රසායනික පොහොර ගෙන්වීමට ආයතන 10කට අවසර
Posted on December 27th, 2021

මව්බිම දැන්

රසායනික පොහොර ආනයනය කිරීම සඳහා ඉල්ලීම් කළ ආයතන 10කට අනුමැතිය ලබා දුන් බව ජාතික පෙහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ආනයනය කිරීමට තේාරාගන්නා ආයතනය අනුව ආනයනය කරන පෙහොර මෙරටට ලැබෙන කාලය තීරණය වන බව ය.

කෙසේ වෙතත්, ඉදිරි මාස දෙක ඇතුළත ඇණවුම් කළ පෙහොර ප්‍රමාණය මෙරටට ලැබීමට නියමිත බව චන්දන ලොකුහේවගේ මහතා ප්‍රකාශ කළේ ය.

යූරියා, මිශ්‍ර පොහොර, කේසරයිට්, සින්ක් සල්ෆේට් සහ සෘජු පොහොර වර්ග එලෙස ආනායනය කිරීමට අවසර ලබා දී ඇති ඒ මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේ ය.‍

“ඇණවුම් සඳහා ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ සඳහා ත් අනුමැතිය දීලා තියෙනවා. යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් සඳහා දැනට අවසර දීලා තියෙනවා එක් ආයතනයකට. ඒ වගේ ම තවත් ආයතන හයක් අපෙන් ඇණවුම් කරලා තියෙනවා සෘජු පොහොර වර්ග. කේසරයිට්, යූරියා, සින්ක් සල්ෆේට් ආදී වශයෙන් ගත්තහම මෙට්‍රික් ටොන් 2500ක් පමණ ඇණවුම් කිරීම සඳහා දැනට අපි අවසරය ලබා දීලා තියෙනවා. මීට අමතරව මිශ්‍ර පොහොර සඳහා ත් ඇණවුම් කිරීමට අවසර ලබා දීලා තියෙනවා. අපට ඉල්ලීම් ලැබිලා තියෙනවා මිශ්‍ර පොහොර මෙට්‍රික් ටොන් 2,000ක්ට පමණ. ඒවායින් දැනට මෙට්‍රික් ටොන් 910කට පමණ අවසරය දීලා තියෙනවා.”

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, ඉදිරියේ දී ලැබෙන ඉල්ලීම් අනුව ආනයනකරුවන්ට පොහොර ආනයනය කිරීම සඳහා අවසරය ලබා දීමට කටයුතු කරන බව ය.

 අම්රා ලියාකත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress