ජනතාවගේ යෝජිත  නව ආණ්ඩුක්රම  ව්යාවස්ථාවේ ස්වරූපය. 1. හා 2
Posted on January 20th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

වර්තමාන රජය නව ආණ්ඩුක්රම  ව්යාවස්ථාවක් නිර්මාණය කිරීම සදහා පියවර ගෙන ඇත. ඒ සදහා සාමාන්ය ජනතාවගේ යෝජනාද ඉදිරිපත් කරන ලෙස විවෘත ආරාධනාවක් සිදුකර ඇති පසුබිමක, මෙරට ජනතාව සිදිකල යුත්තේ කුමක්ද? යන පැනය සමාජය ඉදිරියේ මතුව ඇත.

මෙරට ජනතාව හා  ආණ්ඩු ක්රම ව්යාවස්ථාව යනු අහසට පොලොව තරම් දුරින් පිහිටා ඇති එකිනෙකා නොහදුනන උපාඞග දෙකකි. මෙරට ජනතාව ආණ්ඩුක්රම   ව්‍යාවස්තාවේ ඇත්තේ මොනවාදැයි නොදන්නවා සේම, මෙරට ආණ්ඩුක්රම ,ව්‍යාවස්තාව ම‌ෙරට ජනතාවගේ උවමනාවන් මොනවාදැයි හදුනාගෙන සකස් කල දෙයක්ද නොවේ. මේ ආණ්ඩුක්රම ව්‍යාවස්තාව එක එකාට සිතැගි පරිදි නිරන්තරයෙන් දූඩණය කරන ලබන්නක් බැවින් මෙය තුල ඇති ලෙඩරෝග සංඛ්යාව අති විශාලය.

හිටපු අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අවශ්යතාවයට අනුකූලව සකස්කර, මේ  ව්‍යාවස්තාවට කල න‌ොහැක්කේ ගැහැණියක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැණියක් කිරීමත් පමණක් බවට උදම් අනන තත්වයක් තුලදී ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා මෙරටට බලහත් කාරයෙන් කඩාවැදී; ප්රසිද්ධියේ මේ ව්‍යාවස්තාව 13 වෙනි වතාවටත් දූෂණය කරමින්, මේ ටව්‍යාවස්තාවට මහා බලපරාක්රමයෙන් යුතු මිනිසෙකු නපුංසකයකු බවට පත් කිරීමේ බලයක්ද ඇතිබව පෙන්වාදී, වීර සෙබලෙකුගේ රයිෆල් බට් පාරක සංග්රහයක්ද විද වහා වහා පලා ගියේය.

එතැන් පටන් මේ ව්‍යාවස්තාව තවතවත් කෙලසීම් ගනනාවකට පත් කරන ලදී. මේ ව්‍යාවස්තා දූෂණය කිරීම කිසිදු හිරිකික් නැතිව ජනාධිපති හා අගමැති යන රටේ ඉහලම පුරවැසියන් දෙපල සිදු කරන්නේ මහා ප්රසිද්ධියක් ද ලබා දෙමින් වීම මෙරට ජනතාව ලබා ඇති අභාග්ය සම්පන්න තත්වයයි.

මේ රටේ රාජ් නායකයින් මේ ව්‍යාවස්තාව දූෂය කිරීම ක්රම දෙකකින් සිදුකිරීමට පුරුදුව ඇත.

1. තමන්ට කිරීමට ඇවැසි දේ සදහා ටිකක් කල් ගත්තාට කමක් නැති තත්වයක් තුලදී ව්‍යාවස්තා සංශෝධනය නම්වූ උපක්ක්රමය  යොදා ගන්නා අයම, තමන්ට ක්ෂණිකවම කර ගැනීමට ඇති කාර්යයන් සිදු කරන්නේ ව්‍යාවස්තාව නොසලකා හැරීමෙණි. මේ යහපාලනය පුරාවටම ආණ්ඩුක්රම ව්‍යාවස්තාව ඇත්තේ කුණු බක්කියඒ බැවින් නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාවක උවමනාව ඉස්මතුකර තමන් කරන නොගැලපෙන වැඩ සදහා නීතිමය පදනම සකස් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව එම කටයුත්තට මෙරට ජනතාවද සම්මාදම් කරගෙන මේ අප කරන්නේ ජනතාවාදී ව්‍යාවස්තාවක් බව ලොවට හඩගා කීමට මංපෙත් විවර කරගෙන ඇත.

කුමන පදනමකින් වුවද මේ රටට ආණ්ඩුක්රම ව්‍යාවස්තාවක් අවශ්යය. එය ජනතාව හා බද්ධ වුුණ ජනතාවගේ දෙෙනික කාර්යයන්ට මනාව මග පෙන්වන ආණ්ඩු ක්රම ව්‍යාවස්තාවක් විය යුතුය. ඒ කාර්යය සදහා අත ගැසීමට සුදුසුම අවස්ථාව මේය වේ අපි සියළු දෙනාම එකතුව මේ මහා පින්කමට දායක වෙමු.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සදහා මෙරට ජනතාවගේ යෝජනාවන් මෙසේ විය යුතුය.

  1. හදුන්වාදීම

1.a. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව යෝජිත ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සෘජුවම කටයුතු කරන්නේ, මෙරට පුරවැසියන් වන 22,053,488 ජනතාවගේත්, වාර්ෂිකව .84% වේගයෙන් ජනගහන වර්ධනය හේතුවෙන් සමාජයට එක්වන අනාගත පුරවැසියන්ගේත් අභිවෘද්ධිය සදහා පමණි..

1.b.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සෘජුවම පෙනී සිටින්නේ වර්තමානයේ,  මෙරට වාර්ගිකව,
1.b.a. සිංහල                     74.9%
1.b.b.
ශ්‍රී ලාංකික දෙමළ    11.2%
1.b.c.
ඉන්දීය දෙමළ           4.2%
1.b.d.
මුස්ලිම්                    9.2%
1.b.e.
අනකුත්                   0.5% යන වාර්ගික අනුපාතයකින් යුත් ශ්‍රී ලාංකීය ජනසමාජයේ අභිවෘද්ධිය සදහා පමණි.

1.c.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සෘජුවම පෙනී සිටින්නේ වර්තමානයේ, මෙරට ආගමිකව.

1.c.a. බෞද්ධ                       70.2%

1.c.b. හින්දු                          12.6%

1.c.c  ඉස්ලාම්                        9.7%

1.c.d. රෝමාණු කතෝලික     6.1%

1.c.e. අනිකුත් ක්රිස්තියාණික  1.3% යන ආගමික අනුපාතයකින් යුත් ජනසමාජයේ අභිවෘද්ධිය සදහා පමණි.

1.d. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාව සෘජුවම පෙනී සිටින්නේ වර්තමානයේ මෙරට වයස් අනුපාතය අනුව

1.d.a.  වයස අවුරුදු 0 – 14 දක්වාවූ  24.58%

1.d.b.  වයස අවුරුදු 15 – 24 දක්වාවූ 14.77%

1.d.c. වයස අවුරුදු  25 – 54 දක්වාවූ 41.9%

1.d.d  වයස අවුරුදු  55- 64 දක්වාවූ  9.72%

1.d.e. වයස අවුරුදු  65 ඉහල           9.04% යන වයස් සීමා අනුපාතයන් අතර සිටින ජනසමාජයේ අභිවෘද්ධිය සදහා පමණි..

2 දේශපාලන ක්රමය:

හදුන්වාදීම:

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය තුල ජීවත්වෙන සියළුම මිනිසුන්ට,සිය ජීවන කටයුතු සාර්ථකව පවත්වා ගැනීම සදහා, ස්වභාවය විසින් අපේක්ෂා කරන දේ, අවබෝධ කරගෙන,  නිසි වයසේදී ඇවැසි දේ, නිසි ලෙස ලබා ගැනීමට මංපෙත් විවර කරදීමට වුවමනා පරිසරය සකස් කරදිය හැකි දේපාලන ක්රමයක් ස්ථාපනය කිරීම, මේ  ව්‍යාවස්තාවේ මූලික අරමුණයි,

එක් එක් පුද්ගලයාගේ නිදහස් වර්ධනය, පවුල හා පවුලේ සාමූහිකත්වය මත ගොඩනැගෙන වර්ධනය,හා  එම පදනම මත ගොඩනැංවෙන ග්රාම සේවා වසමේ වර්ධනය, මෙම යෝජිත දේපාලන ක්රමය අපේක්ෂා කරයි.


2.a.
වයස අවුරුදු 0 සිට 14 දක්වාවූ ජනගහණය, මුළු ජනගහනයෙන් 24.58% කි. මේ පරපුර, රටෙහි ජීවනාලියයි. මතු පරම්පරාව වන ඔවුන්ගේ අවශ්යතාවයන්ට ප්රමුඛත්වයක් ලබාදීමට මේ දේශපාලන ක්රමයට හැකිවිය යුතුය. සදහා,

2.a.a. මේ දරුවන්ට මව්පිය රැකවරණය අනිවාර්යෙන්ම ලබාදීමට මේ දේශපාලන ක්රමයේ ප්රමුඛ කටයුත්තක් විය යුතුය.

2a.b. මේ දරුවන්ට ශාරීරික පෝෂණය හා මානසික පෝෂණය නිසි ලෙස ලබාදෙන සමාජයක් ගොඩනැංවීමට මේ දේශපාලන ක්රමයක්ට අයිති කාර්යයකි.

2.b. වයස අවුරුදු 15 – 24 දක්වාවූ 14.77% තරුණ ජනගහණය රටට වැඩදායක පරපුරක් කිරීම සදහා, උසස් අධ්යාපනයට සුදුසුකම් ඇති හැම දෙනාටම අයිතිවාසිකම ලබාදිය හැකි දේශපාලන ක්රමයක් මෙහි ස්ථාපිත විය යුතුය.  උසස් අධ්යාපනය ලබන උගතා හා බුද්ධිමතා, රුකියා උත්පාදකයින් බවට පත්වෙන සමාජ ක්රමයක් ගොඩනංවන දේශපාලනයක් මේ රට තුල නිර්මාණය විය යුතුය.

2.c.වයස අවුරුදු  25 – 54 දක්වාවූ 41.9% පරපුරට පවුලක් නඩත්තු කල හැකි ආදායමක් හා පවුලකට නිවසක් අනිවාර්යෙන්ම හිමිකර දෙන දේශපාලනයක් මේ රට තුල තිබිය යුතුය.

2.d. වයස අවුරුදු  65 ඉහල  9.04% පරපුරථ සිය සැදෑ සමය නිදහස්ව නිවහල්ව ගත කරමින් තම අත් දැකීම් තුලින් ලද දැනුම් සම්භාරය අනාගත ලංකාවේ අභිවෘද්ධිය සදහා යෙදවිය හැකි සමාජයක් නිර්මාණය කල හැකි දේශපාලනයක් මෙහි තිබිය යුතුය. තවද මෙරට වර්තමානයේ සදහන් වන උපරිම ආයු කාලය  අවුරුදු 76.5 වශයෙන් සටහන්ව ඇති බැවින් යෝජිත දේශපාලනයට ජනතාවගේ උපරිම ආයු කාලය, අවුරුදු 76.5 ක් වශයෙන් පවත්වාගෙන යාමට හෝ ඊට වැඩි ආයුකාලයක් ලබාදෙන තලයකට මේ රට පරිවර්තනය කිරීමේ දේශපාලනයක් අවශ්යව ඇත.

2.e. “එක් එක් පුද්ගලයාගේ නිදහස් වර්ධනය, මුළුමහත් සමාජයේ නිදහස් වර්ධනයයි” යන සම්මතයේ පිහිටා කටයුතු කරන දේශපාලනයක ආරම්භය මේ රටට අවශ්යම සාධකයක් බවට පත්ව ඇත. අනුව,

        2.e.a. එක් එක් පුද්ගලයාගේ නිදහස් වර්ධනයට උපකාරීවන,

        2.e.b. පුද්ගලයන්ගෙන් සංයුක්ත පවුලේ, නිදහස් වර්ධනය මනාව පෝෂණය කරන,

        2.e.c. පවුල්වලින් සංයුක්ත ග්රාමසේවා වසමෙහි නිදහස් සංවර්ධනය බලගන්වන,

        2.e.d. එවැනි  ග්රාමසේවා වසම් වලින් සංයුක්තව ගොඩනැවෙන ප්රාදේශීය සභා, නගර සභා, හා මහා නගර සභාවන් මගින් නිදහස්ව සංවර්ධනය වන සමාජයට දායකත්වය සපයන්නාවූද,

        2.e.e. එම ප්රාදේශීය සභා, නගර සභා, හා මහා නගර සභාවල් ඇතුලත්ව ගොඩනංවා ඇති පලාත් සභාවල නිදහස් සංවර්ධනය උර දෙන,

        2.e.f.  සභාවලින් සමන්වතව, නිදහස් සංවර්ධය සදහා, මුළුමහත් රටක් මෙහෙය විය හැකි. පාර්ලිමේන්තුවක් ගොඩනංවන්නට සමත් වන්නාවූ, නව ආණ්ඩුක්රම ව්‍යාවස්තාවකි මෙය.

  1. පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මැතිවරණය.

හැදින්වීම

මේ යාන්ත්රණයේ  පාර්ලිමේන්තුවේ කාර්යභාරය වන්නේ,

වගන්ති 2.e.a. වලින් ඉල්ලා සිටින එක් එක් පුද්ගලයාගේ නිදහස් වර්ධනයට ඇවැසි පරිසරය ගොඩනැංවීමට, උපකාරීවීම

වගන්ති  2.e.b.වලින් ඉල්ලා සිටින  පුද්ගලයන්ගෙන් සංයුක්ත පවුලේ නිදහස් වර්ධනයට මනාව පෝෂණය කිරීමට පදනම ගොඩනැංවීම

 වගන්ති  2.e.c. වලින් ඉල්ලා සිටින පවුල්වලින් සංයුක්ත ග්රාමසේවා වසම නිදහස්ව සංවර්ධනයට බලගන්වන, පදනමක් නිර්මාණය කිරීම.

වගන්ති  2.e.d. වලින් ඉල්ලා සිටින ඒ  ග්රාමසේවා වසම් වලින් සංයුක්තව ගොඩනැවෙන ප්රාදේශීය සභා, නගර සභා, හා මහා නගර සභාවල නිදහස්ව සංවර්ධනයට දායකත්වයට නිර්මාණාත්මකව උපකාරී කිරීම..

වගන්ති  2.e.e. වලින් ඉල්ලා සිටින එම ප්රාදේශීය සභා, නගර සභා, හා මහා නගර සභාවල් ඇතුලත්ව ගොඩනංවා ඇති පලාත් සභාවල නිදහස් සංවර්ධනයට උපකාරී කිරීමය.

3.a. මේ අනුව පාර්ලිමේන්තුවේ මූලික වගකී්ම් සම්භාරය වන්නේ,

        3.a.a. පුද්ගලයාගේ නිදහස් වර්ධනය

        3.a.b. පවුලේ නිදහස් වර්ධනය

        3.a.c. ග්රාමසේවා වසමේ නිදහස් සංවර්ධනය

        3.a.d. නගර සභා, හා මහා නගර සභාවල නිදහස් සංවර්ධනය

         3.a.e. පලාත් සභාවල නිදහස් සංවර්ධනය

යන ඉලක්කයන් ජය ගැනීමයි.  ඉලක්කය ජය ගත හැකි, නිවැරදිව ඉටුකරන දිසාවට රට මෙහෙය වීමයි. 

 
3.a.a. පුද්ගලයාගේ නිදහස් වර්ධනය:

පුද්ගලයකු යනු සමාජ දේහයේ එක සෙෙලයකි. මේ සෙෙලයේ නිරෝගී භාවය මත සමාජයේ සරු නිසරු භාවය තීරණය වේ. එබැවින් සරු සංවර්ධිත සමාජයක් අපේක්ෂා කරන පාර්ලිමේන්තුවක් විසින් පලමුව සිදු කරන කරුණ වන්නේ සරු ප්රබුද්ධ පුද්ගලයකු නිර්මාණය කිරීමයි. අනුව,

              3.a.a.a. වයස අවුරුදු 0 – 14 දක්වාවූ  24.58% ක්වූ නැවුම් දරුපරපුරේ, කායික වර්ධනය හා මානසික සංවර්ධනයේ වගකීම් වලින් විශාල කොටසක් මේ පාර්ලිමේන්තුවට පැවරේ.

              3.a.a.b. වයස අවුරුදු 15 – 24 දක්වාවූ 14.77% ගැටවර අවදිය හා සමග බැදුණ තාරුණ්යේදී ඔවුනට ඇවැසි කායික, අධ්යාපනික හා මානසික වර්ධනයත් ඊලගට ඇරඹෙන අවධිය සදහා ඔවුන්ව සූදානම් කිරීමද මේ පාර්ලිමේන්තුවට අයත් වැදගත් කාර්යයකි.

              3.a.a.c.  වයස අවුරුදු  25 – 54 දක්වාවූ 41.9% වූ මේ ජනතාව, අධ්යාපනය, රැකියාව, විවාහය හා නව පවුල්සංස්ථාවක ආරම්භය, නව නිවසක්, හා සංවර්ධිත පවුලක් ගොඩනැංවීමේ භාරදූර කර්තව්ය ඉටුකිරීමට පෙරමුණේ සිටින බල කදවුරයි. ඔවුනට නිසි මග පෙන්වීම හා රැකවරණය ලබාදීමට මේ පාර්ලිමේන්තුව බැදී සිටී.

              3.a.a.d. වයස අවුරුදු  65 ඉහල  9.04% යන වයස් සීමාව යනු මෙරට විශ්රාමික වයසයි මේ යුගයේදී ඔවුනට නිසි මග පෙන්වීම හා ඔවුනට සමාජයට මග පෙන්වීමටද අවස්ථාව ලබාදීම මේ පාර්ලිමේන්තුව සතු වගකීමයි.

 

3.b.මේ සදහා වූ නිදහස් කතිකාවත:

3.b.a.අප මේ කථා කරන්නේ, පුද්ගලයා, පවුල, සමාජය යන ආයතන තුනේ නිදහස් සංවර්ධය ඉලක්ක කරගත් පාර්ලිමේන්තුවක අවශ්යතාවයයි. මේ කටයුත්ත හැර වෙන කිසිදු කාර්යයක් කිරීමට මේ යෝජනා කරන ව්යස්ථාපිත පාර්ලිමේන්තුවට අවසර නැත.

3.b.b. පුද්ගලයා, පවුල, සමජය යන ආයතන තුන ස්වභාවයේ නිර්මාණයන්ය. ස්වභාවය, මේ ආයතන තුන නිර්මාණය කිරීමට පෙර, මේ ලෝකය ඊට උචිත ආකාරයට සකස් කරන ලදී. අනුව, මේ ත්රිත්වයේ “නිදහස් සංවර්ධනය “සදහා, අවශ්ය කරන ප්රධාන අවශ්යතා සැපයීම සදහා, පරිසර පද්ධතියක් නිර්මාණය කරන ලදී. අනුව,

                3.b.b.a. ජීවයට හිතකර වා ගෝලයක්.

                3.b.b.b. ජීවයට හිතකර ජලාශ්ර පද්ධතියක්.

                3.b.b.c. සෑම මිනිසෙකුටම අවශ්ය ආහාර පහසුවෙන් ලබා ගැනීමට ඇවැසි පරිසරය සකස් කිරීම, මේ පාර්ලිමේන්තුවේ ප්රධාන වගකීමකි.

3.b.c. මේ අනුව, මේ අප කථා කරන පාර්ලිමේන්තුව, මේ පරිසර පද්ධතිය, සුරැකීම, හා ප්රවර්ධනය කිරීමට බැදී සිටී.

3.b.d. මේ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාලනය තුල පුද්ගලයා, පවුල, සමජය යන ආයතනයන්ගේ පැවත්මට මහෝපකාරීවන,

            3.b.d.a. ඔක්සිජන් වායුව සපයන වනාන්තර පද්ධතිය, නාගරික හා ග්රාමීය  වෘක්ෂ පරජාව මනාව සංඝණයකට භාජනය කර, සුරක්ෂිත කිරීම හා ප්රවර්ධනය කිරීමට බැදී සිටී.

            3.b.d.b. මුළු මහත් ලක් දෙරණට වර්ෂාව පතිත කිරීමට දායකවෙන හා එම බිම මත පතිත ජලය සුරකින වනාන්තර පද්ධතිය, නාගරික හා ග්රාමීය  වෘක්ෂ පරජාව සුරකීම, සියළුම ජලමූලාශ්ර රැක ගැනීම, ගංගා ඇල දොල, වැව් හා මුහුද, අපද්රව්ය බැහැර කරන ස්ථාන වශයෙන් නොසලකා. මනාව සුරැකිම සදහා යාන්ත්රණයක් නිර්මාණය කිරීමට, පාර්ලිමේන්තුව බැදී සිටී..

            3.b.d.c. කෘෂිකර්මාන්තයට ඉහළම පහසුකම් සැපයීමට පාර්ලිමේන්තුව විසින් විශේෂ විධි විදාන යෙදිය යුතුය.
(මීලග කොටස බලාපොරොත්තු වන්න)
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress