නලින් ද සිල්වා   උසාවි තුනකින් වැරදි කරු  වුවායය්  කියන ධනපාලගේ ”පට්ට පල්  බොරුව ”’
Posted on April 7th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

බෝධි ධනපාලගේ  අසමජ්ජාති ලිපිවලට උත්තර දීම  ත්  වැඩකට නැති දෙයකය් පාඨකයන්  කීප දෙනෙක් කියා ඇතත්  මේ අවස්ථාවේ  නිහඬව සිටීම ට මට නොහැක .නලින් ද සිල්වා වැනි විශිෂ්ට දේශප්‍රේමියෙකුට මද ගසමින් ඔහුගේ චරිතය ඝාතනය කිරීමට  ධන පාල මහතා අර අ දින්නේ .නලින්ගේ අභියෝගයට මුහුණදෙන්නට බැරිව ඇතිවූ ලැජ්ජාව වසා ගැනීමටය . ගජයෙක් මෙන් මුලින් පැනගෙන  ආවත්  මුහුණට මුහුණලා විවාදයකට ගියොත්  ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරු දෙන්නට සිදුවෙන බවත්  එවිට එකමදේ හමආම කියමින්  බේරුනා මෙන් බේරෙන්නට නොහැකි බවත්  තේරුණා පසුව ඔහු විවාදයෙන් ලිස්සාගියේ කේවට්ටයා මෙන් අනන් මනම් දොඩවමිනි .’  
                                          දැන්  ඔහු නලින් උසාවි තුනකින් වරද කරු වී අතය් කියය් . මේ ගැන මම දන්නා කරුණු කිවයුත්යය් මගේ සිත මට හඬගා කියය් .    මෙය ලියන මම නම් කිසිදා නලින්ගේ පන්තිකාමර සිසුවෙක් නොවේ .මම ඔහුව මුලින් හඳුනා ගත්තේ ලිපිලේඛන මගින් මිස පුද්ගලිකව නොවේ පුගලිකව  හමුවුනේ මෑත කාලයේය එහීත් හතර පස් වතාවකට වඩා  පුද්ගලිකව මුණ ගසීත් නැත .  මම   අද යම් ජාතිකත්වයක  සිටින්නේ නම් එයට සියයට 90කම හේතුවුයේ  නලින්ගේ පොතපත හා ලිපිලේඛන හැදෑරීම නිසාය . ජීවන සරසවියෙදීනම් මම ඔහුගේ සිසුවෙක්මි .
                                           එනිසා නලින් කොළඹ සරසවියෙන්  නෙරපූ බව  අසු පසු මම මේගැන  සොයාබැලීමට උනන්දු වුයෙමි. . එවක සරසවියේඋප  කුලපති ජී එල් පීරිස්ය . ඔහු කවදත් විජාතිකයෙකි  ජාතිකත්වයට එරෙහි ඔහු නලින්ගේ  ජාතික චින්තනයට එරෙහිවිය  ඔහුමෙන්ම බොහෝ සරසවි අදුරෝද බටහිර ගැති  ආචාර්ය මහාචාර්ය  පට්ටම් වලින් හිස උදුම්මා ගත්තෝ වෙති .ඔවුහු කිසි විටෙකත් තමන් උගත් දේ වරදියය් පිළිගන්නා ය නොවේ එහෙත් නලින්  තමන් උගත් දේවල් පවා වරදියය් තේරුම් ගත විටඒ  වා විවේචනය කරමින් ඒවා ඉගැන්වූ අයගේ අධ්යා සයන් පවාසැකකරමින් විවේචනය කළේය .එවිට අනෙක් ඇදුරෝ  පරල වුනේ තමන්ගේ පට්ටම් ගැලවී යාදොය් බියවූ නිසාය .
                                  නලින් වැරදිකරු  වුනේ වංචා වලට නොවේ . සාකච්චාවලදී තදින් කතා කරමින් බහින්බස් වීම  හා අධ්‍යාපන ඇමති හමීඩ්  සරසවිය ගැන බොරු කීවායය්  පුවත් පත් වලට  ප්‍රකාශ කිරීම යන දෙකටය . උසාවිය කිව්වේ හමීඩ් ගැන එසේ කීමට නලින්ට දේශ පාලන අයිතියක් නැති බවය්  . එහෙත් මතක තබා ගන්න    නලින් එසේ කිව්වේ  ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස   වුර්තීය සමිති නිලධාරියෙකුගේ  ක්‍රියා කලාපය අනුගමනය කිරීමෙනි .  හමීඩ් ලගේ කාලයේ වුර්තීය සමිතිවලට  සැලකුවේ නැතිබවා අපි හැම දනිමු .මේ වැරදි  කලේ යය කියා සරසවිය ගෘහස්ත පරීක්ෂණය තියා නලින් අස්කළේය   . කම්කරු උසාවියෙන් නලින් දිනුවේය ලක්ෂ දහයක පමණ  වන්දියක්ද ඔහුට ඒ මගින් අනුමතවූ  බව මට මතකය සරසවිය අභියාචනා කර එමුදල අඩුකරවා ගත්තේය  නලින් වැරදිකරුවෙකු වුනානම්  අවම ලක්ෂ පහක පමණ වන්දියක් ලැබුනේ කෙසේදය්   ධනය   පාලනය කරන්නෝ  අපට කියා දිය යුතුය .
                                            මේ අරගලයේ මුල මෙසේය .සරසවි කලබල නිසා වසාතබීමෙන් පසු විවුර්ත කල වහාම සිදුවූ පාඩු පිරිමහන්නට කෙටිකාලීන පාඨමාලා ආරම්භ කරන ලදී  මේ අතරවාරයේදී  විභාග ප්‍රතිඵල සඳහා නව නිර්ණායක හඳුන්වාදී  තිබුනේය කෙටිකාලීන පාඨමාලාවකින් පසුව නව නිර්ණායක අනුව ප්‍රතිඵලා නිකුත් කිරීමෙන් තමන්ට අසාධාරණයක් වෙන නිසා  පැරණි නිර්ණායක අනුව ප්‍රතිඵල නිකුත් කරන ලෙස සිසුහු ඉල්ලා සිටියහ .නලින්  හා තව කීපාදෙනෙක්
ඒ සිසුන්ගේ ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටියේයයසමරනායකලා ආපාසින්හලා ඒ සිසුන්ට විරුධ්ධාවිය .ඇදුරන්ගේ ලොකුකම් මහන්තත කම්  රැකීමට  වඩා සිසුන්   කෙරෙහි අනුකම්පාවක්  දැක්විය යුතුබව නලින්ගේ මතය විය .වාදාභිමුකවීමෙදී නලින්  සුපුරුදු පරිදි  උධ්ධච්චයන්ගේ  පතුරු ගැලෙව්වේය . උන් නලින් සේවයෙන් නෙරපාදැ ම් මේ එනිසායජී එල් ගේ ආශීර්වාදය එයට   නිතැතින් ලැබුනේය
                                 ජී  එල් එකල දැඩි ෆෙඩරල් වාදියෙක ඉතින් නලින්ගේ චින්තනය ඔහුට වහ කදුරු විය . ජී එල් පක්ෂ මාරු කරමින් කලෙත් දැන් කරන්නෙත් හැකි තරමින් හැම පක්ෂයකම ජාතිකත්වය ඉවත් කිරෙමට  දැනමුතුකම් දීමය් ..

නලින්ට  මේ සටනේදී කිසියම් උදව්වක් දුන්නේ දිනේෂ් ගුණවර්ධන හා  නැසීගිය  එස් එල් ගුණසේකර  පම්මනක් යය මම සිතමි   SL  අධිකරණයේදී නලින් වෙනුවෙන් පෙනී සිටියේය
                                        වන්දි අඩුවුනත් නලින් දිනුවේය .ඉන්පසු කැලණියේ රැකියාවද කළේය
              පාඨකයන් මේ විස්තර දන ගැනීමට සතුටු බව  සටහන් වලින් පෙනී ගිය නිසා ලියන්නට අදහස් කලෙමි මුහුණට මුහුණලා විවාදයකට එන තුරු  ධනපාලගේ කිසිම ලිලිප්යකට පිලිතුරුනොදෙන බව නලින් සහසුද්දෙන්ම කියා ඇතිනිසා  පිළිකනු  වල  කහි න්නේ නැතිවධනපාල මහතා විවාදයට සුදානම් විය යුතය .    .       

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress