ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ – අතුරලියේ රතන හිමි
Posted on October 26th, 2017

ව්‍යවස්‌ථා සංශෝධනයට වඩා රටේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න එකින් එක සොයා බලා ඒවාට විසඳුම් සෙවිය යුතු බවත් ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ බවත් ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

යහපාලනයක්‌ ඇතිකිරීම සඳහා පැවැති රජය පරාජය කර නව රජය බලයට පත්වූයේ රටට අහිතකර මෙවැනි සංශෝධන ගෙන ඒමට නොවන බවත් රටේ දැවෙන ප්‍රශ්න විස¹ සියලු ජනවර්ගයාට සාධාරණ අයිතිවාසිකම් ලැබෙන ජන සමාජයක්‌ ගොඩනැගීම සඳහා බවද උන්වහන්සේ පැවැසූහ.

athuraliye
ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

යෝජිත නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. එහිදී වැඩිදුරටත් කතා කළ රතන හිමියෝ මෙසේ පැවැසූහ. ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ විශාල ආන්දොaලනයක්‌ ඇතිවී තිබෙනවා. අපි බලාපොරොත්තු වුණේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමන් පසු රටේ සාමය පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න. මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසුව ජනතාව බලාපොරොත්තුවුණේ ගිය ආණ්‌ඩුවෙන් සිදුනොකළ අරමුණු සඵල කර ගැනීම සඳහායි.

මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසු යම්කිසි ව්‍යවස්‌ථා සංශෝධනයන් කරන බවට සඳහන් කළා. ඒ වගේම සමගිය මෙන්ම කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන බවට ජනතා පොරොන්දුවක්‌ දුන්නා. ජනාධිපතිතුමා 2016 වසරේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකළා. අධිකරණයට, රාජ්‍ය සේවයට, පොලිසිය කරන බලපෑම ඒ තුළින් නැති කළා. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධන සිදුනොකරන බවට විධායක ජනාධිපති ධුරය අපට කරුණු කිහිපයක්‌ උඩ අවශ්‍ය වෙලා තිබෙනවා. යම් කිසි කෙනෙක්‌ යම් කිසි විදියකට මේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළහොත් දැනට තිබෙන අනුපාත ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන්න බැහැ. එකම ක්‍රමය තිබෙන්නේ මනාප ඡන්ද ක්‍රමය පමණයි.

ඒ වගේම මේවන විට උතුරු හා නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට තවමත් විසඳුමක්‌ ලබාගැනීමට නොහැකි වෙලා. හැබැයි ඒ සඳහා විසඳුම් සෙවීම සඳහා නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හරහා පාර්ලිමේන්තුවට අතුරු වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් රට ස්‌ථාවර වෙනවාද රටේ ස්‌ථාවරභාවයට හානිකරනවාද ඒ වගේම සුළු ජනවර්ගයන්ගේ ප්‍රශ්න වලට උත්තරයක්‌ ලැබෙනවාද සංහිඳියාව ඇති වෙනවාද කියා සහ සොයා බැලිය යුතුයි. සියලු ජනකොටස්‌ සමඟ සාකච්ඡා නොකර මේ තුළින් කිසිදු සංහිඳියාවක්‌ ඇති නොවන බවයි අපේ මතය.

මේ ලියවිල්ල සමස්‌ත ජනතාවගේ යහපත උදෙසා නොවන බවද ප්‍රකාශ කළ යුතුයි. ආණ්‌ඩුව කියනව මේ අතුරු වාර්තාවක්‌ මේකට කලබල වෙන්න එපා කියලා. අතුරු වාර්තාවක්‌ දාන්නේ යම්කිසි කමිටුවක සාමූහික ඒකමතික තීරණයක්‌. එහෙත් මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දාල තියෙන්නේ විසි දෙනෙක්‌ ඉන්න කමිටුවේ හත්දෙනකුගේ කැමැත්ත මතයි. පැහැදිලිවම විධායක ජනාධිපති ධුරය අහෝසිකරන ව්‍යවස්‌ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැමැති නැති බව. ඒ වගේම හෙළ උරුමය ඒ වගේම දෙමළ සන්ධානයද මේ සඳහා අදහස්‌ පළකර තිබෙනවා. එසේ තිබියදී මෙම ව්‍යවස්‌ථා සංශෝධනය නිත්‍යානුකූල නැහැ. ඒ වගේම පවත්නා විධායක ජනාධිපති ධුරය සම්පූර්ණව අහෝසි කළහොත් එහි බලපෑම් වලටත් මුහුණ දීමට අපට සිදුවෙනවා. මේ තුළින් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්‌ වෙනවා. එය රටට හිතකර දෙයක්‌ නොවෙයි.

විශේෂයෙන්ම උතුරේ ප්‍රශ්න රැසක්‌ මේ වනවිට බිහිවෙමින් පවතිනවා. ද්‍රවිඩ සිරකරුවන් නිදහස්‌ නොකිරීම, ඔවුන් අධිකරණයට ගෙනත් නඩු පැවැරීම් හා නිසිලෙස පුනරුත්ථාපනය කිරීම් වසර තුනක්‌ ගියත් මේ ආණ්‌ඩුවට කිරීමට නොහැකිවී තිබෙනවා. ඒ වගේම මේ ඉඩම් ප්‍රශ්නය. යාපනයේ ඉඩම් වල වැඩි කොටසක්‌ තිබෙන්නේ ජනතාවට නොවෙයි ප්‍රභූවරුන්ට. ඒවා සොයා බලා අහිංසක ජනතාවගේ ඉඩම් ලබාදී නැවත පදිංචිකිරීම් නිසියාකාරව සිදුකිරීමට මේ ආණ්‌ඩුව අපොහොසත්වී තිබෙනවා.

රජය මගින් නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම්වීම සහ සිය මහා සභාවේ ස්‌ථාවරය පැහැදිලි කරනු සඳහා කොළඹ 07, නිදහස්‌ මාවතේ පිහිටි ජාතික පුස්‌තකාල සහ ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී ඊයේ (25දා) උදැසන පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙලෙස අදහස්‌ දැක්‌වූහ.

එම ජාතික මහා සභාවේ සාමාජික ආචාර්ය සුරේන් රාසවන් (දකුණේ) සහ ලංකා ජාතික කර්මාන්ත මණ්‌ඩලයේ හිටපු සභාපති තිස්‌ස සෙනවිරත්න යන මහත්වරුද වෙති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress