විශ්වාස භංග යෝජනාව හා ජනතාව.
Posted on March 26th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ රටේ ඉතා පැහැදිලිවම දක්නට ඇත්තේ “ජනතාව” නම්වූ මහා ජනසමුහයක් ඇති බවයි. එම ජන සමුහයට මෙරට පරමාධිපත්‍ය උරුම වන අතර, මේ රටේ රජය සෑම විටකදීම ජනතා විශ්වාසය මත පදනම්ව ගලා යන්නක් විය යුතුය.ජනතාවගේ රජය මෙහෙය වීමේ කාර්යය සදහා ආණ්ඩුවක් පත්කර ගන්නා අතර, ඒ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය පලුදු නොවන ආකාරයට කටයුතු කල යුතුය. නමුත් පවතින මේ යහපාලන රජය මෙරට ජනතාවගේ විශ්වාසය පලුදු කර ඇති බව මෙරට ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ රජයට එරෙහි විශ්වාස භංගය මෙරට පරමාධිපත්‍ය දරන මහජනතාව විසින් අනුමත කරන ලද්දේ පසුගිය පෙබරවාරි මස 10 වෙනිදාය. මේ වනවිට මෙරට ජනතාව මේ රජයට එරෙහිව තම විශ්වාස භංගත්වය මෙරට මැතිවරණ සිතියම මත ඉතා පැහැදිලිව සනිටුහන් කර හමාරය.

මේ අතර මේ රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්, පාර්ලිමේන්තුවට ඒකාබද්ධ විපක්ෂය විසින්ද ඉදිරිපත්කර ඇත. මේ ඉදිරිපත්කර ඇති විශ්වාස භංගයෙන් අසන්නේ, පාර්ලිමෙන්තුවේ සිටින 225 දෙනාගේ විශ්වාසය මේ ආණ්ඩුවට තිබෙනවාද යන ප්‍රශ්නයයි. මේ සිදුවීම, සිදුවන්නේ මුළු රටේම ජනතාව මේ රජය සම්බන්ධව කිසිදු විශ්වාසයක් නැති බව ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර ඇති තත්වයක් තුළදීයි. එබැවින් මේ විශ්වාස භංග යෝජනාව, ජනතා පරමාධිපත්‍ය විසින් ලබාදී ඇති තීන්දුව අභියෝගයට ලක්කරන විශ්වාස භංග යෝජනාවක් බව මෙරට ජනතාවට ඉතා පැහැදිලිව දක්නට ඇත. යම් හෙයකින් මේ 225 ගෙන් බහුතරය අගමැතිවරයාට පක්ෂව මේ ඉදිරිපත්කර ඇති විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කළහොත් ඒ තීන්දුව තුලින්, පළුදුව ඇති මෙරට ජන මානසිකත්ව, රජයට පක්ෂපාතිභාවයකට යලි කිසිදා පරිවර්තනය කල නොහැක. එබැවින් මුළුමහත් රජයම මේ මහජන විරෝධය වටහාගෙන වහා ඉල්ලා අස්වී, මෙරට ජනතාව අපේක්ෂා කරන මහා මැතිවරණයක් පැවැත්විය යුතුව තිබේ.

මේ එළබෙන අප්‍රේල් මස 4 වෙනිදා සාකච්චා කරන්නේ, මෙරට ජනතාව විසින් ඉතා පැහැදිලිව තමනට කිසිදු විශ්වාසයක් නැති බව සනිටුහන් කරන ලද පාර්ලිමේන්තුවක් තුලදී, ගිය මහා මැතිවරණයේදී ජනතා පා පහරින් එළවා දමන ලද “අප්පොච්චි මලෝ” වැනි ජනතා භක්ෂක පරපෝෂිතයින්ගේ මේ රජයට ඇති කැමැත්ත හා අකමැත්ත මිස මෙරට සැබෑ පරමාධිපත්යේ මතය නොවේ. අපි නැවත නැවතත් මේ රජයට කියා සිටින්නේ, මෙරට ජනතාවට ගනු දෙනුව ඇත්තේ, අගමැතිතුමා සමග පමණක් නොව මුළු මහත් ආණ්ඩුව සමගම බැවින්, තව තවත් ජනතා විරෝධය උත්සන්න නොකර වහාම ඉල්ලා අස්වෙන ලෙසයි.

මෙරට රණවිරුවන්ගේ හා දේශප්‍රේමීන්ගේ ජන සටන දිනේවා!
යහපාලන රජය භංගවේවා!

One Response to “විශ්වාස භංග යෝජනාව හා ජනතාව.”

  1. Leela Says:

    2015 දී ජනතාව සිරිසේන ජනාධිපති කලා. සිරිසේන රනිල්ව අගමැති කලා. ලිචචවී කතා කිව්වට යහපාලනයක් අටව ගත්තට වසර තුනය් ගියේ ජනතාවගෙ බලාපොරොත්තු සුන් වෙලා. එදා සිරිසේන බලයට ගෙනා ‘හන්ස’ බලවේගය අද කුජීත වෙලා එකිනෙකාට වරද පටව ගන්නවා. හන්ස නඩේ මෙවර පලාත් පාලන චන්දෙ ඉල්ලුවෙ වෙන වෙනමය්. සිරිසේන වේදිකාවක් ගානෙ ජනාධිපති කඩුවක් ගැන කිව්වා. දූෂිතයො එක්ක අාණ්ඩු කරන්නෙ නැහැ කිව්වා. දූෂිතයන්ට දඩුවම් කරනව කිව්වා. ජවිපෙ රනිල් සිරිසෙන දෙන්නටම කපල රට හදන්න සීනුවට චන්දෙ දෙන්න කිව්වා. TNA කොටි මග ගත්තා. ඉතින් හංස නඩේ කාටවත් රෙදි අැඳ ගෙන රනිල් බේරන්න නම් බැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress