මේ රටේ පර්ලිමේන්තුවේ ආසන ගණන 30 කට අඩුකරමුද?
Posted on December 2nd, 2018

සුදත් ගුණසේකර

2018.12.1.
මේ යෝජනාව කියවන ඔබ සැමදෙනාම හිතාවි මට පිස්සු කියල. ඒ නිසා ඇයි මම එහෙම කියන්නෙ කියල පළමුවම පැහැදිළි කලොත් හොඳයි කියල මම හිතනව.

වර්‍තමාන ලංකා පාර්ලිමෙන්තුවේ ආසන 225 ක් තියෙනවා. නමුත් ගනපූර්නයට අවශ්ය 20ක් ලු. මාසෙකට රැස්වෙන්ට තියෙන්නෙ දිනගාන 8 ලු. මේ දින අටෙන්වත් කී දවසක් ගනපුර්නය නැතුව රැස්වීම තියන්ට බැරි උනබව ඔබ දන්නවද?. අවුරුද්දටම කී දවසක් 225 ම ඇවිල්ල තියෙනවද?. 50ක් වත් ආපු දවස් ගනන කීයක්ද?. අනෙක ආවත් මුලු කාලයම කී දෙනෙක්ද පර්ලිමේන්තුවේ ඉදල කටයුතු වලට සහභාගි වෙන්නෙ. මේ අයට පැමිණි බවට අත්සන් කරන්ටත් නෑ. බොහෝ දෙනා මම දැකල තියෙනව ඇතුල් වෙනව, වාඩි වෙනව, විනාඩි දෙක තුනක් ඉන්නව, නැගිටිනව, කථානායකට ඔලුව පාත් කරනවා යනව. එච්චරයි. දැන් ආවටත් රුපියල් 2500 ක් ගන්නව. කලින් රුපියල් 500 යයි. මහා ප්‍රජාතන්ත්‍රවාදියා කියන රනිල් තමා එකත් රුපියල් 2500 කලේ.

පාර්ලිමේන්තුවෙ දවසක වියදම විතරක් රුපියල් කෝටි 2.7 කියල මම පත්තරේක දැක්ක. එතකොට මේ 225 ට පඩිනඩි, යානවාහන, දහසකුත් එකක් වෙනත් දීමනා, ඒ අය නඩත්තු කරන්නට යන වියදන්, යානවාහන, ඉන්දන දීමනා, නිල නිවාස, ආරක්ෂකයෝ. සේවකයෝ, විදේශ ගමන් ආදී සියල්ලට යන වියදම එකතුකර මුලුගාන බැලුවොත් මේ එක මනුස්සයෙක් නඩුත්තු කරන්ට කීයක් යනවද කියලත් බැලුවොත් කොපමන වේද?. එතකොට වසර තුනෙන් තුනට ලැබෙන රුපියල් කෝටිගානක් වටින තීරුබදු රහිත වාහන බලපත්‍ර පගාව, මේ සියල්ලම එකතුකරල මේ එක මනුස්සයෙකුට යන වියදම සහ මුලු එකතුවත් කවුරු හරි හොයා බැලුවොත් නම් ලොකු ජාතික සේවයක්.

මේ උදවිය මහජන මුදලින් මේ සැප සම්පත් ඔක්කොම ලබාගෙන රටට ජාතියට කරන සේවය මොකක්ද කියන එකයි මගේ ප්‍රශ්නය. අනික මේ ඔක්කොටම වසර 5 කට පස්සේ පෙන්ෂනුත් ලැබෙනව. මේකෙ ඉන්න 90 දෙනෙකුට සාමාන්‍ය පෙලවත් නැතිලු. ඉතින් කසලශෝදකයෙකු, කම්කරුවෙකු වෙන්නටත් කිසියම් අවම අධ්‍යපනයන් ඉල්ලන රටේ කිසිම් සුදුසුකමක් නැතුව ඇවිල්ල , එක රැස්වීම් වලටවත් නෑවිත්, ආවත් එහි වැඩටත් සහභගි නොවී කඩි මුඩියෙ පිටව යන, මුලු කාලයම තමන්ගේ පුද්ගලික වැඩ වල යෙදෙන මේ වගේ පිරිසක් ඇයි අපි මහජන මුදලින් නඩත්තු කරන්නෙ කියන ඒකයි මගේ ප්‍රශ්නය.

1948 දී නිදහස ලැබුනායි කියන කොට ආසියාවෙම පොහොසත්ම රට අද මේ තත්වයට වැටිල තියෙන්නෙ 70 වසරක් පුරා මේ රට පාලනය කලැයි කියන රටට හෝ ජාතියට කිසිම ආදරයක් නැති බඩගොස්තරවදී මේ වගේ දෙශපාලඥයින් නිසා නොවේද?.

ගනපුර්නයට ඔනේ 20ක් නම් තව 205ක් මොන කෙන්ගෙඩියකටද නඩත්තු කරන්නේ?. ගමක මරණාධාර සමිතියක උනත් මීට වැඩිය පැමිනීම හොදයි. මේ රටේ උත්තරීතරයයි කියන රජ්‍යසබ්භාවෙ හැටිද?. ඒ නිසා තමා මම යෝජනා කරන්නේ 30 දෙනෙකුගේ පාර්ලිමෙන්තුවක් මේ රටට හොදටම ඇති කියල. ඒ අනුව හොදම වැඩේ රට දිසා 30 කට බෙදල එක දිසාවකට එක මහජන නියෝජිතයෙක් බැගින් 30 ක්. හැබැයි ඒ අයට උනත් සභාවෙ රැස්වීමට නොපැමිනියොත් එදට පඩි ගෙවන්ටත් හොද නැහැ. මොකද විනය පටන්ගන්ට ඕනෙ ඉහලින්ම. එතකොට තමා රටක් හැදෙන්නේ.

ඊට පස්සේ ඔය පාර්ලිමෙන්තුව කියන හුනියම් ගොඩනැගිල්ල රටට අදයමක් උපයන්ට පුලුවන් ජාත්‍යන්තර හෝටලයක් වගෙ දේකට දීල රටට ආදායමක් උපයාගැනීම හොදයි කියල මම හිතනව. එහෙම උනාම අනිත් 195ක් දෙනා අඩු ගානෙ ගෙදර ගිහින් මයියොක්ක පඳුරු 195 ක් වත් හිටවයි රටෙ ජනතාවට බරක් හා වසන්ගතයක් නොවී.

හැබැයි ඒ සමගම 1987 සිට වසක 30 ක් පුරා මේ රටේ ජාතික, ආර්ථික හා පරිපාළන යන සෑම අතින්ම මහා හූනියමක් හා වින්නසයක් සිදුකොට ඇති රට බෙදීමේ මූලික පදනම වූ පලාත් සභා නවයද වහාම අහොසිකොට මිහිදන් කලයුතුය.

6 Responses to “මේ රටේ පර්ලිමේන්තුවේ ආසන ගණන 30 කට අඩුකරමුද?”

  1. Randeniyage Says:

    It is a shame ! It is also a sham. This 122 “democrats” who promise to give life for democracy still hold these useless parliamentary sessions. Why can’t they wait until the court cases finished ?
    Then there are these “literal constitution club”, they too go there and hold press conferences to say “parliament is invalid according to standing orders” !
    There is also such thing called “obvious democracy”. I am sure 99.9% people do not want to waste money like this. If the love democracy they should pass every possible motion in one day and wait.

    I think whole thing is an Indian conspiracy. Wait and see ! No wonder they never make much noise like westerners, because they are the instigators !
    MAKE NOTE.

  2. DR M D P DISSANAYAKE Says:

    My dear Sudath
    If I were to reply in Sinhala, with my very weak skills of alpahabet key board, it will take sometime.

    On restricting 30 Ministers more than enough. Sri Lanka with its 20 million, is over governed. In my opinion: We don’t need an Executive President, We don’t need Governers (Andukaroyo), We don’t need Chief Ministers, We don’t need Provincial Councils.

    We need central government with local government, giving direct access to monitor the implementation and use of funds as directed to the intended projects.

    Your article is one of best absorbing write-ups. Keep writing.

  3. Dilrook Says:

    Very good approach.

    No PCs, no executive president and a parliament of only 30 seats. Additionally, local government bodies should only have 3 members.

  4. ranjit Says:

    Great idea I fully agree with Sudath. Why we need 225 uneducated, unethical, ungrateful, unpatriotic hooligans in the parliament? We have only 21million people in this country and most of them don’t have money to eat three meals a day even so why we have 225 parliamentarians who does nothing and spends millions for themselves from the public funds? We need to change this system. All these 225 taking us for a ride with so much lies and promises. They treat us shabbily as we are all fools in this country. We cannot allow uneducated hooligans to pass laws and govern as they pleased. Anyone can show majority in the parliament by buying these rascals for huge sums of money like we buy vegetables. It’s not fare for the country. We should start new with some kind of strict rules and regulations. Every representative should have O’level or above qualifications to represent his constituency. Also they must have a clean record attested by police as most of them are thugs and corrupted in the current situation. To make our country great again truly we need some professionals in every subject with high degree of respect. Our country is blessed with such kind of good people who can make us all proud. Only patriots can make that happen. May God bless my homeland.

  5. Christie Says:

    We are a colony of India.

    Any comments please.

    So how many or none is not a problem.

  6. Hiranthe Says:

    Great Idea. The money saved will be millions per month which can benefit ordinary folks.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress