පාස්කු බෝම්බ කමිටුව දයාසිරිගෙන් ඉගෙනගනී.. උගුලේ නොවැටී දයාසිරි කමිටුවම එකවර මඩවයි.. [Video]
Posted on July 10th, 2019

 lanka C news

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද දිනයේ කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතායි.

ඔහුට පළමු වතාවට කැඳවූ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කර කැඳවීම වර්ජනය කළ අතර කළ නමුත් අද දිනයේ ඔහු කමිටුව හමුවේ පෙනී සිටියේය.

තේරීම් කාරක සභාවේ සාමාජිකයන් විසින් අසන ලද බොහෝ පැනයන්වලට ශූර ලෙස පිළිතුරු දෙන්නට චතුර කථිකයෙකු වූ ශ්‍රීලනිප මහ ලේකම් වරයා සමග සමත් වූ අතර ඇතැම් අවස්ථාවල ශ්‍රීලනිප මහලේකම් වරයා දුන් පිළිතුරුවලින් කමිටු සාමාජිකයන් පවා අර්බුදයට පත් වූ සෙයක් පෙනින.

මෙම ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා වෙත එල්ල කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවද පැවසූ මහලේකම්වරයා මෙම ප්‍රහාරය පසුපස ජාත්‍යන්තර වෙළඳ යුද්ධයක් ඇති බව සිය මතය යැයි සඳහන් කළේය.

හම්බන්තොට වරාය බදුදීම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදුදීම, ත්‍රිකුණාමල වරාය බදු දීම, ත්‍රිකුණාමලය හා කොළඹ අතර විශේෂ ආර්ථික කලාපය ආදී කාරණා මෙම ප‍්‍රහාරය හා සම්බන්ධයක් ඇතැයි පෙන්නුම් කරන බවද ජයසේකර මහතා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress