මරියකඩේ වට්ටි අම්මලාගේ දේශපාලන සංවාදය
Posted on April 27th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මාගරටෝ, බලපන්කො අපෙ‌ එකා කියල තියෙන කථාව අැහුවද?

මොකක්ද බං ඕකා අලුතින්ම කියල තියෙන කථාව

හොයාගෙන බං අරක

මොකක්ද බං අරක කිව්වෙ?

අර ඉබ්බන්වල තිබ්බ රැස්වීමට ආපු මිනිස්සු ගාන හොයා ගෙනලු.

අනෙ අම්මප! ඕක ඔතනට ගියෙ ඕක කරන්නද? ඕක අර ඒබරන් ගොයියට කීව නම් යස අගේට ඔය වැඩේ කරාවිණේ. ඇත්තටම බං ඕකට කරන්න වෙන චැඩක් ඇත්තේම නැද්ද?

 

ඔන්න ඔන්න උඹලගෙ ඉරිසියාවත් එලියට පැන්නෙ! උඹලට අපේ එකෙක් ඔය වගේ තැනක ඉන්න එක හරියට ඇහේ කටු අනින්නා වගේනෙ. උඹලගෙ කටවහ හොදටම ඇති. තුක් විතරක් මූසල කට! ඉරිසියා කාරයෝ.

උඹට ඔච්චර දොං යන්න මම කියපු දෙයක් නැහැ උඹට වඩා මම ඕකට ආදරෙයි. පොඩි කාලෙ ඕක මගේ ඇගේ කොච්චර කියල  චූ කරල තියෙනවද? ඉතින් ඉතින් කියපන් බලන්න කොලුව කියල තියෙන කථාව.

කියල තියෙනවා අර රැස්වීමට මිනිස්සු 11,900ක් ලු ඇවිත් තියෙන්නේ කියලා.

අම්මප මූ හොයාගෙන තියෙන දේ, මුගෙ කටේ මසුරං දාන්න වටිනවානේ! හොදට බලපන් ඔත ගාන 11,901 නෙමෙයිද?

උඹට පිස්සු හරියටම 11,900 ක් කියල තමයි, කොලූ කියල තියෙන්නේ.

ඒක වෙන්න බැහැ බං මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා එහෙම නම් ඔය ගාන 11,899ක් වෙන්න ඇති.

උඹට ඔල්මාදෙ කොලූට වරදින්නෙ නැහැ හරි ගනන් කාරයා. පොඩි සන්දියෙත් ඔහොමමයි; ඇත්තටම මොකක්ද බං උඹට ව‌ෙලා තියෙන රුදාව, මේ ගාන අල්ලගෙන දගලන්නේ?

නැහැ බං මම කැමති නැහැ අර පිටිපස්සෙ තියෙන බිංදු දෙකට; සමහර විට ඔතන අගට බිංදු තුනක් තියෙන්න ඇති කොලුව හිමින් සැරේ එක බිංදුවක් හංග ගන්න ඇති.

ඒක යකාගෙ වැඩක්නේ; එතකොට උඹ කියන්නේ ඔය රැස්වීමට එක් ලක්ෂ දහනවදාහක් ආවා කියලද?

නිකම් බොරු කියන්න එපා බං ඒ වගේ ගානක් ආවා. උඹත් දැක්කනෙ ආපු සෙනග,

ඉතින් කවුද බං ගැන්නෙ? අපෙ එකාට වෙන වැඩක් නැති නිසා ගැනල තියෙනවා.

ඔව් උඹ කියන කථාවත් හරි. ඌත් හරි ගනන් කාරයානේ මේකත් උගෙ තවත්  උප්පර වැට්ටියක් තමයි; ඒ උනාට බලපන් ඕක බැනුම් අහන විදිය.

මොකටද බං

ඇයි උඹට තේරෙන්නෙ නැද්ද? මේක කියල තියෙන්නේ, ඊට දවස් දෙකකට ඉස්සෙල්ලා ඔතන තියන්න හදපු රැස්වීමට 250 ක් විතර ආවා කියලනේ

හුටා, උඹට තියෙන මොලේ ඌට නැහැනේ

 

2 Responses to “මරියකඩේ වට්ටි අම්මලාගේ දේශපාලන සංවාදය”

  1. Christie Says:

    කොලොඹ වෙලඳාමක් කරන සින්හල වට්ටිඅම්මල විතරයි. අනිත් ඔක්කොම ඉන්දියානු පරපෝසිතයො.

  2. Kumari Says:

    Well said Chandrasena. Our puppet hasn’t got anything better to do. He still hasn’t started running the country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress