than Bin lADEN or any other terrorist in the world. Thank God he is no more.

  4. cwije Says:

    This Karuna has become an irrelevant joker.

    1. If Prabakaran committed suicide then it had to be by swallowing the cyanide capsule. A 30 yr old rule with them.

    2. The selection by him to shoot at the back of his head, instead of the side or inside the roof of mouth is strange.

  5. Susantha Wijesinghe Says:

    I TIED MYSELF TO THE TREE.

    I ASSAULTED MYSELF.

    I SHOT MYSELF.

  6. Indrajith Says:

    Divaina-1.9.2015.

    සොයන්න… පාවා නොදෙන්න….

    වසර හයකට පෙරාතුව එනම් 2009 මැයි මාසයේ වීරෝදාර රණවිරුවන් පරාජය කළේ බලවත් යෑයි කියන විදෙස්‌ රටවල් පවා තහනමට ලක්‌ කළ භයානක, කු=රිරු ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ බව කිසිවෙකුටත් නැවත නැවතත් සිහිපත් කළ යුතු නැත.

    ආරක්‍ෂක හමුදා සාමාජිකයන් පාරක තොටක දකින විට රට “මිලිටෙරීකරණය” වනවායෑයි බෙරිහන් දෙන අය පවා බයක්‌ සැකක්‌ නැතිව පාරක තොටක ඇවිද යන්නේ ඒ අනුහසිනි. දේශපාලනිකව පිල් බෙදී මරාගන්නට හෝ රටක්‌ ඉතිsරිව තිබෙන්නේ ද ඒ නිසාය. හමුදාවේ ක්‍රියාන්විත මෙහෙයුම මෙන්ම, බුද්ධි අංශ මෙහෙයුම් ද ඊට හේතු වූ බව මිලිටෙරීකරණය “ඇලජික්‌” පිරිස අවබෝධ කරගත යුතුය.

    එහෙත් මේ වනවිට නොවිය යුත්තක්‌ සිදුවෙමින් පවතින බව සටහන් කරන්නට සිදුව ඇත්තේ කම්පාවෙනි. ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් අපමණ මෙහෙයක්‌ ඉටු කළ බුද්ධි බළකා නිලධාරීන් පිරිසක්‌ මේ වනවිට රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගැනීම එම සිදුවීමයි. මේ අත්අඩංගුවට ගැනීමේ මූලික හේතුව වන්නේ ප්‍රගීත් එක්‌නැලිගොඩගේ අතුරුදන්වීමයි.

    මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ කොටි බුද්ධි අංශ ක්‍රියාකාරීන් දෙදෙනකු වූ තවේන්ද්‍රන් හා ශිවාය. ඊළඟට බුද්ධි බළකාය වෙනුවෙන් විශිෂ්ට සේවාවක්‌ ඉටු කරමින් සිට විශ්‍රාම ගිය සැරයන්වරයකු අත්අඩංගුවට ගන්නේය. හෙතෙම හමුදා සේවයේ වසර තිහක කාලයක්‌ සම්පූර්ණ කර තිබිණි.

    එමෙන්ම වන්නි මානුෂීය මෙහෙයුමේදීත් ඉන් පසුවත් බුද්ධි අංශය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක්‌ කළ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු සහ තවත් නිලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගන්නේය. යුද්ධය අවසාන කාලයේ මෙන්ම පසු කාලීනවත් මෙරට කොටි ක්‍රියාකාරකම් හා ජාත්‍යන්තර කොටි ජාලයට එරෙහිව හමුදා බුද්ධි බළකාය ආරම්භ කළ “ඔපරේෂන් ඩබල් එඡ්” මෙහෙයුමේ සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටු කළේ ඉහත සඳහන් කළ ලුතිනන් කර්නල්වරු දෙදෙනාය. මේ සියල්ලම මඟහැරෙන්නේ කොටි බුද්ධි ජාලයේ තවේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමත් සමඟය.

    එහිදි හෙළිවන කරුණු අනුව තවේන්ද්‍රන්ගේ සබඳතා ජාලය විශාල එකකි. එම තොරතුරු නිසි ලෙස බුද්ධි අංශ විසින් කළමනාකරණය කර ගතහොත් මෙරට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ගත හැකි පියවර රැසකි. සිදුවෙමින් පවතින්නේද එයමය. එක්‌නැලිගෙඩ පමණක්‌ නොව අතුරුදන් වන ඕනෑම අයකු පිළිsබඳව සොයා බැලිය යුතුය යන්න අපිදු කියමු. එහෙත් සිදුවෙමින් පවතින දේ සොයා යැමකට වඩා විනාශ කරගෙන යැමක්‌ නම් ඵලක්‌ නැත. මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ එවැනි ක්‍රියාවලියකි. සොයා යද්දී හමුවන දේ අනාවරණය කිරීම මීටත් වඩා විධිමත් ආකාරයට සිදුවිය යුත්තක්‌ බව අපි විශ්වාස කරමු. සරලව කිවහොත් තවමත් එක්‌නැලිගොඩ ගැන පරීක්‍ෂණ පැවැත්වෙන වටපිටාවකත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මහඟු මෙහෙවරක්‌ කළ බුද්ධි නිලධාරීන් පිරිසක්‌ ගැන හෙළිදරවු කරනවාට වඩා සියතින් ගෙලසිඳ ගැනීම වඩා යහපත් බව අපි විශ්වාස කරමු.

    ලොව කිනම් රටක වුව බුද්ධි අංශ ක්‍රියාකාරකම් (ඔත්තු සේවා) ලෙහෙසියෙන් අනාවරණය කරන්නේ නැත. මෙහෙයුමේදී කවර පාර්ශවයක්‌ අගතියට පත්වුවද සමස්‌ත ක්‍රියාවලිය ඒ රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කොතරම් වැදගත්කමක්‌ උසුලයිද යන්න සළකා බැලේ. බුද්ධි අංශයක රහස්‍ය කාර්යයත්, අරමුණු හා ක්‍රමෝපාය, බුද්ධි නිලධාරින්ගේ ක්‍රියාකාරකම්, මූලාශ්‍ර, ක්‍රමවේදයන් සියල්ල සාමාන්‍යයෙන් තිබෙන්නේ සැඟවුණු පසුබිමකය. මේවනවිට ඔත්තු සේවාවක භාවිත කරන මෙවැනි ක්‍රියාදාමයන් පිළිබඳව ඇති සදාචාරාත්මක භාවය පිssළිබඳව විවිධ මතිමතාන්තර ගොඩනැගුනද අවසාන ජයග්‍රහණයේදි කිසිදු රටක්‌, සිය මෙහෙයුම් මේ ක්‍රියාවලියෙන් බැහැරව සිදු නොකරන බවක්‌ පෙනී යයි. සී.අයි.ඒ. සංවිධානය මේ ක්‍රමවේදය පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරයි. ලොව සියලුම බුද්ධි අංශ එය පිළිගෙන තිබේ.

    ඒ අර්ථයෙන් ගත් කල බුද්ධි අංශ නිලධාරීන් කිසිවකුත් “කුලී මිනීමරුවන්’ නොවේ. ඔවුන් සිය “මෙහෙවර” (එය රැකියාවක්‌ ලෙස අපි නොසලකමු) ඉටු කරන්නේ දිවි පරදුවට තබමිනි. පොඩ්ඩ ගැස්‌සුනොත් වන්දි ගෙවන්නට වන්නේ ජීවිතයෙන්ම බව බුද්ධි අංශ නිලධාරිහු දනිති. වෙනත් රටවල බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව අනාවරණය කරන්නේ නැත. ඔවුන්ගේ දිවිය පුරාම විශේෂ ආරක්‍ෂාවක්‌ ලබාදේ.

    කරුමෙට මෙන් අපේ රටේ මිලේනියම් සිටි බුද්ධි අංශ සිද්ධියේ සිට වර්තමානය දක්‌වාම ඇසෙන්නේ පාවාදීම් පමණය.

    අප විශ්වාස කරන්නේ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ ඩයස්‌පෝරාවේ ඉතිරිව සිටින කොටි සාමාජිකයින්ට අවශ්‍යම වූ දේ බවය.

    මේ විනාශයේ තරම තේරුම් ගැනීමට, අවබෝධ කරගැනීමට උත්සාහ දැරීම, කිසිවෙකුගේa නොව ජාතියේ වාසනාවක්‌ බව සඳහන් කරමු.

  7. Fran Diaz Says:

    Early evidence after the Tsunami in 2004 showed that P’karan and Pottu Amman were both in a church close to the sea at the time of the Tsunami on the day after Christmas. It is after the Tsunami that the REAL P’karan disappeared. Lanka Navy people who knew of P’karan’s movements were sure he was carried away by the sea, as was the Sea Tiger might.

    The person who came as P’karan after the Tsunami was a ‘second’, an imposter.

    The Tsunami, an Act of God, saved Lanka from the devil himself.

    Lesson Learnt : Don’t jump into the pits again. Concerned Lankans – be forewarned.

  8. Ananda-USA Says:

    Techno,

    Pol Sambol … Welcome! Thank you for INDEPENDENTLY recounting the DEVIOUS HISTORY of the EELAMIST AGITATOR Lorenzo, aka Moshe Dayan, aka Kumar Moshe, aka xxxxxx David, ad nauseam, ad infinitum ……

    I predict that you will not be able to get a STRAIGHT ANSWER from the master of OBFUSCATION & MISDIRECTION …. the TREACHEROUS REPROBATE Lorenzo. He will drag in 10 other issues as red herrings to avoid answering the pertinent questions you ask that will NAIL HIM TO A WALL!

    Indeed, during the Pre-War and War Years we fought the Eelamists at hundreds of patriotic websites including VoiceOfLanka, DefenceWire, SriLankaDefenceForum, LankaWeb, Indian Express, Economist, Sinhaya, etc, etc

    I threw my support to MR very early as he moved to confront the LTTE and wage the war of liberation of our motherland with the will and determination required to win it, HEEDING the anguished cries of his people IGNORING the siren songs of jaundiced NGOs and the Neocolonial West plying its own agenda.

    The major disagreement I had with Kumar Moshe then was with his ESPOUSAL of Christian Missionary Conversions and Anti-National NGOs in Sri Lanka. I asked him to stop it, but he would not, so I banned him from the SLDF site. He has been BANNED from many other patriotic websites, even sites such as Colombo Telegraph. He access and gains prominence by PRETENDING to be the most AGGRESSIVE of Patriots, but soon begins to DIVERT the discussions towards his agenda inimical to the survival of Sri Lanka.

    In his “Patriotic Phase” he advocates TERRIBLE things that are anathema to fundamentally fair and just Sri Lankans, such as white vanning and assassinating people, military coup-de-etats, driving ALL Tamils into the sea, extremely devious clandestine operations, using weapons of mass destruction such as fuel-air and thermite bombs.

    All of these things he advocates are DESIGNED to create situations in which Sri Lanka would be UNIVERSALLY DEMONIZED by the GLOBAL COMMUNITY and would lead to INTERNATIONAL or Indian Intervention on behalf of the Tamil terrorists who have killed over 150,000 people in Sri Lanka and violated the laws, and exploited the economies of countries all across the globe.

    Despite their incontrovertible RECORD of murder and mayhem in Sri Lanka, they have managed to hide under a mantle of wailing victims ….making Sri Lanka that only defended itself against terror to appear and be hounded as the aggressor.

    This is the RECORD of this REPROBATE Facebook LORENZO; still UNASHAMEDLY plying his trade exploiting LankaWeb’s generosity and freedom of expression. He caused mayhem here UNDERMINING the UPFA/MR GoSL, the ONLY BARRIER to the Disintegration of our Motherland and the Achievement of his Eelam!

    That Eelamist Project to WIN by SUBTERFUGE IN PEACE the EELAM they FAILED TO WIN BY MURDEROUS WAR is now WELL ADVANCED with the FALL of the UPFA/MR GoSL and the installation of the 2nd Don Juan Dharmapala in the person of Somarama Sirisena, and Domenico de Saa in the person of Ruinous Ranil and his UNPatriotic Party with the help …. SAD TO SAY …. of some Sinhala Buddhists CONNED & BRIBED into supoorting the destruction of their Motherland!

    Nevertheless, this Electoral Coup-de-Etat by the minorities, of the minorities, and for the minorities for their SOLE BENEFIT EXCLUDING and SUBJUGATING the majority community of Sri Lanka, WILL NOT STAND LONG!

    Just as the Don Juan Dharmapala of old fled into exile with his Portuguese Masters, and de Saa had his head severed at the Battle of Randenivela deposited at King Senarath’s feet in a wicker basket, so will these TRAITORS to our Motherland be OUSTED and ERADICATED by root, trunk, branch, twig and leaf in the not too distant future when the Lions of Sri Lanka GIRD their Loins and RISE AGAIN with a ROAR of DEFIANCE!

    Those who have Sown the Wind shall then Reap the Whirlwind!

  9. Lorenzo Says:

    Fran,

    VP didn’t die from the tsunami!!

    He died 5 years later.

    DOWN WITH USA!

  10. SA Kumar Says:

    Ananda-USA

    Your Demil Thambi’s new moddo – DOWN WITH USA!

  11. aloy Says:

    I do not know how or why Ekneligoda disappeared at the time of war. If he was acting against the army at the crucial period he should have been silenced one way or the other as our survival as a nation was at stake. I believe these military officers who fought for the nation should not be punished as they did not act on their own for selfish reasons.

  12. aloy Says:

    Ananda,

    Do not cry for the milk that was spoilt. Try to support a new leader who will not be easily corrupted and rally the patriotic forces.

  13. Independent Says:

    Aloy,
    What is important is this. DO NOT THIS AS A REASON TO DISTROY OUR SECURITY. Whoever said this has spoken the essence of what is imperative, not political personal “vandana” going on here.

    එක්‌නැලිගොඩ සිද්ධිය මුවාවෙන් බුද්ධි අංශ පාවා දෙන්න එපා
    – ගොඩඅත්තේ ඥනසාර හිමි

    සිරිමන්ත රත්නසේකර

    ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ සිද්ධිය මුල්කර ගනිමින් මෙරට බුද්ධි අංශ පාවා නොදෙන මෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියහ.

    එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ යටතේ 2002 වසරේදී මෙවැනිම අයුරින් “මිලේනියම් සිටි” සිදුවීම හරහා බුද්ධි අංශ පාවාදුන් බවට චෝදනා කළ උන්වහන්සේ එය රටේ බුද්ධි අංශ විශාල බිඳවැටීමක්‌ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් විශාල පිරිසක්‌ ඝාතනය වීමට හේතුවක්‌ වූ බවත් උන්වහන්සේ සිහිපත් කළහ.

    බුද්ධි අංශ හෙළි කිරීමෙන් ඉදිරියේදී ජාතික ආරක්‍ෂාව බරපතළ අනතුරකට ලක්‌වනු ඇතැයි ද කියා සිටි ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ දෙමළ බෙදුම්වාදය මුළුමනින්ම බිඳ නොවැටී ඇති පසුබිමක සහ අයි. එස්‌. ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක මෙරට බුද්ධි අංශ සතුරන් වෙත විවෘත වීම අතිශය භයානක ප්‍රතිඵල දෙන කටයුත්තක්‌ වන බව ද අවධාරණය කළහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress