71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් -කර්තෘ වෛද්‍ය රුවන් එම්. ජයතුංග
Posted on April 2nd, 2016

ආචාර්ය ලීල් ගුණසේකර 71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම්

 
වෛද්‍ය රුවන් එම්. ජයතුංග  විසින්  71 කැරැල්ල පිළිබඳව අධ්‍යයනයක් කොට කැරළිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් ඉතිහාසයේ සැඟව පැවති සාධකයන් ඉස්මතු කරමින් ඉතා අගනා සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා කෘතියක් පාඨකයාට ලබා දීම ප්‍රශස්ත කරුණක් ලෙස මම දකිමි.
 
වෛද්‍ය රුවන් එම්. ජයතුංග මට මුලින්ම හමු වූයේ 1986 වැනි ඈත කාලයේදීය. කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ උසස් පෙළ නිම කළ සිසුවෙකුව සිටියදී ඔහු අර්ධකාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස සේවය කළේය. එහිදී වැඩසටහන් වලදී අප මුණගැසී තිබේ.
71 Book coverA
 
71 කැරැල්ල මතුවූ අවස්ථාවේදී මම එවකට පැවති රජයේ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා වූයෙමි. කැරැල්ල මැඩපැවැත්වීමෙන් පසුව රඳවා සිටි කැරළිකරුවන් පුනරුත්ථාපනය කොට ඔවුන් යළි සාර්ථකව සමාජගත කිරීම සඳහා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට අවංක අභිලාෂයක් තිබූ අතර එම පුනරුත්ථාපන කාර්යය මා වෙත පවරනු ලැබීය. මෙම අභියෝගය මම භාර ගත්තෙමි. අප කරුළිකරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු ඇරඹුවේ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණ උපදේශකයන්ගේ සහායද ලබා ගනිමිනි. වඩාත්  ගුණාත්මක සේවයක් ලබාදීමට අපට හැකිවූ බව පවසන්නේ නිහතමානී සතුටක් සිතේ රඳා ගනිමිනි.
 
71 කැරැල්ලටසහභාගිවූවන්ගේ පුනරුත්ථාපනය හා යළි සාර්ථක සමාජගත කිරීමේ කර්තව්‍යයේ ප්‍රතිඵල අද අපි දකිමු. බහුතරයක් කැරළිකරුවන්අද ඵලදායි යහපත් පුරවැසියන් ය. 88 දෙවන කැරැල්ලට ඔවුන්ගෙන් 1% ක් හෝ සහභාගි වූයේ නැත. 71 පශ්චාත් කැරළි පුනරුත්ථාපනය සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් නිලධාරින්ටද එහි ගෞරවය ලැබිය යුතුය.
 
71 කැරැල්ලෙන් දශක හතරකට ආසන්න කාලයකට පසුව කැරැල්ලේ විවිධ පාර්ශ්ව හරහා තොරතුරු ගවේෂණය කාලෝචිත පියවරකි. 71 කැරැල්ල සම්බන්ධයෙන් ලියැවී ඇති සීමිත පොත් අතරට මෙම වටිනා ග්‍රන්ථයද එකතු වීම සතුටට කරුණකි. විවිධ විෂයයන් යටතේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පොතපත ලියා ඇති වෛද්‍ය රුවන් එම්. ජයතුංග  වැනි ලේඛකයකුගෙන් 71 කැරැල්ල පිළිබඳව සමබර කෘතියක් ලියැවීම ප්‍රශස්ත කටයුත්තකි.
ආචාර්ය ලීල් ගුණසේකර
71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම්

One Response to “71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් -කර්තෘ වෛද්‍ය රුවන් එම්. ජයතුංග”

  1. Christie Says:

    Sinhala terrorist arm pf India.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress