ඊලාම් යුද්ධයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ දායකත්වය
Posted on May 19th, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

ප්‍රභාකරන් ගේ එල්. ටී.ටී.ඊ සංවිධනය ලෝකයා භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙසින් වර්ධනය වෙමින් තිබුණි. බොහෝ හමුදා නිලධාරීන් , යුද විශ්ලේශකයන් , මෙන්ම දේශපාලකයන් ද එල්. ටී.ටී.ඊ සංවිධනය කිසි දිනෙක යුදමය වශයෙන් පරාජය කල නොහැකි සංවිධානයක් බව කීහ​. එහෙත්   ත්‍රිවිධ හමුදාව විසින් ප්‍රභාකරන් නසා දමා එල්. ටී.ටී.ඊ සංවිධනය මිලිටරිමය වශයෙන් පරාජය කරන ලදි. මෙම සටනේදී සරත් ෆොන්සේකාගේ භූමිකාව පෙන්වා දිය හැක්කේ කෙසේද ? 

යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය. 

එහෙත් සරත් ෆොන්සේකා යනු දීර්ඝ කාලයක් යුද අත්දැකීම් වලට නිරාවරණය වීම නිසා යුද අාතතියේ ලක්‍ෂණ පෙන්වන්නෙකි. ඔහු තුල පවත්නා හදිසි කෝපය​, චිතාවේගී අසමබරතාව, නිර්දය බව ,යුද්ධයේ දී  අනුකම්පා විරහිත වීම,  පලි ගැනීමේ යොමුව සියල්ලම සඳහා හේතුව ලෙස මෙම පශ්චාත් වියසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ බව පෙන්වා දිය හැකිය​. 

එක් අතකින් මෙම පශ්චාත් වියසන ක්ලමථ ලක්‍ෂණ නිසා සරත් ෆොන්සේකාට තම ඉලක්කය කරා යාම පහසු විය. සරත් ෆොන්සේකාට  ජෙනරාල් කොබ්බෑකඩුවට මෙන් සෞම්‍ය චරිත ලක්‍ෂණ තිබුනේ නම් ජන ඝාතකයෙකු වූ ප්‍රභාකරන් සහ  එල්. ටී.ටී.ඊ සංවිධනය විනාශ කිරීමට නොහැකි  වනු ඇති බව මගේ තක්සේරුවයි. අවසානයේදී ප්‍රභාකරන් හට තම අනූරූපිකයා මුණ ගැසුනේය​. ඉන් ප්‍රභාකරන් ගේ  ගේ අවසානය ලඟා විය​. 

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress