ට්‍රම්ප් දිනුවත් නැතත්
Posted on October 20th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

ට්‍රම්ප් දිනුවත් පැරදුනත් ඔහු මේ වතාවේ සාමාන්‍ය ඇමරිකන්ජනතාව ට නැවත නැවතත් හිතන්න යමක් අලුතෙන් ඉදිරිපත් කරඇති බවපෙනේ. මෙතෙක් ඇමරිකන් දේශපාලකයෝ වෙනත් රටවල් ආක්‍රමණය කර එසේකිරීම ඇමරිකන්ජනතාවගේ හිතසුව පිණිසකරනබවක් පෙන්වමින් ජනතාව මුලා කර ඇතිබව ට්‍රම්ප් විසින් හෙළිකිරීම නිසාජනතාවගේ හිත යට පැසවමින් තිබු සත්‍යය දැන් මතුපිටට පැමිණ ඇත. ලිබියාව හා ඉරාකය ආක්‍රමණයකිරීමෙන් ඇමරිකාව කරඇත්තේ බලවත් වරදක් බව ත් ආක්‍රමණය සඳහා හේතුවශයෙන් ජනතාව ඉදිරියේ දේශපාලකයන් විසින් තැබූ කරුණු පට්ටපල් බොරු බවත් දැනුම් තෙරු ඇති ය එදත් දන සිටිහ එහෙත් පොතපත නොකියවන සෙල්ලක්කාර යෝ මේවාසොයාබලන්නට උනන්දුවක් ගත්තේ නැත. ට්‍රම්ප් මේවාගැන කියන විට කොඉ ගණනක් මිනිසුන්ගේ අස් දැන් අරී ඇත. මේ යුද්ධ වලට වියදම්වූ මුදල් කන්දරාව නිසා ඇමරිකාව ලෝකයේ ලොකුම නයකාරයාබවට පත්වීසිටිනහැටි ගැන දැන් මිනිස්සු හිතන්නට පටන්ගෙන ඇත .බොහෝ ආසියාතිකයෝ ඇමරිකාවට චෝදනාකලේ ඇමරිකාව ”’ලෝකපොලිස්කාරයෙකු” වෙන්නට උත්සාහකරමින් අනුන්ගේ වැඩවලට අ යුතු ලෙස ඇතපොවන බව කියමිනි. ට්‍රම්ප් විසින්ද මේ බව ප්‍රසිද්ධියේ කියාසිටීම නිසා සාමාන්‍ය ඇමරිකන් ජනතාවකෙරෙහි වෙනත් රටවල ජනතාවගේ හිත්වල තිබු අප්‍රසාදය තුනීවීගොස් වඩාත් තීව්ර ලෙස ඒ අප්‍රසාදය ඇමරිකන් දේශපාලකයන් කෙරෙහි යොමුවීඇත. ඇමරිකාවේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය තමන්ගේ දෙයක් බලාගෙනකා බී සතුටෙන් සිටීමට මිස අනුන්විනාශ කිරීමට නොවේ. මුස්ලිම් ත්‍රස්තවාදීන් නිසා සිදුවූ විනාශය ගැන දන්නාඔවුහු මුළුලෝකයේම තහනමවු LTTE ය ගැනඇමරිකන්දේශපාලකයන් නොදැන ඔවුන්ගේ මුදල් ආධාර සිය චන්ද ව්‍යාපාර වලට ගතබව විශ්වාස කරන්නේ නැත . ..මේවා මතුකර දුන්නේ ට්‍රම්ප්ය මේ ප්‍රවනතාව රටට වැඩ දායකය . ට්‍රම්ප් ගේ සෙල්ලක්කාරකම්. ඉස්මතුකරමින් ඔහුට පහරදුන්නත් ධවල මන්දිරය ඇතුලෙම ඉස්සර සිදූවූ සෙල්ලම් ගැන දන්නා අයට මේවා එතරම් දේ නොවේ..
ට්‍රම්ප් නිසා සාමාන්‍ය ඇමරිකන් කාරයෝ දැන් අලුතෙන් හිතන්නට පටන්ගෙන ඇත

4 Responses to “ට්‍රම්ප් දිනුවත් නැතත්”

  1. Christie Says:

    අපිද අද ඇමෙරිකන් කාරයන් සිතන්නන් වගේ සිතන්න පටන් ගමු. බටහිරට ගැරහීමෙන් වැලකී අපේ එදත් අදත් සතුරාට එරෙහිව නැගී සිටිමු. ඉන්දියානු ජඩවාදය, අදිරදය හා පරපෝසිතයන් හඳුනාගනිමු.

  2. Senevirath Says:

    මුළු සිංහල දේහයමත් බෞද්ධ ශිස්ටාචාරයත් උඩුයටිකුරු කල බටහිරයන් ට නොගරහා පුලුවන්ද .ඉන්දියාවත් එහෙමය් උත එකය් අරුත් එකය් බටහිර අධ්ධ්යාපන ක්‍රමයෙන් නම් බේරෙන්න මේ සම්මජාතියේ බැරිවෙය් .හින්දු දේව වාදය දැන් බෞධ්ධයොත් ගිලගෙන දෙකෙන්ම බේරෙමු

  3. Kumari Says:

    When you listen to WikiLeaks exposes of Clinton, I think of the Vinoda Samaya we enjoyed as children. This is a woman who has lied under oath, a war criminal among other things. She is also proud to say that she has a public persona and a private life. To us that is a two faced, liar.

    On the other hand Trump is the typical American who made his millions. Unlike Hilary Clinton who is in Washington for over 30 years and brought so much misery to America and to the rest of the world.

    I am longing to see Hilary loose. I like to see Gotabhaya in Sri Lanka and Durtret in Philippines giving leadership to the Asian Continent with Trump’s blessings.

  4. aloy Says:

    It now appears that trump has played his last trump card: the Time Warner – AT&T deal worth $88 billion and already the guys in those media have got jittery and appear to have switched sides instantly. Imagine AT&T, the equivalent of SLT changing the landscape of US election. I wonder who is behind in this change.

    It doesn’t matter to us who wins this election as at the end it is Endia that will decide US policy on SL. To my mind unless we become strong at least politically by having a leader to stand up to them our future is bleak. Cuba which is a small country with a set of resilient people is doing that to date quite successfully.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress