”ආවා කල්ලියේ” සාමාජිකයින් තුන් දෙනෙකු 1 දා අත් අඩංගුවට ගෙන තිබේ
Posted on December 1st, 2018

දිනසේන රතුගමගේ

යාපනයේ චුන්නාකම් පොලීසිය විසින් අපරාධ විසි එකකට සම්බන්ධආවා කල්ලියේසාමාජිකයින් තුන් දෙනෙකු 1 දා අත් අඩංගුවට ගෙන තිබේ.

ආවා කල්ලියේප්රබල නායකයෙකුව කටයුතු කොට ඔහුට  එල්ල වූ විවිධ තර්ජන නිසා පොලීසියට බාර වූ අශෝක් කුමර් නැමති  අයගෙන් ලැබුණු තොරතුරු මත මෙම සාමාජිකයින් තුන් දෙනා අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

යාපනයේ චුන්නාකම් ඇතුළු ස්ථාන තුනක නිවෙස් වල දී මේ සාමාජිකයින් තුන්දෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් ලග තිබී අඩි තුනක් දිග කඩු දෙකක්ද අඩි තුනහමාරක කඩුවක්ද ,කිණිසි,පිහි හා මුහුණු ආවරණ කීපයක්ද  පොලීසිය විසින් සොයාගෙන තිබේ

මොවුන්ගෙන් කළ ප්රශ්න කිරීම් වලදී හා යපනයේ ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි වලට අනුව මේ තුන්  දෙනා විසින් අපරාධ හතරකටද මොවුන් වෙන් වෙන් වශයෙන් තවත් අපරාධ දාහතකටද සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

සැකකරුවන් තුන් දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress