බහුසංස්කෘතික බහුබූතය 4
Posted on April 5th, 2016

නලින් ද සිල්වා

මේ ලිපි පෙළ කියවන බුද්ධිමත් පාඨකයනට මා කියන්නේ කුමක් ද යන්න දැනටමත් පැහැදිලි වී ඇතැයි සිතමි. මේ ලිපි පෙළ ඇරඹුනේ මිනිසුන්ගේ සමානකම් ගැන ලියූ ලිපියකිනි. අද බටහිර ලෝකය විසින් අප මත පටවන පට්ටපල් බොරු අතර අපි මෙහි දී ඉන් දෙකක් විමසමු. එකක් නම් සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය යන්න ය. දෙවැනි පට්ටපල් බොරුව බහුසංස්කෘතික බහුබූතය හෙවත් රටවල්වල විවිධ සංස්කෘති ඇති බව හා ඒ ඒ රටවල ඇති සංස්කෘති සමාන බව ය.
සියලු මිනිසුන් සමාන ව මවනු ලැබ ඇත යන්න ඇමරිකන් නිදහස් ප්‍රකාශනයේ දැකිය හැකි ය. එහි සඳහන් වන්නේ එයට අත්සන් තැබූවන් (පළමු ප්‍රාන්ත දහතුනේ නියෝජිතයන්) සමාන ව මවනු ලැබ ඇත යන්න ය. එහි අත්සන් තැබුයේ සුදු පිරිමි නියෝජිතයන් බව අමතක නොකළ යුතු ය. එහෙත් පසුව එකතු වූ ප්‍රාන්ත සඳහා ද, ගැහැණුන් සඳහා ද, වහලුන් ලෙස ගෙන ගිය අප්‍රිකානුවන් සඳහා ද, අද වන විට ඇමරිකාවේ පුරවැසියන් වන සියළු දෙනා සඳහා ද මේ ප්‍රකාශය වලංගු වේ යැයි කියැවෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශයේ හත්වැනි වගන්තියේ සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය යන පට්ටපල් බොරුව සඳහන් වෙයි. (මෝඝ පුරුෂයකුට හැර වෙනත් අයකුට විකිපීඩියාව කියවීමෙන් වුව ද මේ කරුණු දැනගත හැකිය) මෙහි මුල ග්‍රීකයකු වූ පෙරික්ලීස්ට ලබාදීමට බටහිරයෝ කැමති වෙති. මිනිසුන්ගේ සමානකම් ගැන ලියූ ලිපියෙහි මෙය පට්ටපල් බොරුවක් බව මම පෙන්වීමි. එසේ පෙන්වා ඇති පළමු තැනැත්තා මා නොවන බව ද සඳහන් කළ යුතු ය.
බටහිරයන් අපට පාසල්වල, විශ්වවිද්‍යාලවල, ජනමාධ්‍යයෙහි, පොත්පත්වල හා තවත් තැන්වල අපට කියා දෙන පට්ටපල් බොරු අපි විශ්වාස කරමු. අපේ උගත්කම වැඩිවන්නට අපේ ගොන්කම ද වැඩි වෙයි. අපි තව තවත් අන්ධව බටහිර කතන්දර විශ්වාස කර ඒ ප්‍රචාරය කරමු. මේ දැනුම් ආධිපත්‍යයෙහි ප්‍රතිඵලයකි. දැනුම් ආධිපත්‍යය පදනම් වන්නේ බටහිර විද්‍යාවෙහි ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් හා ප්‍රවාද මත ය. එවැනි විධික්‍රමයක් නැති අතර මේ ප්‍රවාද යනු පට්ටපල් බොරු වූ හිතළු පමණක් වෙයි. බටහිර දාර්ශනිකයන් වූ පියර්ස් හා පොපර් වැන්නන් බටහිර විද්‍යාව බේරා ගැනීමට තැත්කළ ද ඒ අසාර්ථක ව්‍යායාම පමණක් විය. පියර්ස්ගේ අනපෝහනය (මෙය මා විසින්  සකස් කෙරුණු වචනයකි. එය abduction යන ඉංගිරිසි වචනය සඳහා යොදා ගනිමි.) හා පොපර්ගේ අසත්‍යකරණය ව්‍යාජ කතන්දර පමණකි.
මෙහි දී වරුණ චන්ද්‍රකීර්ති පසුගිය දා සිංහල ක්‍රියා පද ගැන ලියා ඇති ලිපියට අවධානය යොමු නොකර සිටිය නො හැකි ය. අපි බටහිරයන් අනුකරණය කිරීමට පෙර අශෝකගේ මගධ සංස්කෘතිය ද චෝල සංස්කෘතිය ද අනුකරණය කෙළෙමු. අනපෝහනය යන්න සදුසු වචනයක් නො වේ. ආදාළ ක්‍රියාපදය එවිට අනපෝහනය කරනවා යනුවෙන් ලිවිය යුතු ය. එය තවත් කරනවා වර්ගයේ ක්‍රියා පදයකි. අප කරනවා යන පදය යොදන්නේ අන් බසකින් ගත් ක්‍රියා පදයක් වෙනුවෙනි. කෙළිනවා යන පදය තිබිය දී අපි සෙල්ලම් කරනවා යනුවෙන් දෙමළ වචනයක් යොදා ගන්නෙමු. අපට අද සෙල්ලම ලෙල්ලමක් වී තිබේ. වෙනත් වචනවලින් කිවහොත් අපට කෙළ වී තිබේ. මේ ලිපියෙහි ම කරනවා යනුවෙන් ක්‍රියා පද ලිවීමේ දී කී වතාවක් යොදා ගෙන ඇත් ද? එසේ ලිවීමෙන් අපට නිදහස් විය හැකි ද?
සිංහලය ක්‍රියා පද මූලික වූ භාෂාවකි, ඉංගිරිසිය නාම පද මුල් කරගත් භාෂාවකි. අපට වහිනවා යනුවෙන් තනි වචනයකින් ක්‍රියාවක් ප්‍රකාශ කළ හැකි ය. එහෙත් ඉංගිරිසියෙහි ඉට් රේන්ස් යනුවෙන් යෙදීමට සිදුවෙයි. සිංහලයෙහි ඇත්තේ ක්‍රියා පද වර්ග හයක් පමණක් බව කුමාරතුංග මුනිදාසයන් තම ක්‍රියා විවරණයෙහි දී පෙන්වා දී ඇත. අනුකරණයෙහි දී වුවත් සිංහල ආකෘතිය රැකගැනීම වැදගත් වෙයි. කරනවා යන පදයට වුවත් අපි සෙල්ලම් යන වචනය වම්පැත්තෙහි ලියමු. ඉංගිරිසියෙහි ඒ එසේ නො වේ. එහි ඩූ ප්ලේ යනුවෙන් ඩූ පදයට දකුණෙන් විස්තරය සඳහන් කළ යුතු ය.
සිංහල භාෂාවෙහි ව්‍යාකරණය පාළි හා සංස්කෘත භාෂා දෙස බලා සපයා ගන්නා ලද්දකි. අපට විභක්ති නවයක් නැත. විභක්ති නවය අනුකරණයෙන් තනන ලද්දකි. සිදත් සඟරාව සංස්කෘත ව්‍යාකරණයක පරිවර්තනයකි. අපේ සිසුන්ට ව්‍යාකරණය හා ගණිතය අමාරු වන්නේ ඒ දෙකම අපේ නොවන නිසා ය. ව්‍යාකරණය සංස්කෘතෙන් හා පාළියෙන් ලැබී ඇති අතර ගණිතය බටහිර වියුක්ත දැනුම මත පදනම් වෙයි. වරුණ වැනි තරුණයන් මේ කරුණු ගැන සොයා බැලීම වැදගත් වෙයි.
සමාන නොවන්නේ මිනිසුන් පමණක් නො වේ. සංස්කෘතීන් ද සමාන නො වේ. මේ ලිපි පෙළ ඒ බව පෙන්වීමට ය. අද බහු සංස්කෘතික බහුබූතය යටතේ අපට කියන්නේ ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා අනෙක් සංස්කෘති සියල්ල සමාන බව ය. බටහිර දැනුම් ආධිපත්‍යයට යට නොවී අපි මේ පට්ටපල් බොරුව ප්‍රතික්‍ෂෙප කරමු (නැවතත් කරමු!).  (මතු සම්බන්ධයි)
මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
 
 
නලින් ද සිල්වා
2016 අප්‍රේල් 06

4 Responses to “බහුසංස්කෘතික බහුබූතය 4”

  1. Dham Says:

    Very interesting regarding Sinhala language , what Nalin said “සිංහලය ක්‍රියා පද මූලික වූ භාෂාවකි, ඉංගිරිසිය නාම පද මුල් කරගත් භාෂාවකි. “.
    If we think deep, නාම පද, ක්‍රියාපදයක් විස්තර නොකරන්නේම් පට්ටපල් බොරුය​. ක්‍රියාපද , නාම පද ගැටගසා නැත් නම් බොරු නොවේ. උදාහරණලෙස දුක​, සැප​, සතුට ඇත්තය​. රජා, ගස​, කාරය​, බසය ,නලින්,රනිල් බොරුය​. දුක් විඳීම , ඊර්ශ්‍යා කිරීම ඇත්ත වුවත් ඒවා තනි වචන නොවේ. “දුක් විඳින්නා” කියා කෙනෙක් නැත​. විඳීමක් ඇත​.

    Interestingly, Buddhism teaches us falseness of “nouns”. Whatever described by a noun is FALSE. Those are names constructed by people to describe a collection of impermanent things. Verbs , on the other hand are “actions” and therefore TRUE.

    We should be proud to be speaker of a language predominantly made of TRUTH than FALSE.

  2. Dham Says:

    What is described by the word “multiculturalism” is not having a single culture but accepting different cultures within a same “framework of law”. When those countries promote “multiculturalism” such as USA , Canada, Australia , UK etc. their jurisdiction is basically Christian based. It should be corrected as “multiculturalism under Christianity”. This is why they have to change their laws to allow gay marriage recognised. If a Buddhist temple everyday preaches that “their is no GOD” they will surely close it down by some means. This is why temples accept Jesus as a good teacher which is completely wrong according to Buddhism. However our temples in Sri Lanka should not do it. They should keep saying GOD, ALLAH is false and stupid loud and clear. Our jurisdiction have to be changed to allow that.

  3. Senevirath Says:

    ””අනු කරනයෙදී වුවද සිංහල ආකෘතිය රක ගැනීම වැදගත් වෙය් ” — වැදගත් කියමනකි
    බොහෝ අය ග න්නේ ගෙඩි පිටිනි අවශෝෂණය කරගැනීමට අකමැති අය මේ ගැන වත් සිත යොමුකරත්වා .
    නලින් කියනදෙවල්ල් නොතෙරුනාවාගේ සමහර අය සිටින්නේ තමන්ගේ ආධිපත්‍යය බින්දෙයය් බියෙනි . නලින් නැති කාලයක ඌවුන් වලන් කඩේට පැනපු ගොනුන් මෙන් සියල්ල පොඩිපට්ටම් කරනු ඇත .
    අපි සීරුවෙන් සිටිමු

  4. Senevirath Says:

    DHAM ධම් ‌ පිටරට බෞද්ධ පන්සල්ල් වල සාය්බබා ඇදහීම ගනා වත් කතා කරන්නේ නැත. කිතුනු මැවුම් කරු ගැන ඉතින් කතා කරයදලිංග වන්දනාවේ අනුසස් ගැන භජන් ගයා පන්සලේදී නැත අන් සරණක් මට ගාථා කියන එකේ පරස්ප බව වත් කතා ක ලොත් දායකයෝ පන්සලට නොඑය් කියල බයය් පිටරට හාමුදුරුවරු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress