රනිල් රෙදිත් ඇදගෙනද චීනෙට යන්නේ?
Posted on April 6th, 2016

-ශ්‍රී රෝහණ–යුතුකම සංවාද කවය

අසව්!අසව් 25 පෙබරවාරී 2016 ඉරිදා ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරන කුප්‍රකට රුපියල් කෝටි 700 භාංඩාගාර බිල්පත් වංචාවට චෝදනා ලැබූ පළමු විජාතික මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කියා සිටියේ ශ්‍රී ලංකා අගමැති රනිල් ක්‍රමසිංහ ලබන අප්‍රේල් මාසයේ චීනයේ නිළ සංචාරයක් කරන බවයි. තවද මලික් සමරක්‍රම හා සාගල දැනටම චීනයේ සිටින අතර කොළඹ වරාය නඟරය හා තවත් දෑ පිළිඹඳ සාකච්චා පවත්වන බවයි.

“ඉදිරියේදී සිදු කිරීමට නියමිත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයට පෙරාතුව චීනය මිත්‍ර කර ගැනීම සඳහා හොංකොංහි පිහිටි සමාගමකට ඩොලර් 55,000ක් පමණ ගෙවීමට සූදානමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂම මහතා පවසයි”. ලෝකය දිනූවායි කියන දකුණු ආසියාවේ ඔස්තාද් ක්‍රමසිංහ මේ සක්වළ පළමු අගමැතියි විදේශ සංචාරයකට පෙර සමාගම් වලට අල්ලස් දී චාරිකා සංවිධාන කරගන්නා. මොහු කොපමණ රාජ්‍ය තාන්ත්‍රිකව පිරිහී ඇද්දැයි බැලීමට හොඳම සාධකය. මේවා ඇසෙද්දී අපට කියන්ට වෙන්නේ විලිලැජ්ජා නැතිකම අගමැති කමටත් වඩා වැඩි බවයි.

2015 ජනවාරී CIA/RAW ඔත්තු අංශ මෙහෙයු NGO බටහිර ගැති, නාගරික අනුකාරකයින්, ජාතිවාදී,ගෝත්‍රවාදී අන්තවාදී සිංහළ බෞද්ධ විරෝධීන්ගේ හුරතලුන් ලෙස පත්වූ රනිල්-සිරිසේන ජුන්ටාව තම ජන්ද ව්‍යාපාරයේ පළමු හතුරා ලෙස රාජපක්ෂ පාලනයද දෙවන හතුරා ලෙස මහජන චීන ජනරජයද ඔවුන්ගේ ගොබෙල්ස්වාදී ප්‍රචාරනයෙන් හංවඩු ගසන ලදි.

ඒ අනුව මෙරට චීනයෙන් ණය ගැනීම,සංවර්ධන ව්‍යාපෘති ගැනීම අති මහත් අපරාධ වූ අතර,ලංකාව චීන කොළනියක් කරන බවක් සමාජ ගතකරන ලදි.තවඳ චීන සංචාරකයින් පැමිණීමද ඔවුන්ට අනුව ලංකාව චීන කොළනියක් කිරීමය අපරාධයකි. එයද වහල් යටත් විජිත මානසිකත්වයට අනුවය.සංචාරකයින් විය හැක්කේ ඇමරිකන් හා යුරෝපීයන්ට පමණී.ඔවුන්ට අනුව ආසියාතික චීන ජාතිකයන්ට සංචාරකයින් විය නොහැක. ලෝකයේ වැඩිම වශයෙන් දැන් සංචාරය කරන්නේද චීන ජාතිකයන් බව ආර්ථික ඔස්තාද් රනිල්ගේ ගොබෙල්ස්ලා නොදන්නේද?

එකළ එජාප ජනාධිපති අපේක්ෂකයාගේ චන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ උග්‍ර ඇමරිකන් ඉන්දියන් ගැති, සිංහළ බෞද්ධ විරෝධී රනිල්,මංගල,මලික් කල්ලිය විසිනි.ඔවුන්ට අනුව තම හාම්පුතුන් දෙපළ සැනසීමට ඔවුන්ගේ පොදු සතුරාවන චීනය පතුරු ගැසීම ඉතාම හොදම තුරුම්පුව විය. මේ සඳහා හම්බන්තොට වරාය ව්‍යාපෘතිය,කොළඔ වරාය නගරය (Port City),දක්ෂිණ අධිවේගය,කොළඹ කටුනායක අධිවේගී මාර්ගය,කොළඹ වරාය සංවර්ධනය,නෙලුම් පොකුණ,ෂන්ග්රීලා හෝටල්,නෙලුම් කුලුණ,කොළඹ පිටත වටරවුම,කොළඹ නුවර අධිවේගී මාර්ගය,මාතර-කතරගම දුම්රිය මාර්ගය,රටපුරා මාර්ග සංවර්ධන වැනි චීන ව්යාප්‍රුති විවේචනය රනිල් සිරිසේන චන්ද ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකා විය. එකළ ඔවුන්ට හා ඔවුන්ගේ රුපියල් 1600 ෆේස්බුක් බලකායට චීනය නයාට අඳුකොළ මෙන්ය.රාජිත සේනාරත්න, රනිල් ක්‍රමසිංහ,හර්ෂ ද සිල්වා වැනි අය පුන පුනා කිව්වේ පෝට් සිටිය නවතා දමන බවයි.එසේ නොකීවායි මොවුන්ට කිව හැකිද?

වාචාලකම සිරිකොතට හා බටහිර වහල් මානසිකත්වයෙන් යුත් අමනයන්ට හොඳවූවාට රජ්‍ය පාලනයට හොඳ නැත. උදාහරණ අපම අත්දැක ඇත.රනිල්ගේ මාමා ගේ සමයේ රනිල් සමඟම කැබිනෙට්ටුවේ සිටි කානූකටා යයි නම් ලද ආර් ප්‍රේමදාස එවකට ඉන්දීය අගමැතිනිය ඉන්දිරා ගාන්ධී මැතිනියට හා ඇයගේ පුත් රාජීව් ගාන්ධිට “එළදෙන හා වස්සා”ලෙස පාර්ලිමේන්තුවේ කළ අපහාසද එකළ ඉන්දියාව අපෙන් පළිගැනීම් දක්වා නොගියේයි කිවහැකිද? සකළවිධ එජාප චන්ඩීන්ට රාජීව් ගාන්ධී මූත්‍රා යනතුරු ටොකු ඇන්නේ නැත්ද? ඒ ඇන්න ටොකුවලට රනිල් භයවෙලා නේද මෝඩි එනකොට දැනුත් කානුවට බහින්නේ. රනිල්/සිරිසේන ජුන්ටාව හා එජාප වහල්ලු මෝඩිට භයේ කානුවට බැස්සාට අපට කම් නැත.මුන්ගේ අමනකමට ජාතියම ඇඳගෙන කානුවට බැහිමට යාමයි අපේ ජුගුප්සාව.

එජාපයේ පරගැති නිවට බව පක්ෂයේ ආරම්භයේ සිටම ආ එකකි. 1953 චීන ලංකා රබර් සහල් ගිවිසුමට රනිල්ගේ මාමාවූ ජේ.ආර් මුලසිටම ආර්.ජී සේනානායක සමඟ වෛර බැන්දේය.ඒකේ ප්‍රතිථලයක් වුනේ ආර්.ජී එජාපයෙන් ඉවත්ව 1956 මඑපෙ එකතුවී කැළණිය හා දඹදෙණිය ආසන දෙකටම තරඟ කර ජේ.ආර් කැළණියෙනුත් එළවා ජය ලැබීමයි. එම මැතිවරණයේ දී “ජේ.ආර් නානා,කැළණියට වානා,ආර්.ජී සේනා,කැළණියට ඕනා” කියමින් එදා කියූ දෙය අදට අපට කියන්ට වෙන්නේ “රනිල් නානා,ලංකාවට වානා,මහින්ඳගේ සේනා,ලංකාවට ඕනා”

එපමනක් නොව ජේ.ආර් මෙන්ම තවත් යැංකි/එංගලන්ත ගැති වහල් මානසිකත්වයක් තිබූ ජෝන් කොතලාවල 1955 චීන විරෝධය බැංඩුන් සමුලුවේ ප්‍රදර්ශනය කිරීමට ගොස් “බැංඩුන් බූරුවා” ලෙස පට්ටමක්ද ගහගත්තේය.
මේ සියල්ලෙන් පෙනේන්නේ එජප එදා සිට අදද බටහිර ගැති වහල් මානසිකත්වයෙන් මිදීමට උඩ සිට පහලටම තවම ලෑස්ති නැති බවයි. එයින් මිදීමට උත්සාහයක් නැතුවා මදිවට එම වහල් භාවය සුජාත කිරීමට නම් අතිමහත් චීන විරෝධයක් නම් ආරූඪ කරගෙන ඇත. වන්දිභට්ටයින් කියන ලෙසට රනිල් ආර්ථික ඔස්තාද් කෙනෙක්ල? ඒත් ඔස්තාද් උග්‍ර චීන විරෝධී වුනාට ඔහුගේ බලසම්පන්න ස්වාමීවරු නම් වෙළදාමේදී චීනය උඩින්ම තියාගෙනඉන්නේ. ඇමරිකාවේ දෙවන, ඉන්දියාවේ පළමු, එංගලන්තයේ තෙවන, ඔස්ට්රේලියාවේ පළමුවෙනි වෙළද සහායකයා චීනයයි.ඔස්තාද් ලෝක තත්වය දන්නවා නම් චීන විරෝධය, පවත්නා ලෝක තත්වයට පටහැනි බව ජන්ද ව්යාපාරයේදී නොදැන සිටියාද? බලලෝභය නිසාම නොදැක්කේද?
අනෙක් අතින් චීනය අපට උදව්කලේ හැමවිටම අපට අවශ්ය වෙලාවේ මිසක් ඔවුන්ට අවශ්ය වෙලාවේ නොවේ. 1953 රබර් සහල් ගිවිසුම නොතිබ්බා නම් 1953 හර්තාලය දිනකින් නොව මාස ගණනක් යෑමට තිබුණී. එහෙම වූවානම් එදා කැබිනට් රැස්වීම “නිව්ෆවුන්ඩ්ලන්ඩ්” නැවේ පැවැත්වූවාට අමතරව රනිල්ගේ මාමලාට ඒකෙන්ම එංගලන්තයේ පදිංචියටද යෑමටද ඉඩ තිබුණී. තවද තුල්හිරිය,මින්නේරිය,පූගොඩ කම්හල් දුන්නේ තෑගි ලෙසය. සම්මන්ත්රණ ශාලාව නොබැඳි සමුලුවට තෑග්ගකි.ත්රස්තවාදී යුද්ධයේදි ආයුධ අවශ්ය වේලාවේදීය.රනිල්ලාගේ හාම්පුතුන් එක උන්ඩයක්වක් නොදෙනවිට අපට ආත්මාරක්ෂාවට ආයුධ දුන්නේ චීන මිතුරායි.

ලංකාව විනාශකිරීමට ත්‍රස්තයින් පුහුණු කර ආයුධ දුන්නේ රනිල් වඳින ඉංදිය හාම්පුතා නෙවෙයිද? ත්‍රස්තයින්ට රැකවරණ දී පුහුණු කලේ ඇමරකාව එංගලන්තය යුරෝපය නොවේද?ඇන්ටන් බාලසිංහම් කොළඹ එංගලන්ත මහකොමසාරිස් කාර්යයාලයේ සේවය කලේ අහඹුවකින්ද? එජා සංවිධානයේදී දිගින් දිගටම ලංකාවට විරුද්ධ වුනේ රනිල්ලාගේ අතිජාත මිතුරන් වූ ඇමරිකාව,එංගලන්තය,නෝර්වේ,යුරෝපා සංගමය සමඟ ඉංදියාව නොවේද? චීනය එතනදීත් අප වෙනුවෙන් පෙනී සිටියේ නැද්ද?
රනිල් හා එජාපයම අපට උදව්වට සිටි ප්‍රධාන මිතුරාට අනේක විධි අපහාස අවලාද නැගු අතර අපව ජාතියක් ලෙස බිත්තියට හේත්තු වෙනතුරු පහර දුන් සතුරු රාජ්ය වෙත නිවට ලෙස දණගාමින් වන්දනාමාන කලේ චීන විරෝධය උඩ ආධාර උපකාර ලැබේයන නිගමනය උඩය.

අවශ්‍යම වූ යුද්ධයේදී ඇමරිකාවෙන් ලැබුනේ තුවක්කු ගැලවු මුරයාතත්රාවක් පමණී. නැතිවෙන්ට එජා මානව හිමිකම් කවුන්සලයේදී ඉතාම පහත් තත්වයෙන් ලංකාව අපහසුතාවයට නම් පත්කලේය.රනිල් දිනපු ගමන් ඇමරිකාව වන්දනා කරමින් කඳබැදගෙන ගොස් හිස් අතින් ආවේය.

බලයට ඒමට රනිල් ලංකාවේ පැතිරූ මැවූ චිත්‍රය නම් ඇමරිකාවේ,එංගලන්තයේ, යුරෝපයේ,ජපානයේ, ඉන්දියාවේ ආයෝජකයින් කර්මාන්තශාලා හා ඩොලර් පවුම් නැව්වලට පටවාගෙන වරායවල රනිල් දිනන තුරු බලාසිටින බවත් රනිල් දීනූ වහාම පසු දින සිට මෙරට ආයෝජනය කරන බවත්ය. ජර්මනියෙ ෆෝක්ස්වාගන් කම්හලකට භූමියකුත් කුළියාපිටියෙන් බදුදීමට ලෑස්තිවිය.
චීන ආධාර දෙනවිට කිසිදු කොන්දේසියක් නැත. මූල්‍යමය කටයුතු වලට අභ්‍යන්තර දේශපාලනයට කිසිදු බලපෑමක් නැත.ලෝක බැංකු ආධාරවලදී මෙන් පෞද්ගලීකරන, මුදල අවප්‍රමාන කිරීමට බලපෑම් නැත.
මෙනයින් ඉන්දීය ණය සම්පූර්ණයෙන්ම බායියාගේ ණයටත් අන්තය. බායියා පළමුව ණයදී ගෙයද අයිතිකරගෙන බිරිඳත් දුවත් දෙදෙනාමත් විවාහ කරගෙන නවතින්නේ. මුහුදු මංකොල්ලකාරයෝ ඉන්දියානුවට වඩා ශිෂ්ටය. ඉන්දියානුවෝ දැන් අපේ අභ්යන්තර දේශපාලනය හැසිරවීම,ව්‍යයවස්තා තීරණය,විදේශ වෙළදාම,විදේශ කටයුතු, ආරක්ෂාව,අභ්යන්තර මාර්ග,වෙළද ගිවිසුම්,යටිතළ පහසුකම්, දුම්රිය මාර්ග සියල්ල පාලනයට ඔවුන්ගේ ණය ආයුධයක් කරගෙන ඇත. ඒ මදිවට මෙරට රැකියා කොල්ලකන්ට එක්ටාවකුත්”අලි මදිවට හරක්”.
ඉතාම යටත්විජිතවාදී ආකල්ප ඉන්දීය ණය සමඟ ඇත.ඔවුන් නිවාස ඉදිකරන්නේ දෙමළ ගෝත්‍රවාදයට අනුව යාපනයේ සහ වව්නියාවේ පමණී. මෙයද දේශපාලන ව්‍යාප්තවාදී ව්‍යාපෘතිය.ආරෝග්‍යශාලා දෙමළ වතුකරයට පමණී.ගුවන් තොටුපළක් යාපනයට,මන්නාරමේ සිට ත්‍රීකුණාමල වරායට දේශසීමා පන්නයේ මාර්ගයක්?

ඉන්දියාවේ පුහුණුවෙන් පසු මෙරටේ උතුරු දුම්රිය මඟ විනාශ කළේත් දෙමළ ත්රස්තයෝමය.ඉන්පසු එම දුම්රිය මාර්ගය සෑදීමේදී ඉන්දීය කොන්දේසි අනුව සෑම ප්‍රවේශ පත්ත්රයකින්ම 60% ඉන්දියාවට ගෙවිය යුතුයි.තවඳ මාර්ග හා දුම්රිය නඩත්තුව ඉන්දියා මගින් පමණී. චීනයෙන් ගෙනෙන කිසිම දුම්රියක් ඒ මගේ යාමට අවසර නැත.මෙය මොන ආකාරයේ ආධාරද?යම් විදියකින් ඔවුන් දක්ෂින අධිවේගී මාර්ගය සෑදුවේනම් එම මාර්ගයේ යා හැක්කේ බජාජ්,ටාටා,මරුති,අශෝක් ලේලන්ඩ් පමණක් යයි තීරණය කිරීමට වුවත් බැරිනැත. වාසනාවට චීනයට එවැනි උණක් නැත.
දැන් ආර්ථික ඔස්තාද්ලා බලුවී බින්දුවටම බැස ඇත.ණයදෙන්ට යුරෝපා ඇමරිකන් කාරයන්ට අතේ පිච්චියක් නැත.රනිල් බලයට ආවිට එනවා කියූ මනංකල්පිත ආයෝජකයෝ නැත.නෝවීජියන් සොල්හයිම්ලා ගැන ආරංචියක්වත් නැත. රනිල්ගේ ආංඩුව දැන් දෙකොන පත්තුවුන විලක්කුවක් මෙනි.මුලු රටම විනාශ කර පාරට දමා ඇත.
රනිල් ගෙදර ගියොත් අඹුනසී මඟ සිටියොත් තෝ නසී. යමපාලනය බලයට ගෙන ඒමට මංත්‍රණ වැපිරූ යකදුරා දැන් දොළ පිදේනී ඉල්ලයී.එක්ටා දෙනු, මන්නාරම ත්‍රීකුණාමල සරළ රේඛාවෙන් උඩ සීක්කිම් පන්නයේ ගිලගැනීමට ඉඩදෙනු. නැතිනම් විග්නේෂ්වරම් මගින් එය ගමී. අනියමෙන් තර්ජන අතිජාත මිතුරා දෙමින් සිටී.
රනිල්ගේ යමපාලන දැන් නාසය ළඟටම ගිලී ඇත. ගොඩ ඒමට නම් කඹරයාගේ වලිගයේ හෝ එල්ලිය යුතුයි.ඔස්තාද් ක්‍රමසිංහට කන්ට ඕනෑ වුනාම කඹර මසුත් තළගොයි මස් කිරීමට සිදුවී ඇත. එකම පිහිට චීනයට වැඳ ණයක් ඉල්ලීම පමණී. දැන් පෝට් සිටි හොඳයි.අනේ කාළේ වනේ වාසේ.
ආර්ථික ඔස්තාද්,පරිනත දකුණු ආසියාවේ මහා මොළය(ෆේස්බුක් ගෝල බාලයන්ට අනුව), රනිල් ක්‍රමසිංහ මහතා ගෙන් අපට එකක් අහන්ට තිබේ. රනිල් චීනයට යන්නේ රෙදිත් ඇඳගෙනද?

One Response to “රනිල් රෙදිත් ඇදගෙනද චීනෙට යන්නේ?”

  1. Dilrook Says:

    Good expose. Ranil and his band of crooks have already eaten their own words. Now China is the protector. Until now China did only corruption in Sri Lanka according to the UNP. China should impose new conditions to assist an unstable and inconsistent Sri Lanka. A Chinese military base in the island is a must to ensure Chinese economic interests are protected.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress