පෙරදිග හෝ අපරදිග හෝ ක්‍රමයන් නොදැන වෙදකම සහ විද්‍යාතමක ක්‍රමය ගැන මනස්ගාත කියන්නෝ.
Posted on April 14th, 2016

බෝධි ධනපාල, කැනඩාව

පෙරදිග වෙදකම් වලට ගරහමින් බටහිරට පමණක් ආවඩ න්නෙනි”,  සහ “පෙරදිග වෙදකම් වලට ගරහමින් බටහිරට පමණක් ආවඩ න්නෙනි” නම් මාතෘකා යටතේ ධර්මසිරි සෙනෙවිරත්න මහතා “ලිපි”  දෙකක් ලියා ඇත. ඩෙංගු රෝගයට පැපොල් කොල බෙහෙතක් විකුනන වෙද හාමිනේ කෙනෙක් ගේ ඒජන්ත කෙනෙක් මෙන් ලිපි ලියන මේ ලේඛකයා කියන දේවල් පාවිච්චියට ගෙන, අපේ සමාජයේ අරක් ගෙන තිබෙන,  “බ්‍රාහ්මණයන්ගේ ජාල” ලෙස බුදු රදුන් නම් කල  දුර්මත සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබී ඇත.  එවැනි දුර්මත වලට ඊනියා දාර්ශණික පදනමක් දුන්නේ යැයි කියන ඊනියා පට්ට-පල් බොරුවක් උගන්වමින් සිසුන් ලිං මැඩියන්  බවට හැරවීමට තැත් කල නලින් ද සිල්වා මහතා ගේ අනුගාමිකයන් වන වන්සපුර මහතා, රාජ්, දහම් ආදීන් ද කියා ඇති කරුණු සලකා බැලීමට මෙහිදී අව්ස්ථාවක් ලැබී ඇත.

විද්‍යාත්මක ලෙස ගවේෂණය කිරීමේ ක්‍රමය මුලින් ම ලොවට පහදා දුන් බුදු රදුන් “ලෝහයක් ඊයම් ද, රත්තරන් දැ”  යි උර ගලේ ඇතුල්ලා බලා එම අත් දැකීමෙන් තීරණය කල යුතු බව කිව්වේය. ඉසිවරු කිව් නිසා හෝ, දේව ප්‍රකාශයක් යැයි යමෙක් කිව් නිසා හෝ, පැරණි පොත් වල තුබුනු නිසා හෝ පරම්පාර්ක පිලිගැනීම් තුබුනු නිසා හෝ, මතයක් තහවුරු නොවෙන බව බුදු රදුන් වදාලේහ. කාලාම සූත්‍රය ආදී අනෙක් සූත්‍ර වලින් ද එම කරුණම නොයෙක් අන්දමින් පැවසීහ. එම විද්‍යා ක්‍රම්යම ක්‍රි පූර්ව 5 වන් සිය වසෙහිදී ග්‍රීසියට ද ගොස්, එහි චින්තනයන්ට ඇතුල් වී, ආකිමීඩිස් ආදීන් පාවිච්චියට ගත් හ. එම ඒහිපස්සිකො ක්‍රමය පෙරදිගටත්, අපරදිගටත්, මුලු සකලටත් පොදු බුදුන් දැක්වූ ක්‍රමය යි. සත්‍යය හොයන එම එකම ක්‍රමය අමතක කොට ධර්මසිරි මහතා සහ තවත් නලින්-සිල්වා අනුගාමිකයෝ දේව-පස්සිකෝ ඉසිවර-පස්සිකො  ක්‍රමයේ අන්ද විශ්වස කාරයන්  බවට හැරී ඇත. සසර ලෙඩට හෝ ඇංගේ ලෙඩට හෝ බෙහෙත් හොයන්නේ එම් එකම ක්‍රමයෙනි.

නුමුත් ධන්වන්තරී ඉසිවරයා බෙහෙත් කියා ඇතැයි ද, සමත භාවනාවෙන් ද බෙහෙත් ලබා ගත හැකියයි ද දර්මසිරි මහතා ඔහුගේ මූලාශ්‍ර නොමැති  අන්ධ විශ්වාස ප්‍රකාශ කලෙය. ධන්වන්තරී ගේ සුසෘත සංහිතාවෙන් මම කරුනු ඉදිරිපත් කොට, ධන්වන්තරී ද විද්‍යානුකූල “ඒහිපස්සිකෝ ක්‍රමය”  මිස, දර්මසිර්-නලින්සිල්වා වැන්නන්ගේ අන්ද-විශ්වාස කරමය අනුගමනය නොකල බව දැක්වීමි.

වෙද හාමිනේ ඉසිවරයෙකුගෙන් හෝ සමත භාවනවෙන් පැපොල් කොල ගැන අව්සුවා දැයි විමසූ  විට, ධර්මසිරි මහතා අලුත් බෙරයක් ගහමින්  මෙසේ කියයි:

“දෙන්ගුරෝගයට ගස්ලබු බෙහෙත් හැදු වේද හාමිනේ එය හොයා ගත්හේ තමන්ගේ වේද පියා ඇතුළු පරම්පරාවේ බෙහෙත් ගැන  අලුතෙන් සොයාබ්ලීමෙන් පසුවය .නුවන මෙහෙයවය . දෙවි පිහිටෙන් නොවේ …එහෙත් අද්යාසය හොඳ නිසා උසස් ගුණවත් වෙනත් ප්‍රාණීන් පවා පිහිටවන්නට අතුවාද වියහැක .  කොහොම හරි බෙහෙත් ගුනදායකවී ලෙඩ සුව වීම ප්‍රචාරය කිරීම පාපයක් නොවේ”.

මෙයින් පෙනී යන්නේ කිසිම අත් හදා බැලීමක් නොමැතිව ඊනියා “බෙහෙත” ලෙඩුන් මත වෙද හාමිනේ පැටවූ බවය. ලෙඩුන් කී දෙනෙකුට බෙහෙත දුන්නා ද?, කී දෙනෙක් සුව වූවා ද?, බෙහෙත් නොදී තුබුනා නම් කුමන ප්‍රති ශතයක් ශරීරයේ ඇති ශක්තියෙන් ම සුව වූවා දැයි ධර්මසිරි මහතා වත්, වෙද හාමිනේ වත්, නොදනී. “උසස් ගුණවත් ප්‍රාණීන්” පිහිට වූ බවක් ද කියයි. එම බව ධරමසිරි මහතා දන්නේ කොහොමද? උසස් ප්‍රාණීන්ට ගුණ කිරීමට පැපොල් කොල අවශ්‍ය වන්නේ ඇයි ද? අප්‍රේල් 12 වෙනිදා අයිලන්ඩ් පත්තරය අනුව මේ අවුරුද්දට ඩෙංගු වැලඳුන ලෙඩුන්14,204 බවද සංදහන් විය. ඉන්දියාවේ ඩෙංගු රෝගීන් 700,200 ක් ඇත. ඉන්දියාවේ දැන් අවුරුදු ගණනක ට පෙර ගස්ලබු කොල පිලියෙම ගැන ප්‍රචාරය  සහ බෙහෙත විකිනීම හයියෙන් තුබුන් නමුත්, දැන් අඩු වී ඇත.  අසාද්‍ය ලෙඩුන්ට ගස් ලබු කොල දුන් මුත් බොහෝ දෙනෙක්  මරණයට පත් වූ බව ද, වැඩි දෙනෙකුගේලෙඩය වඩා අසාධ්‍ය වූ බවද  පැහදිලිවම හෙලිවෙන්නට පටන් ගත් නිසා මෙවැනි බොරු පිලිවෙත් වලින් මහ ජනයා හැමදාම රැවටෙන්නේ නැත. වෙද හාමිනේ තවම එම කරුනු අසා නැද්ද?  උසස් ප්‍රාණීන් ඉන්දියාවේ වැඩ කරන්නේ නැද් දැයි ධර්මසිරි මහතා එම ප්‍රාණීන් ගැන කිව් තැනැත්තාගෙන් ඇසිය යුතුය. නිකම් හිතු පලියට මනස්ගාත නොලිය යුතුය. බුදු රදුන් කියා දුන් ඒහිපස්සිකෝ මාර්ගය ගත යුතුය. අත් හදා බැලීමක් නොකර, ඉන්දියාවේ පැපොල් කොල බෙහෙතෙන් වූ ආදිනව නොසලකා වෙද හාමිනේලාගේ ආදායම තර කිරීම හෝ, “මෙය දේශීය ක්‍රමය වේ, අනෙක බටහිර ක්‍රමය වේ” යනුවෙන් මුලා වී ක්‍රියා කිරීම හෙලා දැකිය යුතුය. බෙහෙතක හොඳ නරක තීරණය වෙන්නේ එයින් ලෙඩා ට  හොඳක් වන්නේ ද යන කරුණ අනුව මිස එය බටහිර ක්‍රමයෙන් එන්නේ ද, “දේශීය” ක්‍රමයෙන් එන්නේ ද යන්න මත නොවේ .

රාජ් නම් අයෙක්ගේ පරිකථනයක් මෙසේ ය.

“බොධිපාල බටහිරට ආවඩන රසායන විද්‍යාව තරමක් දුරට හැදෑරූ කෙනෙකි. ඔහුට කිසි දවසක මේ බවයේදී තේරුම් ගතනොහැකි කරුනක් නම් මිනිසාට ඉන්ද්‍රියගෝචර නොවන දෙයක් තිබිය හැකිය යනුයි. ඔහුගේ මනසට අරූපී ලෝක වැනි සංසිධි beyond his comprehension වේ. නලීන් කියන දේ මොහුට තේරුම් ගත නොහැකියි”.

රාජ් සිතන්නේ මිනිසාගේ ඉන්ද්‍රයන්ට ගෝචර දේවල තිබීම මට තේරෙන්නේ නැති බවය. පරමාණු, ක්ශුද්‍ර ජීවීන් හෝ රේඩියෝ තරංග ඉන්ද්‍රය ගෝචර නොවේ. නුමුත් ඒවා ගැන පරීක්ෂා කොට නවීන් විද්‍යාව අනුගමනය කරන, එහෙත් අවුරුදු 2600 පරණ “ඒහිපස්සිකෝ” ක්‍රමය අනුව කරුණු සොයා ගැනීමට හැකි වී ඇත. ඩෙන්ගු රෝගයට හේතු වනනේ මදුරුවා ම නොව, උගේ මාර්ගයෙන් ඇංගට ඇතුල් වන ඉන්ද්‍රිය ගෝචර නොවෙන ඩෙංගු වයිරසය ය.

වයිරස්, මයික්‍රෝබ, බැක්ටීරියා, ආදී විශ බීජ ඉන්ද්‍රිය ගෝචර නොවෙන ක්ෂුද්‍ර ජීවීන් වේ. ඔවුන්ගේ ජීවන කාලය සමහර විට විනාඩි දහයක් තරම් කෙටි විය හැක. එහෙයින් අවුරුද්දක් තුල දී විශ බීජයේ පරම්පරා මිලියන ගණනක්ම ඇති වේ. එහෙයින්, මෙම අවුරුද්දේ ඇති ඉන්ෆ්ලුවන්සා වයිරසය, හෝ ඩෙන්ගු වයිරසය ගිය අවුරුද්දේ සිටි වයිරසයට වඩා වෙනස් වූ, සත්ව පරිණාමයට වේගයෙන් යටත් වූ සතෙකි. වෙද හාමිනේ ගේ පැරණි පැපොල් කොල වෙදකමක් උන රෝගයට  දුන්නා නම්, අද ඉන්නා වයිරස් වලට එයින් පලක් නැත. පැපොල කොල වයිරස් තරම් වේගයෙන් විකාශණය වෙන්නේ නැත. අපේ වෙද බාප්පා පාචන රෝගයට බෙහෙත් දෙන්නට තැත කල නුමුත් එයින් වූයේ ලෙඩුන් තවත් අසාද්‍ය වී මරු මුවට වැටීමය.

අත්හදා බැලීම් කිසිවක් නොමැතිව හිතුවක්කාර මතයක් අනුව  ලෙඩුන්ට  පැපොල් කොල පෙවීම සුදුසු යැයි කරු ගහන්නට ධර්මසිරි මහතාට අව්ශ්‍ය වී, නොයෙක් අත් හදා බැලීම් වලට යට කරණ ලද බටහිර බෙහෙත් නිකුත් කිරීමෙන් පසුව ද  පරිභෝගයට ගැනීම තහනම් කල අවස්ථාවන් දක්වා ඇත. එයින් ගත යුතු පාඩම වන්න්නේ, අත්හදා බැලීම් වලින් පලක් නොවන බව නොවේ. අත් හදා බැලීම් වලදී කිසිම බුරුලක් නොකොට, විධිවත් ලෙසම කල යුතු බවය. දර්මසිරි මහතා ගේ “පෙරදිග සියල්ල කෙරෙහි අන්ද-විශ්වාසී ” කල්ලියේ  මහදැන මුත්තෙකු වන නලින් ද සිල්වා මහතා අන්තිමේ දී තමාගේ හෘද්යාබධය සඳහා වෙද හාමිනේ ලඟට නොගොස් ඊනියා “පට්ට පල් බොරු” යයි හංවඩු ගහන ලද බටහිර  ප්‍රතිකාර ලබාගෙන ඇත!

10 Responses to “පෙරදිග හෝ අපරදිග හෝ ක්‍රමයන් නොදැන වෙදකම සහ විද්‍යාතමක ක්‍රමය ගැන මනස්ගාත කියන්නෝ.”

  1. Dham Says:

    “…දහම් ආදීන් ද කියා ඇති කරුණු සලකා බැලීමට මෙහිදී අව්ස්ථාවක් ලැබී ඇත”

    මෙය පට්ටපල් බොරුවකි. රිනපාල මහතා මා ඇසූ එකම කරුනකටවත් පිලිතුරු දී නැත​.

    මා කොහෙත්ම නලින් ගේ අනුගාමිකයෙක් නොවේ. නලින් තවමත් මහින්ද ගැන බලාපොරොත්තු තබාගෙන් සිටී. මම මොහු තඹ සතයකටවත් විස්වාස නොකරමි.
    එහෙත් නලින් සිංහලයා අවදි කිරීමේ ව්‍යාපාරයක බොහෝ කලක් යෙදී සිටී. ඉතාම විද්‍යනුකූලව සත්‍ය කරුනු ඉදිරිපත් කරයි.

    රිනපාල ගෙඹි ලෝකයේ මහාචාර්‍ය වරයෙකි. ඩාවින්ගේ නිව්ටන්ගේ වලේ කැරකී ඉන් පිට ලෝකය ගරහයි.

    එහෙත් ප්‍රධානම කරුන නම් නලින් ගේ රෙද්ද අස්ස පවා දන්නෙක් ලෙස රිනපාල හැසිරීමයි.
    එකම ධන සාක්කියක්වත් නැතිව තනිවම මැඩිගුලේ සිට නඩු අසා රින තීන් දු පමණක් දෙන බැවින් “රිනපාල​” ලෙස නම් කරමි.

  2. Dham Says:

    බුදු රජුන් ගේ චින්තනය කාලාම සූත්‍රයෙන් ආකිමිඩීස් ගේ ඔලුවට ගියා යයි පට්ටපල් බොරුවක් රිනපාල ගොතා ඇත​. බුදුරජුන් කිවු අනික් දේ ගියේ කොහි ද ?
    ආකිමිඩීස් හොයා ගත් දේ ගෙම්බන්ට නොතේරේ.
    වතුර එකකට බැස්සවිට ඇඟේ ප්‍රමානයට වතුර එලියට යන බව කියන එක මහ කජ්ජක් ද ? මේක වසර 30000 කට පෙර සිටි මස්වැද්දන් පවා දැනගෙන සිටියහ​. ඒහෙත් හෙලුවෙන් යුරේකා යුරේකා කියා කෑගසමින් දුවන්නට තරම් මෝඩ කමක් ඒකාලයේ සිටි අයට තිබුනේ නැත​. මිනිසාගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට ඔවුහු වෙහෙසුනාහ​.
    ආකිමිඩීස් සොයා ගත්තාය කියන බොහෝ දේ චීනයේ වැසියෝ ද ලංකාවේ සිටි අයද දැනසිටියා විය යුතුය​. පයිතගරස්ගේ නීතිය චීනා සටහන් කර ඇත්තේ ඊට පෙරය​. ඉඳියානුවන් ඊටත් පෙර එයම සොයාගෙන ඇතිබවක් ද කියවේ. සිදුවුනේ මෙය නොව බටහිරයින් මිනිසාගේ විනාශය සෙවීමට ගත් අතර පෙරදිග උගතුන් දුකින් මිදීමේ මග සෙවීමයි. බටහිරයා පට්ටපල් බොරු කියමින් කවුරුත් දැනසිටි දෙයට උන් ගේ නම් දමා ප්‍රචලිත කිරීම කරගෙන ගියහ​. දරුණු ආයුධ නිපදවා පෙරදිග මිනිසුන් මරා මහා චින්තකයෝ ලෙස පෙනීසිටීමට පටන් ගත්තාහ​. දැන් දැන් උන් කරන්නේ බුද්ධාගම කොපි කර උන් ගේ විද්‍යාවක් ලෙස “මනෝ විද්‍යාව​” ගොඩ නැගීමයි.
    උන්ට ආ වඩමින් උන් ගේ ධනය අගය කරමින් පෙරදිග ධනය රින කරන රිනපාල තව වයසට යනවිට ධනපාල වේයයි අපි පතමු.

  3. sarathk Says:

    වෙද බාප්පාගේ පාචන බෙහෙත ලෙඩුන්ට දීමට පෙර ධනපාලට දී අත්හදා බැලිය යුතු බව බාප්පාට යෝජනා නොකිරීමෙන් ධනපාල කර ඇත්තේ බලවත් වරදකි. එසේ ප්‍රත්‍යක්ෂ කලා නම් බාප්පාගේ ලෙඩුන්(බහු වචන) මියයන්නේ නැත. ධනපාල ලංකාවට පැමිණ, ඩෙංගු මදුරුවෙකු ලවා ඩෙංගු රෝගය ශරීර ගත කර ඩෙංගු රෝගියෙකු වී , වෙදහාමිනේගේ පැපොල් කිරි බෙහෙත බී අත්හදා බලා එය පට්ටපල් බොරුවක් බව ඔප්පු කරන්නේනම් එය තම මව්රටට කරන විශාල සේවයකි.

  4. sarathk Says:

    ධනපාල මෙසේ කියයි
    “නලින් ද සිල්වා මහතා අන්තිමේ දී තමාගේ හෘද්යාබධය සඳහා වෙද හාමිනේ ලඟට නොගොස් ඊනියා “පට්ට පල් බොරු” යයි හංවඩු ගහන ලද බටහිර ප්‍රතිකාර ලබාගෙන ඇත!”
    “එහෙම තමයි දරුවො, හරියන කොයි දෙයක් උනත් යොදා ගන්න ඕනෑ” යයි බප්පා කිව්වේය.

  5. NAK Says:

    Dharmasiri,There is a saying in Sinhala that is I think is ment for situations like this.

    “One can argue with a thousand wise men but not with a single idiot”

  6. NAK Says:

    Danapala,please refrain from insulting the lady doctor.There is no necessity for that.

  7. Senevirath Says:

    මුහුණට මුහුණලා කරන විවාදය ගැන කෝ වචනයක් බටහිර දොස්තර ලේනොරාගේ ගස්ලබු බෙහෙත ගැන කෝ වචනයක් පියවි ඇසට නොපෙන්නෙන දේවල් ඔබ බලන්නෙත් වෙනත්දියුණු උපකරණයකින් භාවනානු යෝගීන් ඒවා වැනිදේ අකින්නට මනස දියුණු කර ගන්නවා මනස උපකරණය අන්වීක්ෂයට වඩා දියුනුය් ධනපාල

  8. Samanthi Says:

    මොකද දැන් අර ඇඩ්‍රස් එකේ `කිබෙක්’ කියන කෑල්ල හැලිල තියෙන්නෙ?

  9. Raj Says:

    කිබෙක් නැතුව කිව්වාම වැඩිය ක්ලව්ට් එකක් තියෙනවනේ සමන්ති

  10. Senevirath Says:

    නලින් පට්ටපල් බොරු ප්‍රතිකාර ගන් නවායය් ධනපාල කියමින් ද්විකෝටිකය බේරා ගන්නට චතුස්කෝටිකය උපයෝගී කර ග නිය් කාලාම සුත්‍රය සුත්රා ගැන පට්ට පල බොරු කියමින් එඛ රේඛීය චින්තනයේ හෙළුව වසා ගනිය් .. ””””””’ඔහොම තමය ළමයෝ හරියනවා නම් කෝ ක වුනත් හොඳය.කියා බාප්පා කිවනිසාද . අනේ අම්මප මෙයා බාප්පාගේ බෙහෙත් බීලද මේ …..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress