රජයේ සේවකයින්ට කොවිඩ් එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමට හා අනුරාධපුර දිස්ත්‍රික්කයට කඩිනමින් කොවිඩ් එන්නත්කරණය ආරම්භ කිරීම
Posted on June 1st, 2021

තිසර සමල් එප්පාවල

ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටෙන රජයේ සේවකයින්ට කොවිඩ් එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමට හා අනුරාධපුර දිස්ත්‍රික්කයට කඩිනමින් කොවිඩ් එන්නත්කරණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෙට (02) අතිගරු ජනාධිපතිතුමන් සමඟින් සාකච්ජා කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කොවිඩ් මර්ධන කමිටුවේදීය.මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කොවිඩ් මර්ධන කමිටු රැස්වීම මිහින්තලය  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (31) පැවැත්විණි.ඒ සදහා මිහින්තලය ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන්, මිහින්තලය පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු කමිටු නිළධාරීන් සහභාගී වූහ.

එහිදී කොවිඩ් පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

මිහින්තලය ඇගලුම් කම්හලෙන් රෝගීන් 53 ක් වාර්ථා වී තිබීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහි සේවකයින් 1500 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරත වීම හේතුවෙන් අවධානමක් පවතින බව සෞඛ්‍ය බළධාරීන් පැවසීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, සේවා මුර ක්‍රමය යටතේ ඇගලුම් කම්හල පවත්වාගෙන යාමේදී සේවකයින් කඩින් කඩ කැඳවීම වෙනුවට සති දෙකෙන් දෙකට සේවකයින් ප්‍රමාණය දෙකට බෙදා කැඳවීමට කටයුතු කරන ලෙස අදාළ ඇගලුම් කම්හලට උපදෙස් දෙන ලෙසයි.ඒ මගින් සේවකයින් මුහු වීම මෙන්ම සේවකයින් ගමට මුහු වීමද අවම වන බවට අමාත්‍යයවරයා එහිදී පැවසීය.ඒ හරහා ඇගලුම් කම්හලේ කටයුතුද සාර්ථකව කරගෙන යා හැකි බවද පෙන්වා දුන්හ.

මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් එන්නත් කරණය සඳහා සූදානම කෙසේදැයි මිහින්තලය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ගේ අමාත්‍යයවරයා විමසා සිටි අතර,එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් කියා සිටියේ අවධානම් සහිත ගම් ලෙස රෝගීන් වාර්ථා වූ ගම්මාන හා පුද්ගලයින් තෝරා ගෙන ලැයිස්තු ගත කර ඇති බවයි.එහිදී මහජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙනවා මිස වෙනත් ප්‍රමුඛතා ලැයිස්තු නොමැති බවද ඔහු පැවසීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, 

මේකේ ඇත්තම කථාව තමයි දැනට රෝගය බෝ කරන කණ්ඩායම විදිහට ඉන්නේ මිනිස්සුන්ව මුණ ගැහෙන කණ්ඩායම,ඒ කියන්නේ රාජ්‍යය නිළධාරීන්ට තමයි මේකේ ප්‍රමුඛතාවය දෙන්න අවශ්‍යතාව තියෙන්නේ.රටටම එන්නත්කරණය කරන්න අවශ්‍යයි, මම මිනිස්සු 100 ක් මුණ ගැහෙනවා නම් මට එන්නත්කරණය කරන එකද හොඳ අර මිනිස්සු 100 අතරින් කෙනෙක්ට එන්නත දෙන එකද හොඳ? ඒවගේ දෙයක් රජයේ නිළධාරීන් කිව්වම සෞඛ්‍ය වෙන්න පුළුවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙන්න පුළුවන්, ප්‍රාදේශිය සභා, ගොවිජන සේවා වගේ ආයතන වලට එන්නත් කරණය කලොත් අපිට යම් මුරකපොල්ලක් දාගන්න පුළුවන්කම තියෙනවා.ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කරන්නම්.හෙට (02) ජනාධිපතිතුමන් සමඟ සාකච්ජාවක් තියෙනවා.ඒකෙදී අනුරාධපුර දිස්ත්‍රික්කයට එන්නත්කරණය කිරීමට නුදුරු දිනයක් යොදා ගන්නත් සාකච්ජා කරන්නම් යැයිද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයතුමන් කියා සිටියේ,

රටේ පහුගිය දිනවල සිදු වූ සියලු අත්දැකීම් අරගෙන ඡන්ද නාම ලේඛණය අනුව එන්නත් කරනය කරන්න,එක මන්ත්‍රී හෝ තව කෙනෙක් කියන අයට එන්නත් කරන්නේ නැතිව ගමේ ග්‍රාමසේවක මහත්තයා ලග ඡන්ද නාම ලේඛණය තියෙනවා, පාරවල් වලට හෝ ගම්මාන වලට වෙලාවල් දීලා ලැයිස්තුවකට අනුව එන්නත්කරණය කරනන්.එතකොට හැම ගෙදරම ඉන්න අය දන්නවා, ගහපු අය දන්නවා, තව කීයකට ගහන්න තියෙනවාද කියලා දන්නවා.ඒ නිසා ගැටලුවක් ඇති නොවන ලෙස ඒ දේ කරන්න.අපි ඒකට අතදාන්නේ නෑ.සෞෟඛ්‍ය බලධාරීන් අවශ්‍යය ලෙස ඒ දේ කරන්න යැයි පැවසීය.

මිහින්තලය ප්‍රාදේශීය සභා සභාපතිතුමන්ටද උපදෙස් දෙමින් රාජ්‍යය අමාත්‍යයතුමන් එහිදී පැවසූවේ, ඒකට මැදිහත් වෙන්න එපා අපේ අය, එන්නත්කරණය කරන එක හැමෝටම කරන්න අවශ්‍යය නිසා පොදුවේ එන්නත්කරණ ක්‍රියාවලියට අපි සහය දෙනවා මිසක් අපේ ලැයිස්තු දාන්න හරි අපේ හිතවත්කම් වලට කිසි දෙයක් කරන්න එපා.රටේම තියෙන ප්‍රශ්න ටිකත් එක්ක සතපහක තේරුමක් නෑ.අපේ පදනම වෙලා තියෙන්නේ දෙසැම්බර් වන විට ලංකාවේ හැමෝටම එන්නත්කරණය කරලා අවසන් කරන්න.ඒ නිසා අපි කණ්ඩායම් හදලා, අපි නොමිලේ එන්නත්කරණය කරලා, වියදම් කරලා නරක නාමයක් අහගන්න වුවමනා නෑ.මේක ව්‍යසනයක් නිසා අපි හැමෝගැනම බලන්න ඔ්න අපේ මිනිස්සු විදිහට මිසත් මේ ගොල්ල විතරක් අපේ කියලා නෙමෙයි.රජයේ නිළධාරීන් හා දේශපාලන අධිකාරය විදිහට අපි අපේ ජීවිතත් ආරක්ෂා කර ගන්නා අතරේ , මේකට කොහොමද උපරිම දායකත්වයක් දීලා මේකෙන් ඉක්මනටම ගැලවෙන ක්‍රමය මොකක්ද කියලා හොයා ගන්න ඔ්න.සේරම මැරිලා අපි විතරක් ඉතුරු වෙලා වැඩක් නෑ.

ඒ නිසා වෘත්තීය සමිති වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුලුවන්, රජයේ නිළධාරීන් වෙන්න පුළුවන් මොන ප්‍රශ්න තිබ්බත් මේ හැමදේම වෙනදා වගේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට නොයා, ඒ අයිතීන් ආරක්ෂා කර ගන්නා ගමන් මේ වෙලාවේ අපි හැමෝම එකතු වුණොත් විතරයි බේරෙන්න පුළුවන් කියන එක අපි පිළිගන්න ඔ්න.අපි එක එක්කෙනා මේක එහාට මෙහාට ඇද්දොත්, අරයාගේ වැරදි කියනවා, මෙයාගේ වරද කියනවා කිය  කිය වැරදි කිය කිය හිටියොත් දන්නෙම නැතිව අපිත් මැරිලා යයි.ඒ නිසා මේක ඉවරයක් කර ගන්න අපිට හම්බෙන්නේ නෑ,ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ගොඩ යමු.මේ වැඩ ටික හරියටම කරලා, රුපියල් 5000, බඩු මල්ල පරිස්සමින් බෙදලා, ආසාධිතයෝ හදුනාගෙන ඔවුන්ට අවශ්‍ය කටයුතු කරලා, බෝ වෙන එක වලක්වාගෙන අපි අපේ කොටස කලොත්, මේක සාර්ථකයි.

ඒ නිසා පහුගිය සිදු වූ වැරදි ඉගෙන ගෙන, හොදටම වැඩේ කරන එක තමයි අපේ වගකීම වෙන්න ඔ්න, ඒ නිසා දේශපාලන අධිකාරිය විදිහට මම නම් කොහොමත් මැදිහත් වෙන්නේ නෑ, ප්‍රාදේශීය දේශපාලඥයොත් මැදිහත් වෙන්නේ නැති වෙයි ඒ නිසා නීතී රීතී අනුව කටයුතු කරන්න රජයේ නිළධාරීන්.

ඒ වගේම ජනතාවට අවශ්‍යය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගම්මාන මට්ටමින් නිසි අධීක්ෂණයක් යටතේ වෙළඳසැල් විවෘත කිරීමට කටයුතු කරන ලෙස හා ජනතාවට අත්‍යවශ්‍යය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලොරි රථ මගින් ගම්මාන වලට භාණ්ඩ ප්‍රවාන රථ යොමු කරන ලෙසත්, ඒ්වායේ මිල ගණන් සම්බන්ධයෙන් පරික්ෂා කරන ලෙසත් අමාත්‍යයතුමන් නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.මිනි

මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ගැලපෙන උත්තර හදනවා මිසක් අපිට ඔ්නවාට කරන්න  බැරි ඒවා සහ අපරාදේ මිනිස්සු තලා පෙලන දේවල් කරන්න එපා කියන එක ඉල්ලනවා.

රුපියල් 5000 දීමනාවද කඩිනමින් ජනතාව අතට පත් කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරන ලෙසද අමාත්‍යයතුමන් එහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress