දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු, ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15….!
Posted on June 18th, 2020

Courtesy Nithiyalk.blogspot.com

දිසා අධිකරණයේ පවරා ඇති ගෙවල් කුලී නඩුවක  එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තිය යටතේ මූලික විරෝධතාවයක් ගෙන ඇත.

එකී මූලික විරෝධතාවය විමසීම ලිඛිත දේශන මගින් සිදුකළ අතර පැමිණිල්ලේ නීතිඥවරයා විසින් ලිඛිත දේශන සමග ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු සහ ලිපි කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ලිඛිත දේශන සළකා බලා නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට වූ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් උත්තරය ගොනු කිරීමට අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව විත්තිකරු විසින් හරස් පැමිණිල්ලක් සමග උත්තරය ගොනුකර ඇති අතර, පැමිණිල්ලේ නීතිඥවරයා ලිඛිත දේශන සමග නඩු වාර්තාවට ගොනුකර ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නඩු තීන්දු සහ ලිපි කිහිපයේ පරිවර්තන ‘පූර්ව නඩු විභාගයට’ පෙර සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ඉල්ලා ඇත.
එකී ඉල්ලීමට අදාල නියෝගය අප්‍රේල් 02වෙනි දිනට ලබා දීමට නියමිතව තිබූ අතර කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් පැවති ඇදිරි නීතිය හේතුවෙන් එදින කැදවීමට තිබූ නඩු ජූනි 15 කැදවනු ලැබූ අතර නියෝගය ලබාදීම නැවත ජූලි 15වන දිනයට නියම කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress