රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතා කර වගා කිරීම සම්බන්ධයෙන් ගැටලු හේතුවෙන් ගොවීන් මහා පරිමාණ වගාවන් සිදු කිරීමෙන් ඈත් වන බව කියයි
Posted on October 7th, 2021

තිසර සමල් – අනුරාධපුර

රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට වත්මන් රජය ගත් තීරණය සම්බන්ධයෙන් ගොවීන්ගේ පවතින මතය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ මිරිස්, වට්ටක්කා  ඇතුළු ඒළවලු හා අතිරේක  භෝග වගා කරන ගොවීන් හමුවී ඔවුන් සමඟ සාකච්ජා කර ගොවි බිම්ද නිරීක්ෂණය කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාවතවැව,ඉලුප්පුකන්නිය, පුළියන්කුළම, ගැටලාව යන ගම්මානයන්හි ගොවි ජනතාව හමුවී ඔවුන් සමඟ අමාත්‍යයවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

එහිදී ගොවීන් කියා සිටියේ රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතා කර වගා කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි. එම ගැටලු හේතුවෙන් ගොවීන් මහා පරිමාණ වගාවන් සිදු කිරීමෙන් ඈත් වන බවද ‌ඔවුන් වැඩිදුරටත් පැවසීය.

එහිදී  අමාත්‍යයතුමන් විමසා  සිටියේ, යූරියා වෙනුවට දියර නයිට්‍රජන් දෙනවා නම්, අනෙක්  කාබනික පොහොර වර්ගත් දෙනවා නම් ඒක විශ්වාස කරලා වගා කටයුතු ආම්භ කරන්න බැරිද?  යනුවෙනි.

අපේ හේන් වල තියෙන්නේ මානා, එක වැස්සක් වැහැපු ගමන් මානා හැදෙන විදිහට කියන්න අවශ්‍ය නෑනේ, වල් මර්ධනය කරන්න රසායනික නැතුව අපි වගා කරලා වැඩක් නෑ.කාබනික පොහොර මීට කලින් පාවිච්චි කරපු නැති නිසා මහා පරිමාණයෙන් වගා කරන්න භයයි දැන් ගොවියෝ.අක්කර 05 ක් වගා කරපු කෙනෙක් දැන් වගා කරන්නේ අක්කරයක් විතර, ගොවියෝ දැන් කබලෙන් ලිපට වැටිලා ඉන්නේ, ගොවියන්ට ආයේ වෙන්න දෙයක් නෑ. යූරියා පොහොර අදටත් තියෙනවා, දැන් වුණත් පොහොර ගෙන්වන්නම් 1500ට දුන්න පොහොර මිටිය දැන් රුපියල් 6500 යි,ඒ කියන්නේ පොහොර රට ඇතුලේ තියෙනවා.ඇයි මේ ගොවියෝ අසරණ කෙරුවේ.දැන් කරපු වගාවල් වලට ඉතින් රුපියල් 6500 ට හරි පොහොර ගෙනත් ගහනවා.වගාව මැරෙන්න ඇරලා බලන් ඉන්න බෑනේ. අපි මින් ඉස්සරහට අපේ කෑමට විතරක් වගා කරගන්නවා. මේ තියෙන මිළට  අපිට වගා කරන්න බෑ.ඇමතිතුමා යමුකෝ අපේ වගාවල් බලන්න.අපිට බර්ටි ඇමතිතුමා වතුර මෝටර් 120 ක් මේ ගමට දුන්නා.අපි අදටත් වගා කරන්නේ ඒවාගෙන්, බර්ටි ඇමතිතුමා  උපදින උපදින ආත්මයක සවි ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යැයි පැවසීය.

අනතුරුව පුලියන්කුළම ගම්මානයේ හේන් යාය වෙත ගිය අමාත්‍යයතුමන් එම ගොවීන්ගේ හඩටද ඇහුම්කන් දුන්හ.එහිදීද  ගොවීන් ඉල්ලා  සිටියේ සහන මිලට පොහොර ලබා දීමට අවශ්‍යය කටයුතු කරන ලෙසයි. වල් නාශක, කෘමි නාශක ඇතුළු රසායනික දියර වර්ගද මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි එහිදී ගොවීන් පෙන්වා දුන්හ.අත -කණ -කර තියලා තමා අපි මේ වගාවල් කරන්නේ ඒත් අපිට හොඳ මිලක්වත් නෑ.

අනතුරුව අමාත්‍යයවරයා තවත් ගොවීන් පිරිසක් හමුවී ,ආණ්ඩුව සූදාමන් වෙලා ඉන්නේ පුද්ගලික අංශය හරහා කාබනික දියර පොහොර ආනයනය කරන්න, වගාවන්ට අවශ්‍ය පෝෂක ටික ගෙන්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ.ඒක විශ්වාස කරලා වගා කරන්න ලෑස්තිද යැයි විමසීය.

 ‌එහිදී ගොවි මහතෙකු කියා සිටියේ, කෘෂිකර්ම ඇමති මේවට වග කියන්න ඔ්න, මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ  කෙනෙක්වත් කෘෂිකර්ම ඇමතිකමට දැම්මා නම් එයා මේ දුක දකිනවා.ලාම්පු තෙල් ගන්න, පොහොර ගන්න අපිට ලොකු මුදලක් යනවා.කොළඹ ඒ.සී කාමර වල ඉන්න ඇමතිලා මේවා දන්නේ නෑ.අපේ ඇමති කෙනෙක් හිටියා නම් මේ ප්‍රශ්න ටික දන්නවා.

අපි කොහොමද ආණ්ඩුව විශ්වාස කරන්නේ දැන්, සත පහකට විශ්වාස නෑ, ජනාධිපතිතුමා කිව්වේ පොහොර ටික නිකං දෙනවා ගොවියට කියලා.අපිට නිකං ඔ්න නෑ, සහන මිලටවත් අපිට පොහොර ටික දුන්නා නම් ඇති.ඔබතුමා මෙහෙම හරි ආවා අපේ දුක අහන්න, ඒකට ස්තූතියි.වෙන කිසි කෙනෙක් ආවේ නෑ,

අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යයතුමන් කියා සිටියේ,

වගාව නිසා තමා ඔයාලගේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ, මොනයම් හේතුවක් නිසා හරි ඔයගොල්ල වගාව අතෑරියෝත් ඔයගොල්ලන්ට තියන ලාභය නැති වෙනවා. ඔයගොල්ලන්ගේ අස්වැන්න ලැබෙන් නෑ කියන්නේ රටේ ආහාර සුරක්ෂිතතාවටත් ඒක සෘජුවම බලපානවානේ,ඒ නිසා මේ ප්‍රශ්න සේරම කථා බහ කරලා නිරාකරණය කර ගන්න අවශයයි.තරහා වෙලා වැඩකුත් නෑ, රැවටිලා වැඩකුත් නෑ, හැබැයි මේ දෙකම එක තැනතකට ඇවිත් වගාව නොකලොත් ගොවියාගේ ආර්ථිය වගේම රටේ ආර්ථිකයත් වැටෙනවා.මේක රණ්ඩු කර ගන්න ගහගන්න දෙයක් නෙමෙයි.අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරන්න අවශයයි.මම මේ ගමන ආවෙත් ගොවියෝ එක්ක සාකච්ජා කරලා ගොවියන්ගේ මතය අවසාන ‌මෙහොතත් බළධාරීන්ට කියන්න මේකේ බරපතලකම කියන්න.මේ දියර පොහොර ගැන විශ්වාසයක් නැත්නම් ඔයගොල්ල වගා කරන්න කැමති නෑ නේ,ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහසභාපති නිදහස් බඩඉරඟු ගොවි සන්සදයේ සභාපති  ඒ.ටී.එම් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු ගොවි ගෙවිලියන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress