ලංගම සේවකයින් හට මුව ආවරණ, අත්වැසුම් සහ අනෙකුත් අදාළ සියලූම වෛද්‍ය පහසුකම්
Posted on April 1st, 2020

ජනමාධ්‍ය නිවේදනයයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

2020. 03. 31

ජනාධිපති කාර්ය සාධක බලකාය,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

තම ජීවිත අනතුර පවා නොසලකා සේවය කරන ශ‍්‍රී ලංගම සේවකයින් හට මුව ආවරණ, අත්වැසුම් සහ අනෙකුත් අදාළ සියලූම වෛද්‍ය පහසුකම් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම


මේ මොහොත වන විට සෑම දිස්ත‍්‍රික්කයකම රියදුරු, කොන්දොස්තර හා කාර්මික සේවකයින් තම ජිවිත අනතුර පවා නොසලකා රට තුළ ඇති වී ඇති කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට දැඩි කැපකිරීමක් සිදුකරමින් සිටිති. සියලූම අත්‍යවශ්‍ය සේවාවල සේවකයින් ප‍්‍රවාහනය කිරීම, විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් අදාළ ස්ථානයන්වලට ප‍්‍රවාහනය කිරීම සෑම දිස්ති‍්‍රක්කයකම ශ‍්‍රී ලංගම සේවකයින් විසින් සිදුකරනු ලබයි.

මෙම කාර්යයනහි නියැලි ලංගම සේවකයින් හට විධිමත්ව අඛණ්ඩව අදාළ මුව ආවරණ, අත්වැසුම් සහ වෛද්‍ය පහසුකම් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ජනාධිපති කාර්ය සාධක බලකායෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

පිටපත්
1. ගරු ප‍්‍රවාහන අමාත්‍ය – මහින්ද අමරවීර මැතිතුමා
2. ශී‍්‍ර ලංගම ගරු සභාපති – කිංස්ලි රණවක මැතිතුමා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress