පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්න්‍යාගමිකකරණය වැලැක්විය නොහැක
Posted on March 23rd, 2018

පාලිත ආරියරත්න

බෞද්ධයන් උදෙසාම පෙනී සිටින රුපවාහිණි නාලිකා වැඩසටහන් වල දැන් දැන් පන්සල් දියුණු කිරීමෙන් අන්න්‍යාගමිකකරණය නැවැත්විය හැකි යන තේමාව යටතේ විවිධ චලනමය හා හඬ ඇතුලත් වැඩසටහන් ප්‍රසිද්ධ කරමින් සිටි.මොවුන්ගේ මතයනම් සැදැවත් දායකයන් විශාල ප්‍රමාණයක් ඇත්ත කතා කිරීම පසෙකලා(වැරැද්ද නිවැරදි නොකොට ) නැත්තක් ඇතිකිරීම (දියුණුව තුලින් පමණක් )තුලින් බුදුදහම මෙලොවින් තුරන් කිරීමට මාන බලන දෙවෙනි වතිකානු සම්මේලනයෙන්(1962-1965) දියත් වුන ලෝක ආගමික මිෂනාරි කුමන්ත්‍රණය වැළැක්විය හැකි බවය.

ප්‍රචාරක මාධ්‍යන් උපයෝගී කොටගෙන ආගමික කුමන්ත්‍රණ කරුවන් නිතැතින්ම සිංහල බෞද්ධයන්ගෙන්(අපෙන්)අපේක්ෂා කරන ගොන් නිහඬ තාවය තවත් මර උගුලක් වන පන්සල් දියුණු කිරීමෙන් අන්න්‍යාගමිකකරණය වැලක්විය හැකි යන මාධ්‍ය මර උගුලට හිර කිරීම, බුදුදහම දිවි හිමියෙන් රැකිමේලා ඇති අප සතු උදාර කටයුත්ත අමතක කොට මුදල් මතින් හෝ පන්සල කොන්ක්‍රීට් මගින් ගොඩනගා එහි ධර්මයට ලැදි නමුත් අනාගත අප දු පුතනුවන් උදෙසා දිවි හිමියෙන් ධර්මය ආරක්ෂා නොකරන තම නිවන පමණක් අරමුණු කොටගත් තම ජාතික යුතුකම බැහැර කොට  (වගකීම් පැහැර හැර)ඉතා පහාසුවෙන් නිවන් දැකීමට (දියුණුවූ පන්සල තුල සිට ) උත්සහා කරන කණ්ඩායම් ඇති කිරීම බරපතල පාප ක්‍රියාවකි.එසේම එය බුදුදහමේ මළගම සකස් කරනවුවන්ට අත්වැල් ද ඇල්ලිමකි එසේම එය තව දුරටත් බුද්ධිමත් දායකයන් සන්තාපයට පත් කරන ද කටයුත්තකි.

අප කවුරුත් හොදින් දන්නා බලන්ගොඩ ආනන්ද නායක ස්වාමින්වහන්සේගේ ප්‍රධාන ශිෂ්ශ්‍යකු ද මිෂනාරි ගැටවලට අසුවි පුජකයෙකු වූ සිද්ධිය
මේ ලඳ බොළද රුපවාහිණි මාධ්‍ය වේදීන් නොදන්නවා ඇති.

”පන්සල කොළ අතු කැබැල්ලකින් වටවූ කුඩා කුටියක් වූවද සැබැ නිර්මල ධර්මය එහි වැඩසිටින භික්ෂුන් වහන්සේලාගෙන් දායකයන්ට ශ්‍රවනය කල හැකිනම් හා ධර්මය අප කෙහෙරෙහි වටහා දීමට සමත් ධර්මධර, විනයධර භික්ෂුන් වහන්සේලා වැඩසිටීනම් එය ඉතා දියුණු පන්සලක් බව සිංහල බෞද්ධයන්ගේ මතයයි. බටහිරයන්ගේ දියුණුව හා අපේ දියුණුව අහසට පොලොව සේ අන්ත දෙකකට සදා වෙන්ව පවතී”.

විවිධ රුපවාහිණි නාලිකාවල විවිධ වැඩසටහන් කරවන මාධ්‍යවේදීන් කියාගන්නා පිරිස් වර්තමානයේ උලුප්පා දක්වන්නේ තමන්ගේ ආගම පාඩුවේ අදහාගෙන ජීවත්වීම සහ ගමේ පන්සල දියුණු කිරීම (කොන්ක්‍රීට් මගින්)සැබෑ බෞද්ධ කමක් හැටියටයි. එහෙත් ඔවුන් නොදන්නා කාරණයනම් ඉතාමත් දියුණු යැයි(ඔවුන් විසින්)කියන පන්සල් අවට ගම්මානවල් වල වැඩිපුර ප්‍රතිශතයක් වශයෙන් අන්න්‍යාගමිකකරණය සිදුවෙන බවය.

ඊට ප්‍රධානම හේතුවනම් මිෂනාරීන්ගේ වැඩිම ඇස ගැසෙන්නේ මෙම ප්‍රසිද්ධ හෝ දියුණුයි කියන පන්සලය. කුමන පචයක් හෝ බොරුවක් හෝ බේගලයක් ඇද බා දෙවියන් අමුතුවෙන් හෝ මවා පෙන්නා ආගමට හැරවීමට බැරි තැන මුදල් හෝ කාන්තාවන් හෝ ලබා දී ප්‍රසිද්ධ හෝ දියුණු පන්සලේ සිටින ලොකුම උපාසක තැන හෝ නැතොත් එහි වැඩසිටින භික්ෂුන් වහන්සේ කෙනෙකු හෝ ඩෑහෑ ගන්නේ ප්‍රචාරක වාසි තකා බැවිනි.

පන්සලේ ආරක්ෂාව නොව (සිවුවනක් පිරිස ගේ ) දියුණුවේ කෙලවර පතන මාධ්‍ය වේදීයානෙණි, භය නොවී, අලස, නොවී වැරැද්ද නිවැරදි කිරීමට අවස්ස්‍ය දැනුම ලබාදීමට ඔබගේ වටිනා ගුවන් කාලය යොමු කරන්න. 

රට වටින් ඇසෙන දියුණුවේ ශබ්දයට කොයි විටෙක නැතිවෙදොයි අප නොදනිමු. එයට නොරැවටෙන්න. 

බුදුදහමේ මළගම සැලසුම් කිරීමට විශාල මුදල් සම්භාරයක් ලෝක මට්ටමින් පුජකයන් හා මිෂනාරීන් වියදම් කරයි. එබැවින් පන්සල දියුණු වුවද,නැතිවුවද එය රැක ගැනීම අපේ යුතුකමකි. බොළඳ අදහස් පැහැර හැර විශේෂයෙන් අප ළමා පරපුර නොමග නොයවා අතීත මුතුන් මිත්තන් උඩනොබලා ඉඳ,දිවි පුදා සටන් කොට රැකගත් නිර්මල බුදුදහමද සිහල රට දැය රැකගැනීමට අවස්ස්‍ය චිත්ත ෛධර්ය ඇතිවෙන ආකාරයේ නිරමාණ කෙරෙහි ඔබගේ අවධානය යොමුකරන්න.

මිගේට්ටුවත්තේ ගුණානන්ද හිමි , අනගාරික ධර්මපාල,සෝම හිමි වැනි උදාර ගිහි පැවිදි උතුමන්ලා රාශියක් දිවා රැ වෙහස මහන්සිවී අද ඔබ රුපවාහිණි නාලිකා තුල සිට ප්‍රචාරය කරන බණ රැක දී තිබේ.(එය හොදින් මතක තබාගන්න) විටෙක ජිවිත තර්ජනද පසෙකලා අන්න්‍යාගමිකකරණය තර්ජන ගැන තතු පවසන ඔබවැනීම මාධ්‍යවේදීන් හැල්ලු කිරීම. අන්න්‍යාගමිකකරණය ගැන සඳහන් තොරතුරු එළිදැක්වීම අශික්කිත  හෝ වැරදි ක්‍රියාවන්වශයෙන් වියන්ගයෙන්  පැවසීම හරියට එක් කුසේ උපන් සහෝදරයෙකු මරා දැමීමට වඩා බරපතල අපරාධයකි.

ඔබ වැනි මාධ්‍යවේදීන් ගැන තෙවනි ඇසකින් බැලීමට කාලය පැමිණ ඇති බව අප බෞද්ධ සමාජයට පතුරුවන්නෙමු ….

පාලිත ආරියරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress