පාස්කු ප්‍රහාරයට මාස 6යි – ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් නිසි සැලැස්මක් නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි
Posted on October 21st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ප්‍රහාරය සිදුවී මාස 06ක් ගතවුවද මෙතෙක් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි සැලස්මක් ඉදිරිපත් කිරිමට ආණ්ඩුව අපොහොසත් වි ඇති බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ තංගල්ල – රන්න ප්‍රදේශයේ අද පැවති ජනරැලියකට එක්වෙමින්.

එම අවස්ථාවට එක්ව  සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අදහස් පලකලා.

මේ අතර, ඊයේ අකුරැස්සේදී මෙන්ම අදත් බෙලිඅත්තේ පැවති ජනරැලියේදී  එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කළා.

එමෙන්ම, හක්මන, මුලටියන ප්‍රදේශයේ ඊයේ පැවති ජනරැලියේදි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ද ඔහුට සහාය පල කිරීමට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ, ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පලකිරිම සදහා  බෙලිත්අත්තේ  අද පැවති ජනරැලියේදි අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දෙසියකට යටත් වීමට සුදානම් නොමැති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress