කිහිප දෙනෙකුගේ පාවාදීම් මත ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ වැටීමට ඉඩ දිය යුතු නැත….!
Posted on July 16th, 2021

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

කොරෝනා පනතේ වගන්ති 7/13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී නීතීඥ සංගමයේ ඉහළ නිලතල දරන අයට එය නොපෙනීම නීතියේ පාලනයට බලවත් අනතුරකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉහළ නිලතල දරණ අය ග්‍රහණයට ගෙන ඇති බව පැහැදීලි වන්නේ 2020.07.12 දින ස්වර්ණවාහිනී “ඉර” වැඩසටහනට සහභාගී වෙමින් නීතීඥ සංගමය කොරෝනා පනතට සහාය දුන් බව ප්‍රසිද්ධියේ පැවසීමෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමෙනි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි ඇති ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම පුරවැසියන්ගේ අයිතියකි, වගකීමකි, යුතුකමකි.

[1. කොරෝනා පනතේ වගන්ති 7/13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව කොරෝනා පනතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
2021.07.06 හැන්සාඩ් වාර්තාවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බලන්න…

2. කොරෝනා පනත අභියෝග කළ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම යටතේ පැමිණිලි කර ඇත] මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0342256066, 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress