ජනතාව විසින් බාරගත යුතු මහින්ද රාජපක්ස මහතාගේ ආරක්ෂාව
Posted on April 7th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මහා අදෝනාවක් ඇසේ!

මොකක්ද මේ අදෝනාව?
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරලාලු.

කවුද මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරල තියෙන්නේ?

මෙෙත්රීපාල සිරිසේන මහතාගේ “හයපාලන” ආණ්ඩුවලු.

යහපාලන ආණ්ඩුවේ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාට මොකටද?

නැහැ ඒක ව්යාවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතුලු.

එතකොට ව්යාවස්ථාවට අනුකූලව වැඩ කරන ආණ්ඩුවක්ද මේ තියෙන්නේ?

ආ! එහෙම එකක් නැහැනේ. මේක කොටි ඩයස්පෝරාව මහා මුදල් කන්දරාවක් වියදම්කර ගොඩනංවපු ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් ගොඩනැංවීම ගැන අපිට කොටි ඩයස්පෝරාවට බැන වැදිය හැකිද?

ඇත්තටම අපිට කොටි ඩයස්පෝරාවට බැණ වැදිය නොහැක. ඔවුන් විසින් මහා මුදල් කන්දරාව වියදම් කර, මෙරට සිටින අමන පාවාදෙන දේශපාලන සතුරෝ ලක්ෂ 62ක් සල්ලි වලට අරගෙන, අපූරු ආණ්ඩුවක් ගොඩනංවා ඇත. එය ඔවුන්ගේ වගකීමයි. ඒ ඔවුන්ගේ වගකීම හා යුතුකම ඔවුන් ඉතා අපූරුවට සිදුකර පෙන්වූ තවත් අවස්ථාවකි.
අප කල යුත්තේ ඒ අභියෝගයට මුහුණදිය හැකි ආකාරය කුමක්දැයි අවබෝධ කරගැනීමයි. ඊට සුදුසු ආකාරයට වටාපිටාව සකස් කර ගැනීමයි.

“එදා ඌව වෙල්ලස් කැරල්ල මැඩ පැවත්වීමට, හමුදා බල ඇණියක්ද සමග ගිය මොනරවිල කැප්පෙටිපොල දිසාව, තමා යටතේ සිටි එකද භටයෙක් වත් හෝ එකද ආයුධයක්වත් තමා ලග තබා නොගෙන, පිටත් කර හැර විමුක්ති සටනට නායකත්වය දීමට තීරණය කලේ, මුලුමනින්ම ස්වශක්තිය මත විශ්වාසය තබාගෙනය. අඩුම තරමේ සතුරාගේ ආයුධයක්වත් තබා ගැනීමට ඔහු සූදානම් නොවිණි. ඒ අපේ අතීත අභිමානයයි

දෙමළ ඩයස්පෝරාව විසිකරන කටු ලොවන රිසින් උන්හා බැදුන, බැදී කටයුතු කරන, රාජ්ය නායකත්වයෙන් විමුක්ති සටනේ නායකයාට ආරක්ෂාව ඉල්ලා සිටීම ජාතියක් වශයෙන් අපට තරම් නොවන කටයුත්තකි. ඒදා ජේ. ආර්. ජයවර්ධන මෙරට ජනතාවට හඩනගා කිවූ දේ සිහි කරන්න.

“තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලා ගනිල්ලා” යයි කීවේ එදා සමාජයට පමණක් නොව අද මේ උදාව ඇති සමාජයටත් අදාලවය.

එමනිසා අපද එම වැකියම හඩගා කියමු.

“තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලා ගනිල්ලා මිනිසුනේ” යයි හඩ තලමු.

ආ එහෙම කියන්නේ කොහොමද? බලන්නකො මුන්ට මොකක්ද වෙලා තියෙන්නේ? යනුවෙන් අප නගන හඩ නොරුස්සන දනන් පවසනු ඇත.
නිවටයා අවස්ථාවාදියා හා කෝලමා හදුනා ගැනීමේ හැකියාවන් ඇති අප ඒ මැවිසිලි වලට බියවිය යුතු නැත.

අපේ ඉලක්කය හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාවයි. එය බැටලුවාගේ ආරක්ෂාව කොටියාට බාරදීමට සමාන වූවක් විය යුතු නැත. ඒබැවින් අප විසින් සිදු කල යුත්තක් ඇත. ඒ එතුමාගේ ආරක්ෂාව අප විසින් බලා ගැනීමයි. එය වඩාත් අර්තවත්ව පවසනවා නම් එතුමාගේ ආරක්ෂාව ජනතාව විසින් සිදුකල යුතුය. මේ සදහා සමාජය පෙලගැසිය යුතුය. එහි පලමු පියවර වශයෙන්,

  1. මහින්ද රාජපක්ෂ මහතා සුරැකීමේ අරමුදලක් බැංකුවක ආරම්භ කල යුතුය.

2.එම අරමුදලට මාසෙකට රුපියල් 10 යක මුදලක් බැර කරන මෙන් 57 ලක්ෂයක්වූ ජනතාවගෙන් කාරුණඉකව ඉල්ලා සිටිය යුතුය.

  1. රුසියාව, චීනය, කියුබාව, ඉරානය යන රටවල තානපති වරුන් හමුවී මේ රජය විසින් මහින්ද රාජපක්ෂ මහතාව ත්රස්තවාදීන්ට ඝාතනය කිරීමට මං විවර කරන ආකාරය පියවරෙන් පියවර විස්තර කරදී. ඔහුගේ ආරක්ෂාව සදහා එම රටවලට ලබාදිය හැකි තාක්ෂණික ඥාණය ලබා ගැනීමට කටයුතු කල යුතුය. මේ ව්යාපෘතිය යටතේ එතුමාගේ ආරක්ෂාව සදහා වෙඩි නො වදින රථයක් ලබාගත හැකි මට්ටමට මේ සම්බන්ධතායන් වැඩි දියුණු කල යුතුය.

4.හිටපු හමුදා නිලධාරීන්ගෙන් සමන්විත ආරක්ෂක බල ඇණියක් එතුමා වෙනුවෙන් ස්ථාපිත කල යුතුය.

මේවා කල යුතු මෙන්ම කල හැකිද දේවල් වන අතර, අප්රමාදය මේ කටයුත්ත සදහා ජනතාව අත ගැසිය යුතුය.

ඔබ සැමට බුදු සරණයි!

 

 

5 Responses to “ජනතාව විසින් බාරගත යුතු මහින්ද රාජපක්ස මහතාගේ ආරක්ෂාව”

  1. Kumari Says:

    When I heard this bankrupt idea of reducing Mahinda’s security by Yahapalanaya, I also heard the untold story that the Yahapalanayata and conspirators have run out of ideas. After all their efforts and money still Head of State is Mahinda.

    I heard during last stages of the war Ekneligoda was working closely with some army personnel to make room for LTTE suicide carders to get close to president.

    After the defeat Mahinda became more popular with the masses. After the misguided Sirisena voters realised that they were taken for a ride Mahinda has become even more popular.

    I like Gotabhaya to coordinate a security plan. There will be many retired army and intelligence personnel who would volunteer. If a fund is setup kindly give publicity enabling us too to make a contribution.

  2. Senevirath Says:

    අරමුදල පිහිටුවීමට මිනිසුන් පෙළඹීමට නම් මහින්ද විශේෂ පොරොන්දු වක් දිය යුත්ය් එනම් ;”””13අ අහෝසිකර පළාත් සභාත් අහෝසිකර ගම මට්ටමේ හෝ දිසා මට්ටමේ විධායක බලය පමණක් බෙදන ක්‍රමයක් ඇතිකරන බවත් සිංහල බෞද්ධ යන්ගේ උරුමය සුරකිමින් මේ රටේ සංස්කෘතියේ ප්‍රධාන සංරචකය සිංහල බෞද්ධ බවත් පිළිගන්නා බව දිවුරා පොරොන්දුවිය යුත්ය් . එවිට මහින්ද වෙනුවෙන් ජනතාව කපවෙය් නැත්නම් ඔහේ චන්දය පමණක් දෙය වෙන කල හැකි දෙයක් නැතිනිසා .

  3. Wetta Says:

    මහින්ද රකින්න පුද්ගලික අරමුදලක් පිහිටුවීමට සිදුවීම සිංහල ජාතියටම විලි ලැජ්ජාවට කරුණක් වනු ඇත. මේවා ඉතිහාසයේ ලියවෙනු ඇත. නමුත් අද එසේ කලයුතු තත්වයට රට පිරිහී ඇත. ඒ නිසා අප එය අද කල යුතුව ඇත. කෙසේ වෙතත් රජයේ පිහිට නැති කල ජනතාව තම උවමනාවෙන් එසේ කරන්නේ ඇයිද යන්න සොයා බැලීම වටී. මගේ අවබෝධයේ හැටියට නම් දහස් ගණන් අහිංසක ජනතාවගේ ජීවිත බේරාගත් නිසා එසේ ජනතාවට කෘතඥ පුර්වක හැඟීමක් ඇතිවී ඇත. එසේ නොමැතිව මහින්දගෙන් අනාගතයේ යමක් ලබා ගැනීමට තුරුම්පුවක් වශයෙන් නම් නොවේ. මහින්ද යනු රටේ ඉතිහාසයේ රන් අකුරින් තම නම ලියැවීමට සුදුසු ලෙස ඉතිහාසයේ රටට පැමිණි දරුණුම උවදුරෙන් රට ගලවාගත් අයෙකි. 70 පැනපු ඔහුගේ ජීවිතය බේරා දෙන්න යයි ඔහු අපෙන් බැගෑපත් නොවනු ඇත. ඔහු ඒ තරම් නිවටයෙක් නොවේ. ඔහු වටින්නේ අපිට මිස ඔහුට නොවේ යන්න මගේ අදහසයි. ජීවිතය බේරා දීමට නම් ව්‍යවස්ථාවේ අහවල් වගන්ති මැකිය යුතුය, වෙනස් කල යුතුය ආදී වශයෙන් කොන්දේසි දැමීම අපේ මිනිසත් කමටත් නිගරුවක් වනු ඇත. ප්‍රාණ ඇපකරුවන් ගෙන් කප්පම් ඉල්ලන වසලයන්ගේ පහත් තත්වයට අප වැටිය යුතු නොවේ.

    මෙය මැතිවරණ සමයක් නොවේ, ඒ නිසා චන්ද පොරොන්දු ඉල්ලීමට කාලයත් නොවේ. මේ අපේ සිංහල කම පෙන්වීමට සුදුසු කාලයයි. ඔහුගේ වගකීම ඔහු කර ඇත, ඒ නිසා අද අපි තනි කෑල්ලට ජීවත් වන්නෙමු, අපේ දරුවන් පාසල් ගොස්, සොහොයුරන්, නෑයින් රැකියාවට ගොස් තනි කෑල්ලට නිවෙස් වලට යති. අපේ වගකීම දැන් අප කල යුතුයි. ඒ සඳහා දෙවරක් සිතීම සිංහල කම නොවේ.

  4. NAK Says:

    Since the government has given in to the pressures from the public and changed the idea of reducing MR’s security this proposed action may not be needed right now but we should be prepared to cover his security at a moments notice.

  5. Dham Says:

    Let us see who initiates this රාජපක්ෂ මහතා සුරැකීමේ අරමුදල. Even the proposer has not given a bank account number, unlike Charles Perera who gave BBS account number and we now know that BBS at least has delivered relief bags to Bogasweva.

    But I like this idea. Which will prove how people love him.
    Let me state that I don’t have a BORU AADARE. I feel he has more than enough money to protect himself by hiring private specialist security firm from USA.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress