හැකිනම් ඇමතිකමෙන් ඉවත් කරන්නැයි වසන්ත සේනානායකගෙන් අභියෝගයක්”
Posted on October 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

තමන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව අමාත්‍ය වසන්ත සේනානායක අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති මෙම විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ හැකිනම් තමන් එම ධුරයෙන් ඉවත් කර පෙන්වන ලෙසටයි.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත්, ඉදිරියේදී ඔහු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක අද මෙම අදහස් පළ කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress