මගේ නඩුවේ තීන්දුව 08 වෙනිදා.. එදාට මං හිරේ යනවා.. අද මගේ අවසන් පාර්ලිමේන්තු දිනයයි..- රන්ජන් තමන්ගේ නඩු තීන්දුවත් අදම කියයි..
Posted on December 5th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

තමන්ට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩුවක තීන්දුව 8 වනදා ලබා දීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඒ අනුව තමන් එදිනට හිරේ යාමට නියමිත යැයි ද ඔහු පැවසීය.

අද දින තමන්ගේ පාර්ලිමේන්තුවේ අවසන් දිනය යැයිද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

අඩුම මාස හයක් සහ උපරිමය අවුරුදු දෙකක් දක්වා වූ සිරදඩුවමක් තමන්ට හිමි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress