කොරෝනා වසංගත තත්වය හමුවේ පාසල් පුහුණුකරුවන් පත්ව සිටින ආර්ථික දුෂ්කරතාව සම්බන්ධවයි.
Posted on November 1st, 2020

ලංකා ගුරු සේවා සංගමය.

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්. පිරීස් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

කොරෝනා වසංගත තත්වය හමුවේ පාසල් පුහුණුකරුවන් පත්ව
සිටින ආර්ථික දුෂ්කරතාව සම්බන්ධවයි.

රට තුළ ප‍්‍රධාන පාසල් ඇතුලූ සැලකිය යුතු පාසල් සංඛ්‍යාවක ක‍්‍රීඩා හා එවැනි වෙනත් සමගාමී කාර්යයන් සදහා පාසල් මට්ටමින් පුහුණුකරුවන් ලෙස සේවයේ යොදවා ගන්නා සැලකිය යුතු පිරිසක් මේ වනවිට ඉතා අසරණභාවයට පත්ව සිටීම පිළිබද ඔබගේ අවධානයට යොමු කර සිටිමු.

රටේ පවතින වසංගත තත්වය හමුවේ පාසල් වසා තැබීම නිසා පුහුණුකරුවන් ලෙස ලද දීමනා නොලැබීමද, ඔවුන් වෙනත් රැුකියාවක නිරත නොවීමද හා තම එකම ආදායම් මාර්ගය පාසල් පුහුණුකරුවන් ලෙස ලබන දීමනාව පමණක් වීමද හේතුවෙන් ඔවුන්ට මේ වනවිට තම දෛනික ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට ආර්ථික වශයෙන් බි`ද වැටී ඇති බව අප සංගමය වෙත  වාර්තා වී තිබේ.

 උක්ත කරුණු ගැන ඉතා සානුකම්පිතව සලකා ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාම ස`දහා වන ආර්ථිකමය සහනයක් ලබා දිය හැකි වැඩ පිළිවෙලක් අදාල පාසල් මට්ටමින් හෝ අමාත්‍යංශය මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමට පියවරක් ගන්නා මෙන්  ඉතා  ඕනෑකමින් යුතුව ලංකා ගුරු සේවා සංගමය ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

පිටපත් – 01. ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress