ඊයේ (06) පැවති මාධ්‍ය හමුවේදී බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි දැක්වූ අදහස්…
Posted on March 7th, 2018
මේ මාධ්‍ය හමුව තියන්නෙ.රටේ නොයෙකුත් තැන්වල දුම් ගොටු නැගෙන අවස්ථාවක.විශේෂයෙන් අපි මතක් කරන්න ඕනි,ඊයෙත් පෙරේදත් මේ දින ගනණාව ඇතුලෙ ඉතාම භයානක තත්වයක් මේ රට තුල නිර්මාණය වෙලා තියෙනව.දැන් මේ මොහොත වෙද්දිත් මහනුවර තෙල්දෙණිය ආදී තදාසන්න ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පනවල තියෙනව.ඒ වගේම රටේ විවිධ ස්ථානවල සිංහලයො එක තැනක රැස්වෙනව.මුස්ලිම් කණඩායම් තව තැනක රැස් වෙනව,මොකද්දෝ නොවිය යුතු තැනකට නොයෙක් බලවේග එකතුවෙමින් තියෙනව.
අපි අද ගතකරන්නේ.ඉතාම සංකීර්ණ වගේම කණගාටු දායක ලෙස සිදුවීම් සිදුවන අවස්ථාවක් තමයි ගතවෙමින් තියෙන්නෙ…දවසින් දවස රට ඇතුලෙ විවිධ සංසිද්ධීන් මුල්කරගෙන ප්‍රජන්ඩ කාරී හැසිරීම් බොහෝමයක් දැකගන්න ලැබෙනව.
ඊයෙ දවසෙදි මහනුවර දිස්ත්‍රික් එකේ ඇතු උන සිද්ධීන් අපි කිසි ලෙසකවත් අනුමත කරන්නෙ නෑ.මේ සිදුවීම් වලින් වේදනාවට පීඩාවට පත්වෙච්ච ඒ වගේම බයෙන් තැතිගත්තු සිංහල මුස්ලිම් කියල බේදයක් නැතුව මේ සියලු මිනිස්සුන්ට අපි කණගාටුව ප්‍රකාශ කරන්න ඕනි, මොකද හේතුව ආවේග ශිලීව හා ප්‍රචන්ඩත්වයෙන් කලහකාරි බවෙන් ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න බැරි නිසා.
හරියටම ගිය මාසෙ 22 කුමාර සිංහ නැමැති තරුණයෙකු තමන් පදවාගෙන යන ලොරි රථය තුලදි ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙනව.කුමාර සිංහ නැමැති තරුණයෙකු වයස අවුරුදු 42 යි .ඔහු රියැදුරෙකු විදියට සේවය කරනව.ඔහුගෙ අම්ම අන්සභාග රෝගියෙක්,තාත්ත දියවැඩියාව නිසා කකුලක් ඇයින් කරල,කුමාර සිංහට දරුවො දෙන්නෙක් ඉන්නව,ඔහුගේ බාල දරුව මන්දමානසික දරුවෙක්.
එහෙම තියෙද්දිත් මේ කුමාරසිංහට හැකි වෙනව ඒ පලාතේ ජනතාවගේ ආදරණීය චරිතයක් වෙන්න.ඔහු පන්සල එක්ක සමීපයි,මුස්ලිම් මිනිස්සුන්ටත් උදවු කරනව,සිංහල මිනිස්සුන්ටත් උදවු කරනව රියදුරු වෘත්තීය කරගෙන ජීවිතේ ගැටගහගෙන ගිය මනුස්සයෙක්…ඔහු ලොරිය පාරෙ එලවගෙන එනව පසුපසින් ආපු ත්‍රීවීලර් රථයක් දිගින් දිගටම හෝන් ගහනව වාහනේ ඉදියට ගන්න….අපි දන්නව සාමාන්‍යෙන් ලොරි රථයක් එහෙම ඉස්සර කරන්න අමාරුයි.ඒ වගේම ලොරි රථ රියැදුරෙන් ඉඩ දෙන්නෙ ඔහු ආරක්ෂිත නම්.පමනයි…අවාසනාවකට මේ ත්‍රී රෝද රතය ඉඩ නොදුන් නිසා ත්‍රීවීලර් රථයෙ සිටි පිරිස ලොරි රථය හබාගෙන යනව.ලොරිය නතර කරන්නෙ සිංහ පිරවුම් හලේ.ලොරිය නතරකරපු ගමන් පසු පස ත්‍රීවිලර් එකේ ආපු තරුණයො හතර දෙනාම ඒ පිරවුම් හලේ මුරකරුගෙ පුටුව අරගෙන ඇයි ඉස්සර කරන්න ඉඩ නොදුන්නෙ කියල පුටුව කැඩෙනකම් ලොරියෙ රියැදුරාගෙ ඔලුවට පහර දෙනව.බෝතල් වලින් ගහනව.පැය එකහමාරකට වඩා වෙලාවක් කුමාරසිංහ ලොරිය ලඟ වැටිල ඉන්නව.සිහිය තිබ්බට කවුරුත් ඉදිරිපත් උනේ නෑ බයට.ඒ තරම්ම පැමිණි හතර දෙනා හෝ හය දෙනා ප්‍රචන්ඩකාරීම හැසිරුනා.දවස් නවයක් රෝහල් ගතවෙලා ඉඳල අවාසනාවන්ත ලෙස ඔහු මිය යනව.
මේ සිද්ධීන්  ඕනැම ජන කණ්ඩායමක් තුල  සිද්ධ වෙන්න පුලුවන් …..මිනිස්සු ගහගන්නව,මරාගන්නව,බැනගන්නව ..බුදු හාමුදුරුවෝ පවා මේ ගැන පවසල තියෙනව.”කුද්දෝ අත්තං නජානාති,කුද්දෝ ධම්මං න පස්සතී….- මිනිස්සු කිපුනට පස්සෙ ඒ තරහව පාලනය කරගන්න බැරි උනොත් අරථයක් ධර්මයක් මුකුත් දකින්නෙ නෑ.මිනිස්සු මිනිස්සුන්ව මරන්නෙ.එකට බොන ගමන් මරන්නෙ.දැන් මෙතන සිද්ධිය වෙනස් ප්‍රශ්නයක් .මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් සිංහලයන්ට පහර දීල.එහෙම දෙයක් උනහම ඒකෙ හැඩේ විතරයි බලන්නෙ.මේ අවිද්‍යාත්මක දේශපාලනය ඇතුලෙ පුරුදු කරල තියෙන්නෙ එහෙමයි.මුස්ලිම් එකත් මනුස්සයෙක් සිංහල එකත් මනුස්සයෙක් හැටියට නෙමෙයි බලන්නෙ.මූ මුස්ලිම් මූ සිංහල මේක කොහොමද වවාගෙන කන්නෙ ,මේකෙ කොහොමද දේශපාලන වාසියක් ගන්නෙ එතනට වැටිල…..අපි පලමුවෙන්ම චෝදනා කරනව මේ ඊයෙ ඇති වෙච්ච අද ඇතිවන සිද්ධි වලට සම්පුර්ණයෙන්ම මේ රටේ අගමැතිවරය සහ පොලීසිය වගකිව යුතුයි ….හේතුව පොලීසිය මේ වෙද්දි මරණයට පත්වෙච්ච කුමාරසිංහ මහත්තයට පහරදීපු මුස්ලිම් තරුණයො අත්තඩංගුවට අරගෙන ඉන්නෙ.හැබැයි,අපි දන්නව අන්තර්ජාලායෙ හැමතැනම මේ මාධ්‍ය වලට බනිනව.මාධ්‍යවලට බැනල වැඩක් නෑ,එක්කො පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක්  නිකුත් කරන්න ඕනි මේක පලකරන්න කියල.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් කෙරුවානම්,තෙල්දෙණිය සිධියෙදි මෙහෙ සිද්ධියක් වෙලා තියෙනව .පුද්ගලයෙකුට පහරදීල තියෙනව,රෝහල් ගතකලා,දිනගනනක් ඇවෑමෙන් ඔහු මරණයට පත් උනා,ඒ පහර දීපු කණඩායම පොලිස් අත්තඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරා කියන පණිවිඩය රටට දුන්නානම් මේ තරුන කොටස් අතර ආවේග මතුවෙන්නෙ නෑ.
ඒ ප්‍රදේශවලම උනත් ඉන්න මිනිස්සු කතාකලේ,මමත් ඒ මලගෙදර ගියා.රාත්‍රියේ.ඒ පන්සලේ හාමුදුරුවෝ අපට කීව ඤාණසාර හාමුදුරුවනේ මේ ප්‍රශ්නෙ අපි හොඳින් විසඳගෙන තියෙන්නෙ,පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනව,ගහපු අය අත්තඩංගුවට අරගෙන තියෙනව,දැන් අපේ වගකීම වෙලා තියෙන්නෙ කාටවත් ගහල බැනල ගෙවල් ගිණිතියල කරන එක නෙමෙයි.ඒක මෝඩකමක්,පන්සලේ හාමුදුරුවෝ හැටියට මම මහන්සි වෙන්නෙ,අම්ම අංශබාග රෝගියෙක්,තාත්තගෙ කකුල කපල එයා දියවැඩියාව රෝගියෙක්,මන්දමානසික ලමයෙක් ඉන්නව අට වසරෙ ඉගෙන ගන්න දුවෙක් ඉන්නව.මේ පිරිමියා නැති බවෙන් වැන්ඳබු වෙච්ච කාන්තව ඇතුලු පිරිස ආරක්ෂා කරගන්නෙ කොහොමද 
ඒ අය අනාගතයට මුහුණ දෙන්නෙ කොහොමද ? මේ මිනිස්සු කෑ ගහල දවස් දෙක තුනකින් යාවි යන්න …ඕක තමයි හාමුදුරුවන්ගෙ මතය…..
අපි කීව හාමුදුරුවනේ ඒක තමයි ඇත්ත.ඒක තමයි වියයුත්තෙ.දැන් වෙච්ච සිදුවීම උනා මෙවැනි දේවල් නොවෙන තැනට අපි වගබලාගතයුතුයි.ඒ වෙනුවෙන් අපි සාකච්ඡාවක් කරමු කිසිම කෙනෙක් කලබලයක් ඇතිකරගන්න එපා කලබල ඇති කරගන්න හැම වෙලාවකම මේ රට වැටෙනව ,ඒක අපිට අවාසී අපිට අත්දැකීම් තියෙනව බොහොමයක් මොකද මේ කතාකරන බොහෝ දේවල් දේශපාලකයො මතුපිටින් කතාකරාට ඒ අය හිතනව රටේ මේ ප්‍රශ්න ඇති උනානම් කියල.
කෙසේ හෝ වේවා මේ පොලීසිය තමන්ගෙන් ඒක හෙලිදරව් නොකිරීම විශාල අත්වැරැද්දක්.රටට මෙක කීවනම් කෙනෙක් මැරුණ පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනව ….නමුත් මේක රටට ගියෙ නෑ…කිසිම මාධ්‍යකට දුන්නෙ නෑ.
දැන්, ඊයෙ කුමාරසිංහ මහත්මයගෙ බූමදාන කටයුතු සිද්ධ උනා දහස් ගානක් ජනතාව එක් රැස් උනා මිනිස්සු ආවෙගෙයට පත්වෙනව.අනිත් එක හැමෝගෙම හිතදිනා   ගත්තු තරුණයෙක් හාමුදුරුවෝ ආදරෙයි,මිනිස්සු ආදරෙයි අද මේ මනුස්සයෙක්ට අසාධරණයක් උනහම මිනිස්සු කලබල වෙන එක ස්ව්භාවය.අපිට පුදුම හිතුන .එක දිගට බැලුවොත් 30km විතර එක දිගට සුදු කොඩි දාල මිනිස්සු ස්වෙච්ඡාවෙන් ….තමන්ගෙ ශෝකය පලකරල තිබ්බෙ එහෙමයි ….
දැන් තියෙන ගැටලුව තමයි මේ සිද්ධිය පදනම් කරගෙන රටේ කල කෝලාහල පටන් අරගෙන තියෙනව …කඩවල් වලටගහල..මිනිස්සුන්ට ගහල මේක කලයුත්තක් නෙමෙයි.ඒ නිසා කරුණාකරල අපි කියනව මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ටත්,දඟලන නගරම්පාන චන්ඩිකම්පාන සියලුම පාර්ශව වලට කරුණාකරල නවතින්න.මොකද  හේතුව මේ රට තියෙන්නෙ ඉතාම භයානක තැනක.එහෙන් ආණ්ඩුව ගෙනියන්නෙ කොහොමද කියා කියා දඟලනව සාකච්ඡා විතරයි ..රටඑක තැන හිරවෙලා උගුරෙ කට්ටක් හිර උනා වගේ.උඩට ගන්නත් බෑ පහලට ගන්නත් බෑ …තීන්දු ගන්න කෙනෙක් නෑ අයාලේ යනව,එතකොට එවැනි තත්වයක් ඇතුලෙ අපි දන්නෙ නෑ මේ බලවේග ක්‍රියාත්මක වෙන්නෙ කොහෙන්ද කියල….එක පැත්තකින් ඇමර්කානු තානපති කාර්‍යාලය බටහිර යුරෝපෙ තානාපති කාර්‍යාලවල ..චන්ද්‍රිකා නෝනට,මනෝගනේශන්ට විශාල සල්ලි ප්‍රමානැයක් පොම්ප කරල තියෙනව සංහිඳියාව හදන්න …දැන් මේ අවුරුදු තුන ඇතුලෙ සංහිඳියාව හදන්න පුලුවන් වෙලා තියෙනවද ? සංහිඳියාව නාමයෙන් නාලික ඇරිය කියක චිත්‍රපට පෙන්නුව කියල සංහිඳියාව නාමයෙන් හෝටල්වල ඇඳල පැලඳල මීටින් තිබ්බ කියල සංහිඳියාව හදන්න බෑ…ඒ නිසා ඒ තානාපති කාර්‍යාල වලටත් චන්ඳ්‍රිකා නෝනටත් මනෝ ගනේශන්ටත් ..මේ සංහිඳියාව ගැන පම්පෝරි ගහන ලොකු උන්නැහෙලටත් සංහිඳියාව හදන හැටි අපි උගන්නන්නම්…මේ රටේ උලමලටත් අපි කියල දෙන්නම් සංහිඳියාව හදන හැටි…සංහිඳියාව හදන්නෙ කොහොමද කියක අපි ගිංතොට දි පෙන්නුව.රට තුල ඇති වෙච්චි යම් සිද්ධීන් වලදි අපේ භාවිතාවන් ඇතුලෙ අපි ඔප්පු කරල ඔඑන්නුව සංහිඳියාව හදන්නෙ කොහොමද කියල …සාකච්ඡාව විතරයි ..අපරාදෙ ඒ සල්ලි වලින් බතල කොටුවක් හැදුනවනම් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බ.අර අංගොඩ රෝලහේ බෙහෙත් සැරට දුක් විඳින මිනිස්සුන්ට තැඹිලි ටිකක් ගෙනිහින් දෙන්න තිබ්බ…මුං මේ සංහිඳියාව හදන්න වියදම් කරන සල්ලි වලින්..ඒ නිස මේ බොරු සංහිඳියා බෝඩ් ලෑලි අතරෙ සිංහලයොත් ගහගන්නව මුස්ලිම් මිනිස්ස්ත් ගහගන්නව.කවද්ද මේක නතරවෙන්නෙ……..ඒ නිසා අපි මේ රට කරවන උදවියත් රට කරන උදවියටත්  ඒවෑ ඉන්න උපදේශක මන්ඩලයටත් සිහල මුස්ලිම් කියල බේදයක් නෑ සියලු දේශපාලන නායකයන්ට කියනව කරුණාකරල මේ ඇතිවෙන සිද්දිගැන දැකල කිඹුල් කඳුලු හෙලල ..කාටවත් තේරෙන්නෙ නැති විදග්ද වචන කියල මේ ප්‍රශ්නය මගහරින්න එපා…කරුණාකරල එක මේසෙකට එන්න ,කාලයක් බොදු බල සේනවට මේව බැරකලා,සමහරුන්ට නින්ද යන්නෙ නෑ.මේක ඉවරකරනකම්, අලුත්ගම අවාසනාවන්ත සිද්දියක් ඇති උනා අපි අදත් කියනව ඒ ගැන හොයන්න කියක …අපි කියනව වහාම අපිත් සහයෝගෙ දෙන්නම්.මේක නිවන්න.සංසුන් වෙන්න බිල්ඩිම් ගිනිතිබ්බ කියල මේක නවතින්නෙ නෑ ..ඒවට තට්ටු ගමන් ගහන්න සල්ලි ලැබෙයි.
ඒ නිසා අපි කරුනාකරල තියෙනව.මේ ගැන සාකච්ඡාවක් කරන්න..කොමිසමක් පත්කරන්න..මේ ප්‍රශ්න අපි සාකච්ඡාවක් තුලින් විසඳගමු…මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අපි..ඉදිරියට මෙවැනි දේවල් නොවෙන්න වග බලාගමු…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress