මිත්‍යා දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය | ලංකාවේ කිසියම් ජන සංහාරයක් සිදුවී ඇත්නම් ඒ දෙමළ කොටියා විසිනි සිදු කරන ලද්දක් පමණක් වේ.
Posted on October 11th, 2021

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

1948 සිට අප මාතෘ භුමිය තුල පැවති සැම රජයකින්ම දෙමළ ජන සංහාරයක් සිදුකල බව හා එය තව දුරටත් ක්‍රියාත්මක වන බව අඟවමින් කොටි ත්‍රස්ථ ඩයස්පෝරාවේ ගමන් මගෙහි තවත් සන්ධිස්ථානයක් වශයෙන් මේ ලඟදි දවසක ඉතාලියද අත්වැල් බැඳ ගත්තේය.

කවදත් කොටි පෝෂණය කරන කැනඩාව මේ දෙමළ සංහාර මගෝඩි පෙරහැරේ ඉදිරියෙන්ම සිටින රජයක් වශයෙන් පෙනී සිටීම එම රටේ ඉන්න සංවේදී මිනිසුන් බහුතරයකගේ මුනෙත් මේ දෙමළ සංහාර දැලි කුණු ගෑමට එහි සිටින කොටි හිතවාදීන් සිදු කිරීමේ භයානනකම දවසක කැනඩාව තේරුම් ගන්නේ ඔවුන්ගේ වැසියනුත් ඔවුන් සිටින පළාත් වලින් එලවා දමා දෙමළ මැරයන් ආරවුල් ඇතිකර භිෂණය ඇතිකරණ දවසකය.

කැනඩාවේ දැනට මේ ත්‍රස්ථ ඩයස්පෝරා ගමනේ සිටින ”මුදුනන් දුටු විට සිහි වන්නේ ‘ ලොව් වැනසීමට පසුකාලීනව දායක වන ‘උස හින්දරී ‘ කුහක ගති ඇති ‘ හිට්ලර් සම්පන්නයේ මිනිසුන්ය. හිට්ලර් ඔහුගේ සත්ව ගතිය ‘ ජාති වාදය දියුණු කරගත්තේ ඇමෙරිකානු ජාතිවාදය ඔස්සේ බව දන්නේ කි දෙනාද ?

ඉතින් දැනට ඉතාලියේ සහා කැනඩාව ලොව වෙනත් සම්මත රජයන්වලට ඔවුන්ගේ ”ජාතිවාදය හා ජාති ඇදිල්ල” නිසා ලොව තුල නිදහසේ තම අන්ත ජාතිවාදයට ‘ බොරු නිජමින් සංකල්ප කියමින් පිරි භාහරන්ගේ අවතාරය ඇවිදිමින් සිටි. ත්‍රස්ථ වාදී මැරයන්ට පනපෙවීම් කිසිම රජයක් විසින් නොකළ යුතු කටයුතක්ද වේ.

මේ මිත්‍යා දෙමල වර්ග සංහාරය පිලිබඳ පර්යේෂණ මාධ්‍ය වේදීන් වශයෙන් අපි මේ කුමන්ත්‍රණයට විරුද්ධව ඉදිරියටත් කරුණු ගෙන හැර පාන්නෙමු !!!

ඉතාලියේ පලේර්මෝ නගර කවුන්සිලය සමග අත්සන් කල අවබෝධතා ගිවිසුම මගින් සනිටුහන් වී ඇති කරුණු . පහත දැක්වේ;

1. 1948 සිට ශ්‍රී ලංකා රජය විසින් දෙමල ජාතිය වාර්ගික සංහාරයට ලක් කල බව පිළිගැනිම.

2. දෙමල වාර්ගික සංහාරය පිලිබඳ අධ්‍යාපනය සතිය සෑම වසරකම මැයි මස 11 දා දිට 18 දින දක්වා ප්‍රවර්ධනය කිරීම. දෙමල සංවිධාන සමග එක්ව පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන්, ක්‍රියාකාරකම් සිදු කිරීම.

3. පලේර්මෝ නගර ජනතාව සහ දෙමල ප්‍රජාව අතර පවතින සන්නිවේදන ජාලය සහ එකාග්‍රතාවය ප්‍රරවර්ධනය කරමින් අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීම.

4. දෙමල ඊලාම් අනන්‍යතාවය , සංස්කෘතිය සහ ඉතිහාසය ප්‍රචලිත කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග වලට අවශ්‍ය සහාය සහ ඒවා ප්‍රවර්ධනය කිරීම. මෙම ගිවිසුම අත්සන්සතබන ලද්දේ ලර්මෝ නගරාධිපති ලියෝලුකා ඔර්ලන්ඩෝ (Mayor of Palermo, Leoluca Orlando) විසිනි.

1948 සිට රාජ්‍ය අනුග්‍රයෙන් සිදු කළා යයි පවසන “දෙමල ජන වාර්ගික සංහාරය” මිත්‍යාව තුලින් වෙනම රාජ්යයක සිහිනය සැබෑවක් බවට පත් වීම වැළක්විය නොහැකි වනු ඇත. 1948 සිට සිටින සියලුම දේශපලන පක්ෂ මෙම කටයුත්තට එරෙහිව කටයුතු කල යුතු අතර තම පක්ෂය ජනප්‍රිය කිරීමේ ක්‍රියා මාර්ගවලින් මිදී අප රටේ ඒකීයත්වය එරෙහි සැම කරුණක්ම විශ්ලේෂණය කොට දෙබිඩි පිළිවෙත් රකින කිසිම රටක් සමග වැඩි ගනු දෙනුවලට නොයා මව්බිම වෙනුවෙන් ඉදිරිපත්ව ස්වදේශාභිමානි වශයෙන් කටයුතු කිරීමට කැප වී සිටින දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහයෝගය ලබාගෙන බෙදුම්වාදය පරාජය කිරීමට ඇති සියළු තැන් විමසා  වහාම සුදුසු ක්‍රියාමාර්ගයන් වලට  අවතීර්ණ වන ලෙස රජයට අප පුර වැසියන් වශයෙන් බල කර සිටිමු.

සිංහලේ දිනපොත වෙනුවෙන්,

බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

 සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2021/10/09

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress