මහත්තයාගේ බෙල්ලට පිහිය තියලා ආගමට හැරෙන්න කිව්වා… මාව කූඩුවට දාන්න එපා කියලා දරුවන් පොලිසියේ අයගේ කකුල් අල්ලා වැන්දා!! මහත්තයා අතහැරියොත් මාව හජ්ජියාර්ලා භාරගන්නම් කීවා!!!
Posted on July 3rd, 2019

සිරිමන්ත රත්නසේකර දිවයින උපුටා ගැන්ම

තමන් කැමැති අයකු සමග විවාහ වීමේ අයිතිය මුස්ලිම් කාන්තාවන්ටත් තිබිය යුතුයි…  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ 

galag555

“…බබා හම්බවෙන්න ගමට ආ විට තර්ජනය කළා…. පොලිසියට පැමිණිලි අටක් දැම්මත් විමර්ශනයක් කළේ නෑ…”

ඕනෑම කාන්තාවකට හෝ පුරුෂයකුට ඕනෑම ආගමක, ජාතියක අයකු සමඟ විවාහ වීමට අයිතියක් තිබිය යුතු බවත් එය මුස්ලිම් කාන්තාවන්ට පමණක් වෙනස් විය යුතු නැති බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.

 බණ්ඩාරගම අටලූගම මුස්ලිම් කාන්තාවක් මුහුණ දී ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන අවාසනාවන්ත තත්ත්වය රට දැනගත යුත්තක් බවත් සැබෑ අන්තවාදය, ජාතිවාදය ඇත්තේ කොතැනද යන්න මින් තහවුරුවනු ඇති බවත් උන්වහන්සේ කීහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය  ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (02 වැනිදා* එම අදහස් පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. මෙහිදී බණ්ඩාරගම අටලූගම මුස්ලිම් ජාතික කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මියද එක්වී සිටි අතර එහිදී ඇය විශේෂ හෙළිදරව්වක් කළාය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද කියා සිටියේය.

 අද අපි විශේෂ හෙළිදරව්වක් වශයෙන් කරන අටලූගම ගමේ යුවළ පිළිබඳ තොරතුරු රටට කියන්නේ කිසිදු ජාතිවාදී හෝ ආගමික ඝට්ටනයක් ඇතිවීම සඳහා නොවේ. රටේ නීතිය හරිහමන් ලෙස කි‍්‍රයාත්මක නොවීම නිසා රටේ පුරවැසියන් විඳින අනේකවිධ කම්කටොලූ හෙළිකිරීම සහ ඔවුන් හමුවේ පවතින ජීවිත තර්ජන ගැන හෙළිකිරීමයි.

 බණ්ඩාරගම අටලූගම ගමේ මේ වන විටත් කි‍්‍රයාත්මක උම්මත්තක අන්තවාදී සැහැසිකම්, වාර්ගික, ආගමික නීති රට දැන ගත යුතුයි. මේ යුවළ අප සංවිධානයට පැමිණ මේ ගැන කියන්න ඉල්ලීම් කරන්නේ බොහෝ කාලයකට පෙර සිටයි. අප ඒ ගැන අවශ්‍ය තැන්වලට දැනුවත් කළා. නමුත් ඒ යුවළ දැනටමත් ඒ අනේකවිධ දුක්කම්කටොලූවලට මුහුණ දෙනවා.

 මේ හෙළිකිරීම මුස්ලිම් ජනතාවට හෝ එම ආගමිකයන්ට කරන එරෙහිවීමක් නොවෙයි. මේ දරුවෝ දෙදෙනෙක්ගේ මවක්. මුස්ලිම් සමාජයෙන් මතුව ඇති ඉස්ලාමික වහබ්වාදී අන්තවාදය නිසා ඒ සමාජය කෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට ඇදවැටිලාද කියලා මේ සිදුවීමෙන් තේරුම් ගන්න පුළුවන්.

 සමාජ ඒකාබද්ධතාවය, සංහිඳියාව ගැන කතා කරන සැමට අද අපි උත්තරයක් දෙනවා කොතැනද මේ අන්තවාදය තියෙන්නේ කියලා. ආගම්වාදය කොතැනද කියලා අන්න ජාතිවාදය ආගම්වාදය තිබෙන්නේ අපි තුළ ද කියලා රටට දැන් හිතාගන්න පුළුවන්. මනුෂ්‍යත්වයට නිගාදෙන සැහැසිකම් ඇත්තේ කොතැනකද යන්න මේ කතාවෙන් හිතාගන්න පුළුවන් වේවි. අප පෙළගැසිය යුත්තේ කා වෙනුවෙන්ද යන්න මේ මාතාවගේ කතාව ඇසීමෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. 

 බණ්ඩාරගම අටලූගම ගම්පිටින් අපහරණය කරන හජ්ජියාර්ලා ගැන අපි දන්නවා. පරිස්සමෙන් ඉන්න කියලා. ඒ අයට අපි දැනුම් දෙනවා. අපිට හමුදා අධිකරණ ඕන නැහැ. නීති හදන උදවිය නීති කි‍්‍රයාත්මක කරන අය මේ ප‍්‍රශ්න ගැන බලන්න ඕනෑ. ඕන කෙනකුට ඕන කෙනෙක් විවාහ කරගන්න පුළුවන්. අපේ කෙනෙක් වෙන කෙනෙක් සමඟ විවාහ වුණොත් අපි උන්ව මරාගෙන කන්න හදනවද? අපි එහෙම නැහැ. මුස්ලිම් අන්තවාදය රට විනාශ කර තිබෙනවා.

 වහබ්වාදය හා අන්තවාදය පැතිරවීම සඳහා මොවුන් අල් ටකියාව භාවිතා කරනවා. අල් ටකියා කියන්නේ ශුද්ධවූ රැුවටීමයි. සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් මෙහි ගොදුරු බවට පත්වෙලා. මේ පවුලට ගල් කැටයකින් හෝ හානියක් නොවිය යුතු බව ආගමෙන් පිස්සු වැටුණු අටලූගමේ උම්මත්තකයන්ට අපි කියනවා. අපි කියන දේ කරන්න බැරිනම් සේරම අකුලගෙන බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් කැමති රටකට ඔවුන්ට යා හැකි බවත් අප සිහිපත් කරනවා. මේක අපේ රට… මීට වඩා සිංහලයන්ගේ ඉවසීම පරීක්‍ෂා කරන්න එපා. 

 මෙහිදී අදහස් දැක්වූ බණ්ඩාරගම අටලූගම පදිංචි අබ්දුල් හසට් ෆාතිමා හයිෆාම් (38* මහත්මිය මෙසේද කීවාය.

 2008 මම සිංහල බෞද්ධ මහත්මයෙක් සමඟ විවාහ වුණා. ඒ විවාහවෙලා අටලූගම නිවසට ගියාම පල්ලියේ සේරම සහ ගමේ සේරම ඇවිත් සිංහල කෙනෙක් බැඳලා ඉන්නේ කියලා අපිව එලවන්න හැදුවා. මහත්තයාට තර්ජනය කළා. පසුව අපි පොලිසියේ පැමිණිල්ලක් කරලා මාලබේ පදිංචියට ගියා. එහි සිටි ටික කාලයකදී මම ගැබිණියක් වුණා. බබා හම්බවෙන්න ඕන නිසා අටලූගම අම්මගේ ගෙදර ගියා. එහිදී ගමේ සේරම ඇවිත් අපිට තර්ජනය කළා. මහත්තයාව ගමෙන් එළෙව්වා. 

 මහත්තයට ආගමට එන්න කියලා තර්ජනය කළා. බබා හම්බවුණාම මහත්තයා අපේ ගෙදරට ආවා. ඒ ආ පසු පල්ලියේ අය ඇවිත් ඔයාට වාහන දෙන්නම් ගෙවල් දෙන්නම් ආගමට එන්න කියල දිගටම බලපෑම් කළා. මහත්තයා ඒකට කැමති වුණේ නැහැ. මහත්තයාට අපේ ආගමට එන්න ඕන වුණේ නැහැ. එයාට මාව බෞද්ධ ආගමට ගන්නවත් ඕන වුණේ නැහැ. අපි දෙන්න අපි දෙන්නගෙම ආගම් අනුව ඉන්න තමයි කටයුතු කළේ.

 පසුව පල්ලියෙන් ඇවිත් මහත්තයාගේ බෙල්ලට උල් ආයුධයක් තියලා ආගමට හැරෙන ලෙස බලපෑම් කළා. මෙයා අපේ ගෙදර පැමිණි හැම වෙලාවෙම දාහක විතර පිරිසක් අපේ ගෙදර ඇවිත් තර්ජනය කරනවා. පසුව එයා රට ගියා. මහත්තයා රට ගියාම පල්ලියේ අය මට කිව්වේ එයා ගැන ආසාව අතහරින්න කියලයි. මුස්ලිම් කෙනෙක්ව හොයලා දෙන්නම් එයාව බඳින්න කිව්වා. ඉන් පසු ළමයි ඇතුව හෝ නැතුව මාව ගන්නම් කිව්වා. හජ්ජියාර්ලත් මට කතාකර භාර ගන්නම් කිව්වා. ඒ අයගේ නම් වුණත් මට කියන්න පුළුවන්.

 පල්ලියේ අය මහත්තයට සීඞී තැටි ගොඩාක් එව්වා. අවුරුදු 32 ක් මහණවෙලා සිටි හාමුදුරුවෝ නමක් දැන් ඉස්ලාම් ආගමට ඇවිත් පූජකයෙක් වෙලා ඉන්නවා කියලා එම සීඞීවල සඳහන් වෙනවා. ලෝකේ උතුම්ම ආගම ඉස්ලාම් ආගමට එන්නේ නැත්තේ ඇයි කියලා ඔවුන් ප‍්‍රශ්න කළා. මම බයිසිකලයේ ගමන් යනවා. එයට හැමෝම එරෙහි වුණා.

 පසුව දවසක රාති‍්‍රයෙත් පල්ලියෙන් ආව කියලා දොරවල් කඩන්න හැදුවා. මමයි අම්මයි ළමයි අඬන එක ඔවුන් වීඩියෝ කළා. පසුව අපි පොලිසියට කතා කළා. නමුත් පොලිසිය ඒ වෙලාවේ ආවේ නැහැ. පසුව පොලිසිය සමඟ ඔවුන් අපේ ගෙදරට දොරවල් කඩාගෙන ආවා. පොලිසියේ හතරදෙනෙක් හිටියදී ඔවුන් මටත් ළමයිටත් ගැහුවා. පසුව පල්ලියේ අනිත් අය අපිව පාරට ඇදගෙන ගියා. එතකොට ගල් මුල්වලින් ගැහුවා. ඔවුන් පල්ලියේ නීතිය කි‍්‍රයාත්මක කරන්නද පොලිසිය නීතිය කි‍්‍රයාත්මක කරනවද ඇහුවා.

 පසුව අපිව පොලිසියට අරන් ගියා. මාව කූඩුවට දාන්න හදනකොට ළමයි පොලිසියේ අයගේ කකුල් අල්ලලා වැන්දා. අම්මව කූඩු කරන්න එපා කියල. පසුව මහත්තයා පාන්දර 2.00 ට පොලිසියට ආවා. පසුවදා තමයි ඇප දුන්නේ. අපි පොලිසියට පැමිණිලි 8 ක් දැම්මා. නමුත් විමර්ශන කළේ නැහැ. මේ සිදුවීම වුණේ මාර්තු විසිහතරවැනිදායි. අපේ‍්‍රල් 06 වැනිදා වෙනකම් විභාග කළේ නැහැ. පසුව ස්ථානාධිපතිවරයා මට කතා කළා. අපි පොලිසියට ගිය පසු ප‍්‍රශ්නය විසඳුවේ පල්ලියේ අයත් ඇවිත් ගම් සභාවක් වගෙයි.

 කැඩිච්ච දොරවල් හදාගන්න රුපියල් විසිඅටදාහක් දෙන්නම් කිව්වා. සල්ලි වගේ නෙමෙයි මාව මැරුවට වඩා හානියක් ඒ අය කළේ. මට ගහපුවා අපි අඬනවා ෆේස් බුක් වට්ස් ඇප්වල පවා දාලා තිබුණා. මම මානව හිමිකම් සංවිධානවලට කොතෙකුත් කතා කළා. නමුත් ජුනි විස්ස වෙනකම් නඩුවක් වැටුනේ නැහැ. මට කිසිම සාධාරණයක් වුණේ නැහැ. ඒ නිසා තමයි මම හාමුදුරුවෝ හොයාගෙන ආවේ. හාමුදුරුවෝ නැත්නම් මේ දේවත් වෙන්නේ නැහැ.

 මගේ අවුරුදු 11 ක් වන ගැහැනු දරුව මුස්ලිම් කෙනකුට බන්දලා දෙන්න කියනවා. අපිට හරියට අඳින්නවත් බැහැ. කළු තමයි අඳින්න කියන්නේ. දරුවෝ දෙන්නා බෞද්ධ පාසල්වලට තමයි යන්නේ. අවුරුදු දහයක පහළොවක කාලයක සිට අපේ සමාජය බරපතළ ලෙස වෙනස් වෙලා. පල්ලිවලින් අපේ සමාජයට බරපතළ බලපෑම් එල්ල වෙනවා. මම මුලින් 

 රැුකියාවට ගිය පසු අපේ තාත්තව දහපාරක් විතර පල්ලියට අරන් ගියා.

 මේ ආගමේ ඉපදුන නිසා මම සෑහෙන කරදරවලට ලක් වුණා. මගේ දරුවන් මේ ආගමට ගෑවෙනවටවත් මම කැමති නැහැ. මොන දේ වුණත් හැම දේටම වඩා මුල ආගමයි. ආගම හැර ඔවුන්ට වෙන කිසි දෙයක් නැහැ. අපේ ගමට පල්ලි හතක් තිබෙනවා. මාරාව පල්ලියෙන් තමයි මේ දේ කළේ.

 මම මේ දේ සඳහා ඉදිරිපත් වුණේ මම වැටුනු තත්ත්වයට තවත් කාන්තාවන් පත් නොවීමටයි. මේ පල්ලියේ කට්ටිය පිටුපස සිංහල, දෙමළ දේශපාලනඥයන් ඉන්නවා. ඥානසාර හාමුදුරුවෝ නැත්නම් මේ ටිකවත් නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress