උතුරු පළාත් සභාවේ රුපියල් තුන්කෝටි විසි ලක්ෂක් වංචා වී ඇතැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් පරීක්ෂණ
Posted on December 2nd, 2018

දිනසේන රතුගමගේ

උතුරු පළාත් සභාවේ හිටපු පුනරුත්ථාපන ඇමතිනී ආනන්දි ශෂිහරන්  මහත්මියගේ අමාත්යංශවලින් රුපියල් තුන්කෝටි විසි ලක්ෂක් වංචා වී ඇතැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට උතුරු පළත් අණ්ඩුකාරවරයා විසින් ත්රිපුද්ගල කමිටුවක් පත් කොට තිබේ.

මෙම මූල් වංචාව සිදු වී ඇති බවට ආණ්ඩුකාරවරයා වෙත පැමිණිලි කොට ඇත්තේ උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥානම් මහත විසිනි.

ආනන්දි ශෂිහරන්  හිටපු අමාත්යවරිය විසින් මේ මුදල වංචා කොට ඇත්තේ උතුරු පළාත තුළ  වකුගඩු රෝගීන් සදහාත් හෘදය රෝගීන් සදහාත් සහන සැලසීමට පිහිටුවා ඇති අරමුදලෙන් බවද සී.වී.කෙ.ශිවඥාණම් මහතා පෙන්වා දී ඇත.

අනුව මේ සිදු වී ඇතැයි කියන මුදල් වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් උතුරු පළාත් සෞඛ් අමාත්යංශයේ ලේකම්  එස්.තිරුවාකරන්,ගණකාධිකාරී පී.ගජේන්ද්රන් උතුරු පළාත් සභාවේ විගණන අධ්යක්ෂ එස්.සුරේන්දනී,යන  තුන් දෙනා පත් කොට ඇත.

හිටපු අමාත්යවරියට එරෙහිව නැගී ඇති චෝදන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා දින විසි එකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන මෙන් ත්රි පුද්ගල විමර්ශන කමිටුවට  උපදෙස් ලැබී තිබේ.

මේ පිළිබදව ආනන්දි සෂිහරන් හිටපු අමාත්යවරියගෙන් විමසූ විට ඇය කියා සිටියේ තමන් තමන්ගේ අතින් මුදල් වියදම් කොට ජනතාවට සහන සැලසුවා මිස ජනතාවට සහන සැලසීමට තිබූ මුදල් කිසි විටකත් වංචා කොට නොමැති බවයි.

මීට පෙරද උතුරු පළාත් සභාවේ බොහෝ දෙනෙකුට මුදල් වංචා පිළිබදව පරීක්ෂණ පැවැත්වුණු අන්දම විස්තර කළ හිටපු අමාත්යවරිය ඒවා පල රහිත වූ ආකාරයද විස්තර කොට සිටියේය.

ආණ්ඩුකාරවරයා විසින් පත් කරණ ලද විමර්ශන කමිටුව විසින්  ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාව එළි දැක්වීමෙන් පසුව තමන් මේ පිළිබදව ජනමාධ්යයට ප්රකාශයක් කරණ  බවද  හිටපු ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය කියා සිටියාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress