මෛත්‍රි-ගෝඨා ඝාතන සැලැසුම පිටුපස මහේන්ද්‍රන් සිටිනවා දැයි සැකයි
Posted on September 25th, 2018

අනුරාධා හේරත්  උපුටාගැණීම  මව්බිම

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලසුමට අදාළ සිද්ධිය පිටුපස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිටිනවා දැයි සැකයක් පවතින බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් ‍ෙදාළවත්ත පවසයි.

ඔහු පැවසුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දැවැන්ත මූල්‍ය චෝදනාවට ලක්ව සිටින අර්ජුන මහේන්ද්‍රන්ට තිබෙන එකම ආරක්ෂාව අගමැති රනිල් වික්‍රමසිංහ බැවින් ඔහු රටේ නායකයා කිරීමේ මෙහෙයුමට මහේන්ද්‍රන් ඇති තරම් මුදල් වැය කරනු ඇති බවයි.

වත්මන් ජනපති හෝ ඊළඟ පොදු අපේක්ෂකයා ලෙස අභියෝගයක්ව පවතින ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් ඝාතනයට ලක්වුවහොත් ඊළඟ නායකත්වය සරලව රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බවත් එය පදනම් කොටගෙන මෙසේ සිදුවන්නේදැයි සැක සහිත බවත් ඔහු පැවසුවේ කොළඹ මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකය.‍ෙදාළවත්ත මහතා මේ බවද පැවැසීය.

අද පොලිස්පතිවරයා අත්තනෝමතික ලෙස රටේ ගුරුවරුන්ට, ආගමික නායකයන්ට අපහාස උපහාස කරනවා. මොහු ප්‍රචාරණ කලාවේ නරකින් හරි ජනප්‍රිය වෙලා දේශපාලනයට එන්න උත්සාහ කරන බවට සැකයක් තියෙනවා. එජාපයේ කණ්ඩායමක් ඔහුගේ ඕනෑ එපාකම් ඉටුකරන තත්ත්වයට පත්ව තිබෙනවා. සිරිකොත ප්‍රමුඛ එජාපය වෙනුවෙන් පෙනී සිටින පොලිස්පති මහත් පොලිසියටම කැළලක්.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නායකයා තරුණයකු සමඟ දුරකථන සංවාදයක යෙදිලා තියෙනවා.

අද පොලිසියේ ප්‍රධානීන් කටයුතු කරන්නෙ මෙහෙමද? නාලක ද සිල්වාට ඕනෙ අගමැති පුම්බන්න. අගමැතිට කඩේ යන්න. පොලිසියේ කඩා වැටීමට ප්‍රධාන හේතුව පොලිස්පතිගේ නොමනා හැසිරීම. කාන්තාවගේ හිරිඔතප් බිඳෙන ආකාරයට අද පොලිස්පති ඔවුන් ඉදිරිපිට පවා හැසිරෙනවා. ස්ත්‍රී නිමිත්ත හස්ත මුද්‍රාවෙන් පෙන්වනවා.

වත්මන් පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාව වශයෙන් සිටි කාලේ සුවිශේෂ වංචාවකට උදවුකර තියෙනවා. අද මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට පොලිස්පති තර්ජනය කරනවා. පොලිස්පති තමන්ගෙ තරම දැනගෙන කටයුතු කළ යුතුයි.

පූජිත් ජයසුන්දර පත්කරන්න අත තියපු චම්පික රණවක, අනුර දිසානායක මේවට වග කියන්න ඕනෑ. ඒ අයගෙ නියෝජිතයො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඉන්නවා. මේ අයට අත පිහදාගන්න බෑ.

එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සහ පිළිතුරු
නාලක කුමාර සංවාද පටය පැහැදිලිව විස්තර කළා. මේ වන විට එහි තත්ත්වය කුමක්ද?

නීතිඥ ප්‍රේම්නාත් ‍ෙදාළවත්ත
පොලිස්පතියි, නාලක සිල්වා මහත්තයයි කැලණියේ බෝධි පූජාවක් තියනවා කියලා ආරංචියි. අපට කමක් නෑ බෝධිපූජා තිබ්බට. හැබැයි පොලිසියේ ප්‍රධානියා හැටියට ඔහුට යුතුකමක් තියෙනවා අනික් නිලධාරීන්ට ආදර්ශයක් වෙන්න. දූෂණ, දරුණු ගණයේ චෝදනා තියෙන නිලධාරියෙක් එක්ක ගිහින් මෙහෙම හැසිරෙනකොට අනික් නිලධාරීන්ට දෙන ආදර්ශය මොකක්ද? ජනතාවට දෙයියන්ගෙම පිහිටයි.

සේනාධිනායකයා, රටේ නායකයා, ඔහුට පොලිසියේ ආරක්ෂාව නැතිනම් වෙනත් ආරක්ෂාවක් කොහෙන්ද?

විධායක ජනපතිට බලය ලැබෙන්නෙ අපෙන්. හැබැයි ජනපති මේ සම්බන්ධව නිද්‍රාශීලීව හැසිරීම අපට ගැටලුවක්. මෛත්‍රිපාල මහතා බොහෝ සුළුකොට තකලා සමාව දෙන්න බලාගෙන ඉන්න වගේ එකක් අපිට පේන්න තියෙන්නෙ. ජනතාවටයි මේ පහර.

මෙවැනි කුමන්ත්‍රණයක් තිබෙනවා නම් රටේ බුද්ධි අංශය කෝ?

අද බුද්ධි අංශ දන්න දෙයක් නෑ. බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා. බුද්ධි අංශ ප්‍රධානීන් කිහිපයක් අද බන්ධනාගාරගත කරලා. ලැජ්ජා වෙන්න ඕනෑ.

 

One Response to “මෛත්‍රි-ගෝඨා ඝාතන සැලැසුම පිටුපස මහේන්ද්‍රන් සිටිනවා දැයි සැකයි”

  1. Hiranthe Says:

    This is bull shitting!!

    Mahendran did his job and gone back. He may have earned a % of the robbery but the majority of the money is with Run-nil and the clan.

    Mahendran doesn’t look like a killer. He was only the action man and the orders and the benefits were Runils.

    This is misleading. To most of the general public, the Bond scam was done by Arjun Mahendran and he escaped with the money. Actually he was given a mission and he did it and went back. That’s all.

    Don’t try to divert the blame away from the Run-nil and LieTTE.

    They earlier killed Gamini and Lalith to pave the path to Run-nil to become the leader of UNP.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress