ඇමරිකා එම්බසියත් ස්විස් එම්බසිය වගේ වෙයි.. MCC වෙනුවෙන් මුදල් දුන් බවට ඔවුන්ගේම වාර්තාව මෙන්න..
Posted on June 26th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජනා වී ඇති MCC ගිවිසුමට අදාළ කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදී නැති බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ ඔවුන් සඳහන් කරන්නේ ගිවිසුම ගැන අවසන් තීරණයක් ලැබෙන තෙක් ප්‍රධානයන් ලබා දීම දින නියමයක් නැතිව කල් දමා ඇති බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව ඊයේ බාර දෙමින් කමියු සාමාජිකයන් විසින් කල ප‍්‍රකාශයක් හේතුවෙන් මෙම සටහන දක්වා ඇත.

කෙසේ නමුත් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවියේ දැක්වෙන්නේ 2018 ජූනි මස 13 වන දින කොළඹ දී MCC ගිවිසුමට අදාළව ඩොලර් මිලියන 7.4 ක ශ‍්‍රී ලංකා රජයට ප්‍රධාන කළ බවයි.

යොමුව මෙතනින්

https://lk.usembassy.gov/millennium-challenge-corporation-official-visits-sri-lanka-to-continue-progress-on-compact-development/?fbclid=IwAR3iMD8iaR-h2k7AJJIooiUmRUZWp_tEBtU5BgJApJi7kdCxwFNG7W6BRR4

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress