අගමැතිට ලග්ගලදී විරෝධයක්
Posted on October 19th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පොදුජන පැතුම ඉටු කිරීමට තමන් ඇප කැප වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාතලේ – ලග්ගල – නව නගරයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

මෙම ජන හමුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැමිණීමට පෙර එක්සත් ජාතික පාක්ෂිකයෙකු සිය විරෝධය පළ කළා.

අනතුරුව එම ජන හමුවට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගි වුණා.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිටව ගිය පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජන හමුව ඇමතූ අතර, එහිදී නැවතත් ඊට එක්වූ පාක්ෂිකයන් පිරිසකගෙන් විරෝධය එල්ල වුණා. කෙසේ වෙතත්, එම විරෝධය මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සිය කතාව සිදුකළා.  

පසුව මාතලේ – රත්තොට බස්නැවතුම්පොලේ පැවති ජන හමුවකට ද ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress