හිරු පුවත ගැන නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිගෙන් පැහැදිලි කිරීමක්
Posted on October 18th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කිසිදු අවස්ථාවක පත්වීම් ලිපි නිකුත් කිරීමට වාචිකව හෝ ලිඛිතව උපදෙස් ලබාදී නැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සේවකයන් විශාල පිරිසක් ස්ථිර කිරීමට පත්වීම් ලිපි සකස් කරන බවට ලද පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය පරීක්ෂාවට ලක්කිරීම සම්බන්ධයෙන් පුවතක් අප පසුගිය දෙදින තුළ විකාශය කළා.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress