හන්තාන කදුවැටියේ පරිසර හානියක් ගැන පැමිණිල්ල.
Posted on June 25th, 2021

කීර්ති හේවාගොඩ Environmental Activist 

මහනුවර දිස්ත්‍රික්කය ට අයත් දොලුව ප්‍රාදේශීය කොට්ඨාසයේ ,ජයරත්න යාපා පුර ගම්මානයට නුදුරු හාන්තාන කදුවැටියේ  පරිසර සංවේදී ඉඩම් අක්කර  5 ක් පමණ යම් පිරිසක් විසින් සංවිධානාත්මකව හෙලි පෙහෙලි කරමින් , භෝග වගාවට අනුයුක්තව කටයුතු කරමින් සිටින බව ප්‍රදේශයේම තොරතුරු මාර්ගයෙන් දැන ගැනීමට ලැබුණූ අතර පසුගිය ජුනි 13 වන දින මේ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විද්යුත් තැපැල මගින් මා දැන්වත් කර ඇත. 

එහෙත් තවම ලැබෙන තොරතුරු වලින් දැන ගැනීමට ඇත්තේ එසේ වන ආවරණය ඉවත් කර ඇති ඉඩම් කොටසේ  අනවසර අත්පත් කරුවන් විසින්  ටකරන් සහ දැව යොදාගෙන පැලපදියම් ස්ථාන ඉදිකරමින් සිටින බවයි.  ” the illegal settlers have set up small huts”  එහෙත් මේ වන තුරු වගකිව යුතු බලධාරීන් විසින්  කිසිම වැටලීමක් කර නැත. 

  භූ ඛණ්ඩාංක 7.220442/ 80.639684  වලට අනූරූපව ඇති මේ   අනවසර එලි කිරීම සහ පැළපදියම් වීම සිදුවන භූමි කොටස ඇතුලුව හන්තාන කදුවැටිය , එහි ජල පෝෂක වටිනාකම, ජෛව විවිධත්වය  සහ සංස්කෘතික අනන්‍යතාවය ආදී නිර්ණායක සලකා බලමින් අංක 47 දරණ වර්ෂ 1080 ජාතික පාරිසරික පනත යටතේ;   වර්ෂ 2010 පෙබරවාරි මස 07 වන දින අංක 1641/28  දරණ ගැසට් පත්‍රය මගින් පාරිසරික ආරක්ෂක කලාපයක් ( EPA,  Environmental protection Area) ලෙස නෛතිකව සහ ව්‍යවස්ථානුකූලව සංරක්ෂණය කොට ඇත. 

මෙම “එලි කිරීම” සහ “අත්පත්කර ගැනීම”  සිදුවන හන්තාන භූමි කොටස ඉහත පනත යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ නියාමනයට යටත් අතර , එකි වන    භූමියේ ආරක්ෂක කටයුතු නාවලපිටය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි කාර්යාලය යටතේ ආවරණය වෙයි. 

අතිශයින්ම සංවිදී වූ හන්තාන කදුවැටියේ සුරක්ෂිතභාවය අනතුරේ හෙලමින් සහ නීති විරෝධී ලෙස සිදුවන මේ රක්ෂිත ඉඩම් කොල්ලය වලකා ලීමට අප්‍රමාදව  සහ කඩිනමින් පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන වලින් ඉල්ලා සිටිමු. මේ සමග අදාල භූමියේ Google earth සිතියම් සහ ඡායාරූප සාක්ෂි වශයෙන් එවා ඇත.

ස්තූතියි. 

කීර්ති හේවාගොඩ 

Environmental Activist 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress