මේ රටේ කුමන රජයක් බලයට පත්වුවද අනිවාර්‍යයෙන්ම එක්සත්, සව්භාග්‍යමත් ප්‍රබල ශ්‍රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා එම රජය විසින් අවිවාදයෙන් පිළිගත යුතු ජාතික  සම්මුති මාලාවක් පහත දක්වමි
Posted on May 22nd, 2022

සුදත් ගුනසේකර මහනුවර

මේ රට සින්හල බෞද්ධ රාජ්යයකි” යන මූලික සම්මුතිය ඇතුළු පහතසඳහන් ජාතික ප්‍රතිපත්ති පිළිගෙන ඒවා ක්‍රියාත්මක කරණ බවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ත්‍රයිනිකායික නායක හිමිවරුන් ප්‍රමුඛ සන්ඝභාවක් ඉදිරියේදී දිවුරා පොරොන්දු නොවන කිසිවෙකුට මේ රටේ කිසිදාක පාලන බලය නොදිය යුතුය”

                                           1 කොටස

එක්සත්, සව්භාග්යමත් ප්රබල ශ්රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා මේ රටේ සියළු දෙනාම ඒකමතිකව පිළිගත යුතු ජාතික  සම්මුති මාලාවක් පහත දක්වම

1″මේ රට සින්හල බෞද්ධ රාජ්යයකි

2.ශ්රි ලන්කාව ඒකචත් රාජ්යයකි

ලෝක ඉතිහාශය ආරම්භවූ දා සිටම ඉන්දීය සාගරයේ පිහිටි සින්හලද්වීපය නම්වූ, වර්ගසැතපුම් 25,332  (65,610 කි.මී)පමණ වු මේ දිවයින, ඒකචත්ත්‍ර රාජ්‍යයකි.

3 රටේ නම සින්හලේ (ලන්කාදීප) විය යුතුය

 ක්‍රි.පූ. 543 සිටම අඛණ්ඩව පැවති පරිදි මේ රටේ නම සින්හලේ/(ශ්‍රී ළන්කාව) විය යුතුය. ඒ හැර ඉලන්කයි, ඊළම්  ආදි වෙනත් වචනවලින් එය හැඳින්වීම රාජද්‍රෝහී අපරාධයක් වශයෙන් සැළකිය යුතුය.දෙමළෙන් ලන්කා යන අරුතින් ඉලන්කෙයි කියාද සින්හලයින්ගේ රට යන අරුතින් ඊළම් කියාද දකුනු ඉන්දියානුවන් අතර භාවිතා වී ඇත. ඉතිහාශය පුරාම නම් 23 කින් පමණ විවිධ ජාතීන් විසින්  (තම්බපන්නී වශයෙන් එක්වරක් හැර ) මේ රට හඳුන්වා ඇත්තේ  සින්හලයින්ගේ රට යන අර්ථයෙන්මය. සිලෝන් (Ceylon) කියා ඉන්ග්‍රීසීන් කීවේද සින්හල්යින්ගේ රට යන අර්ථයෙන්මය.

1815 මාර්තු 2 උඩරට ගීවිසුම අනුව ඉන්ග්‍රීසීන්ට භාරදී ඇත්තේ සින්හලේ නම්වූ රාජධානියයි. එබැවින් ඇත්ත වශයෙන්ම රටේ නිවැරදි නම ලබාගත යුතුව තිබුණේ,1948 දී රටේ පාලනය භාරගත් අණ සින්හල නායකයින් විසින්මය.

මේ රට ලෝකයේ තිබෙන එකම සින්හල බෞද්ධ රාජ්යයයි”.

කි පු. 307 සිට 1815 දක්වා නිලවශයෙනුත් එදා සිට අද දක්වාම නිලනොවන ලෙසිනුත් අඛන්ඩව වසර 2329 පැවති පරිදි මේ රට සින්හල බෞද්ධයින්ගේ පරම මාතෲ භූමිය බව මෙරට වාසී සෑමදෙනාම මෙන්ම සමස්ථ ලෝකවාසීන්ම අවිවාදයෙන් පිළිගතයුතුය

තවද කිසිම අවස්ථාවකදි කිසිවෙකුට ඒ තුල වෙනම රාජ්‍යයක් ඉල්ලීමට අයිතියක්ද නැත. එබඳු ප්‍රකාශ කිරීම හෝ ක්‍රියාවන්වල යෙදීම   රාජද්‍රෝහී වරදකි.

මේ අතර ඉතිහාශයේ වරින් වර මෙරට  පැමිණ දැනට එහි පුරවැසියන් වශයෙන් ජීවත්වන දෙමළ, මුස්ලිම් සහ වෙනත් සුළුජන කොටස්, මේ බිමෙහි වසර 2500 කට වැඩි කාලයක් පුරා ශිෂ්ඨාචාරය බිහිකොට එහි  පරම උරුමකරුවන් වශයෙන් සිටි සින්හලයින් සමඟ සුහදව ජීවත් වී ඇත. ජාතියේ උරුමයට තර්ජනයක් නොවන තුරු ඔවුන්ද සින්හල අපගේම සොහොයුරන් වශයෙන් අපි සැමදා සලකමු. කෙසේ වුවද අපගේ එම පරම උරුමයට ඔවුන් යම් කිසිදිනක වචනයෙන් හෝ ක්‍රියාවෙන් තර්ජනයක් නොවිය යුතුය. එමනිසාම ඔවුන් කිසිවෙකුට මේ රටතුල අයිතිහාසික නිජබිම් හෝ වෙනම රාජ්‍යයන් ඉල්ලිමට කිසිදු අයිතියක්ද නැත. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන්වත් ඒ බව ව්‍යව වස්ථා  ගත කළ යුතුය.  එසේම සැමදෙනාම ඒ බව පැහැදිළිව වටහාගත යුතුය.

5 මේ රටේ ජාතිය සින්හල

 ක්‍රි පූ.548 සිට අඛණ්ඩව පැවති පරිදි මේ රටේ ජාතිය සින්හල වියයුතුය. දෙමළ, මුස්ලිම් සහ වෙනත් බෙර්ගර්, මැලේ ආදී ජනකොටස් යනු මේ සින්හලයින්ගේ රටට විටින් විට පැමිණි, සින්හලේ රජවරුන්ගේ සහ පසුව මේ රටේ පාලකයින්ගේ අනුග්‍රහය ඇතිව මෙහි පදින්චි පුරවැසිකම ලබාගත් සන්ක්‍රමනික ජනවර්ග පමණි. ඔවුන් අතීතයේදී කිසිම අවස්ථාවක මේ රට තුල වෙනම ජාතීන් වශයෙන් ප්‍රකාශ කොට නැත. එබැවින් වර්ථමානයේද නොකළ යුතුය. එසේම එවැනි ප්‍රකාශ කිරිම හෝ කටයුතුවල යෙදීම රාජද්‍රෝහී අපරායක් වශයෙන් නීතිගත කළයුතුය

6 රටේ රාජ් භාෂා සින්හල විය යුතුය

1978 විවස්ථාවේ තිබුණු පරිදි රාජ්‍ය භාෂාව නැවතත් සින්හල විය යුතුය. (ඒ අනුව ජේ.ආර් ගේ දේශද්‍රෝහී සහ ජාතිද්‍රෝහී 16 වන ව්‍යවස්ථා සන්ශෝධනය  අහෝසි කළයුතුය). මේ රටේ මුළු ජනගහනයෙන් 70-2 % ක් සින්හල වන අතර මුළු ජනගහනයෙන් 99 % කටම සින්හල කථා කිරීම හා ලිවීම කළ හැක.ඉන්දියාවේ දෙමළ ජනයා  7 කෝටියක් සිටියත් දෙමල භාෂාව, එහි  රාජ්‍ය භාෂාවක්ද නොවේ. එසේ තිබියදී මේ රටේ දෙමළ මිනිසුන් මෙන්ම ඉන්දියාවද දෙමළ භාඅෂාවත් රාජ්‍ය භාෂාවක් කරණ මෙන් අරගල කරණුයේ කුමණ පදණමක් මත දැයි මට නොතේරේ. ලෝකයේ පෞරාණික ශිෂ්ඨාචාරයන් ඇති සෑම රටකම ජාතිය නම්කර ඇත්තේ එම රටේ ශිෂ්ඨාචාරය බිහිකළ ප්‍රජාවගේ මව් භාෂාව නමින්ය.

ඒ අනුව මේ රටේ ශිෂ්ඨාචාරය බිහිකළ සින්හළයින්ගේ භාෂාව වූ සින්හල නමින් මේ රටද නම්කළ යුතුය. එය ඔවුන්ගේ පරම ජන්ම අයිතියයි.

7 මේ රටේ රාජ් ආගම බුද්ධාගම විය යුතුය.

ක්‍රි.පූ 307 සිට 1815 වනතුරු රටේ රාජ්‍ය ආගම වශයෙනුත් 1815 සිට අද දක්වාම රටේ ජනගහනයෙන් 70.2 % කට වැඩි පිරිසකගේ ආගම වශයෙනුත් පවතින බැවින් නිළ වශයෙන් රජය ඒ බව පිලිගත යුතුය. ඉතිරි 30% න්  මුහුදුබඩ ප්‍රදේශවල 5%  කතෝලික කලේ 1505 න් පසු සුද්දන් විසිනි. දෙමල සහ මුස්ලිම් වරුන් බෞද්ධයින්ට එරෙහිව සන්විධානය කලේද ඔවුන් විසින්මය. මේ රටේ හින්දූන් වර්ථමාණයේ පවතින පරිදි 12.6% (50% කින් වැඩිවූයේද) උඩරට වතුකරයට සුද්දන් විසින් ගෙන ආ  සුද්දන්ගේ දකුණු ඉන්දියාණු දෙමළ වහල් කම්කරුවන් නිසාය.

ක්‍රි. පූ.307. සිටම අඛ්ණ්ව බුද්ධාගම මේ රටේ රාජ්‍ය ආගම විය. එබැවින් වසර 2329 ක් තිස්සේ පැවති පරිදි අදද බුද්ධාගම මේ රටේ රාජ්‍ය ආගම විය යුතුය. එමනිසාම බුද්ධසාශනය සුරක්ස්ෂිතකොට පෝෂනය කිරීම  රජයේ පරම වගකීම වියයුත්තේය.කෙසේ වුවත් ඒ තුළ සියළුම ආගම් ඇදහීමේ පූර්ණ අයිතියද සහතික කළයුතුය.

8 මේ රටේ ජාතික කොඩිය 1815 තිබුණ සින්හලේ කොඩියයි.

1815 තිබුණ සින්හලේ කොඩිය නැවත මේ රටේ ජාතික කොඩිය වශයෙන් ප්‍රකාශකළ යුතුය.1952 දෙමළ සහ මුස්ලිම් ජනයා නියෝජනයට කියා පටි දෙකක් ඇතුලත් කළද  ඔවුන් කිසිදිනක මේ රටේ නීත්‍යානුකුල ජාතියේ කොටස්කරුවන් වශයෙන් පෙනී සිටියේ නැත. නිතරම ඔවුන් දෙගොල්ලගේම අරමුණ වන්නේ රටේ උරුමකරුවන්වන සින්හලයින් යටත් කරගෙන හෝ,එලවා දමා හෝ සමූල ඝාතනයකොට දමා හෝ  මේ රට අයිතිකර ගැනීමය. එමනිසා ඒ පටි දැමීමෙන් ඔවුන්ගේ ජාතිවාදය වැඩි උනා මිස සින්හලයින් සමඟ සහයෝගයෙන් ජීවත් වීමේ අදහස වර්ධනය වූ බවක් නොපෙනේ. එබැවින් ඒ පටි දෙක මේ රටේ කොඩියේ තිබීමෙන් කිසිදු පලක් නැත.

(මේ හැම එකක්ම ඉතිහාසයේ ආරම්භයේ සිටම  1815 දක්වා මේ රටේ තිබුණු, එතැන් සිට ඉන්ග්රීසි අධිරාජ්‍යවාදීන් විසින් විනාශකළ සින්හලයාගේ පරම ජාතික උරුමයන් මේ රටේ පරම උරුමකරුවන් වන සින්හලයින්ට නැවත ආපසු ලබාදීම මිස අලුතින් නිර්මාණය කරණ දෙයක් නොවේ )

9 ජාතික ගීය

ජාතික ගීය දිවයින පුරාම ගායනා කළ යුත්තේ රටේ රාජ්‍ය භාෂාව වන සින්හලෙන් පමණි. එයවත් කිරීමට අසතුටු පුද්ගලයින් හැකිපමණ ඉක්මනින් තම තමන්ගේ මව් රට්වලට යා යුතුය.

10. මුලු රටටම බලපාන පරිදි එක නීතියක්සින්හල රටේ සින්හල නීතියක්

එක රටක් හා රාජ්‍යයක් වෂයෙන්  රටේ සියළු දෙනාටම එක නීතියක් තිබිය යුතුය.එසේ නොකොට සුළුජන කොටස් වලට වෙනම නීති තීමෙන් රටේ උරුමකරුවන්ට බලවත් අයුක්තියක් හා අසාධාරණයක් සිදුවී ඇත.

මේ රටේ සියළු දෙනාටම එක නීතියක් තිබිය යුතුය. ඒ අනුව දැනට රට තුල ක්‍රියාත්මක වන සියළුම අන්දමේ මුස්ලිම් නීතිද එසේම තේසවලමෙයි නීතියද අවලන්ගු කළයුතුය.මන්ද එක රටක නීති කීපයක් තිබිය නොහැකි බැවිණි. ඒ අතරම මේ රටේ වසර 2500 කට වැඩි දීර්ගකාලීනව පැවති දේශීය නීතිය අනුව අපටම අනන්‍ය නීති පද්ධතියක් නිර්මාණය කිරීමට පාලකයින් දැන්වත් කටයුතු  කළ යුතුය..  ඔවුන්ගේ මව් රටවල නීති අනුව තම කටයුතු කිරීමට අවශ්‍ය මිනිසුන්ද ඔවුන්ගේ මවුරටවල් බලා යා යුතුය

11.මේ රටේ නිදහස් දිනය මැයි 22 වශයෙන් දැන්වත්   ප්රකාශ කළයුතුය.

1948 දී නිදහස ළැබුණායයි කිවද, මේ රට ජනරජයක් බවට ප්‍රකාශ කරමින් සැබෑ නිදහස උදා කළේ 1972 මැයි 22 දින බන්ඩාරනායක මැතිනිය විසිනි. එබැවින් ඒ වීර ලක් දියණියට කරණ ගෞරවයක් වශයෙන් හෝ මැයි 22 ජාතික නිදහස්  දිනය වශයෙන්  නැවතත් ප්‍රකාශ කළයුතුය.

1972 සිට 1977 දක්වා මැතිනියගේ රජයෙන් මැයි 22 නිදහස් දිනය අභිමානයෙන් සැමරින. නමුත් 1977 බලයට ආ ජේ. ආර්ගේ. අධිරාජ්‍යගැති  එ.ජා.ප රජය ජෙනින්ගේ බිරිඳගේ උපන් දිනය වූ පෙබ් 4 මේ රටේ නිදස්දිනය වෂයෙන්  නැවතත් ප්‍රකාශකලේය. 1994 එ.ජ. ප රජය පැරදුනද බණ්ඩාරනායක යුවලගේ දුව චන්ද්‍රිකාද සෝබෝන් ක්‍රමයට යමින්   පෙබ් 4 ම මේ හෙළුවැලි නිදහස් දිනය පැවත්හ්විය. ඊටත් වඩා පුදුමය කියන්නේ මැතිනිය නිසාම තම දේශපාලන අනාගතය උදාකරගත් මහින්දද ඉන් පසු ශ්‍රී ලන්කා පක්ෂයේම මයිත්‍රීපාල සිරිසේනද සුද්දාගේ දිනයේම නිදහස  සැ(මැරීය.) බන්ඩාරනායක පහණෙන් තම දේශපාලානයේ කිරුළු පලන් රාජපක්ෂලාද (ගෝඨාභය සහ මහින්ද) නැවතත් 2020, 21 සහ 22  කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරමින්  පෙබ් 4 ම මේ කවදාවත්ම නූපන් නිදහස් දරුවාගේ උපන්දිනය මැරීය. රටට හා ජාතියට  අබමල් රේණුවක ආදරයක් නැති රට ගැන හෝ ජාතිය ගැන අබැටක් පමණ හෝ ජාතික අභිමානයක්  නැති මෙවැනි අඳබාල පරගැති දේශ පාලුවන් අභිමානවත් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්නේ කෙසේද?කවදාද?

1948 දි අපට පුර්ණ නිදසක් නොළැබුණු නිසා පෙබරවාරි 4  නිදහස් දිනය වශයෙන් සැමරීම ජාතික විහිලුවකි. එසේම එය තවමත් අධිරාජ්‍ය  ගැතිබව පිළිගැනීමේ නිවට කම ජාතියක් වශයෙන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමකි

12 මේ රටේ,ජනාධිපති, අගමැති, අග්රවිනිස්චයකාතැන,ත්රි විධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ නීතිපති    හැමවිටම සින්හල බෞද්ධයින්ම වියයුතුය.

ඟලන්තය ඇතුලු හැම රටකම මේ තත්වය තිබේනම් වසර  2500 කට වැඩි කලක් ආරක්ෂාකරගත් සින්හල බෞද්ධ අපට ඒ තත්වය රැකගත නොහැක්කේ ඇයි?

13 මේ රටේ තිබිය යුත්තේ ජාතික දේශපාලන පක්ශ දෙකක් හෝ උපරිම 3 ක් pපමණි.

සියළුම ජන වර්ගවල චන්ද දායකයින් ඒ පක්ශ දෙකට අනුගත විය යුතුය

රටතුල භාෂා, ආගම් සහ වාර්ගිකත්වය අනුව දේශපාලන වෂයෙන් ජාතිය බෙදීමට හේතුවී ඇති බැවින් ජනවර්ග,ආගම්,ආදිය මුල්කරගෙන පිහිටුවා ඇති සියළුම දේශපාලන පක්ශ වහාම තහනම්කළ යුතුය. ආර්ථික ප්‍රතිපත්ති අනුව වෙනස්කම් අනුව ජාතික දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක්   තිබිමට ව්‍යවස්ථාවෙන් අව්සර දිය හැක.

14 මේ රටේ මඩ්‍යම  කඳුකරය, ශ්‍රී ලන්කාවේ හදවත මෙන් රැකගත යුතුය.

මන්ද, හදවතේ ගැස්ම නතරවූ දාට ජීවියා මිය යන්නාසේ මධ්‍යම කඳුකරයේ භෞතික ස්ථාවරත්වය නැතිවූ දාට  මේ දිවයිනේ  සියලුම ගන්ගා ගැලීම නතරවීම නිසා සමස්ථ දිවයිනේම           සකළ ජීවී පද්ධතියම අතුරුදන් වී මේ රටේ ශිස්ඨාචාරයද අවසන් වන බැවිනි. ඒ නිසා මේ රට තව වසර 25 කින් බීමට ජල බිඳක් නැති, කිසිදු ජීවයක් නැති මරුකතරක් වීම වැලැක්වීම සඳහා යෝජිත  වැඩපිලිවෙලක් පහතින් දක්වමි.

1. මධ්‍යම  කඳුකරයේ මු. ම. අඩි 5000 ඉහල සෑම ප්‍රදේශයක්ම. අධිරක්ශි ප්‍රදේශ වශයෙන් ප්‍රකාශකිරීම. කිසිම වගාවක් හෝ ජනාවාශයක් මේ තුල  සපුරා තහනම් කළ යුතුය.

11. අඩි 3500-5000 අතර විශාල තේ වතු තිබුණද ඒ තුළද සෑම වර්ගයේම ජනාවාශ තහනම් කළයුතුය. 

111.කඳුකරයේ සියළුම ජනාවාශ අඩි 3500 යේ සීමාවෙන් පහල ප්‍රදේශ වලට සීමා කළයුතුය.

1ව්.කඳුකරයේ   1000-3500 අතර ප්‍රදේශ ගම්මිරිස්,කරාඹු,කෝපි,එනසල්, පලතුරු වැනි මිශ්‍ර භෝග සහ, ගෘහස්ථ සත්ව පාලනය සහිත කුඩා ගොවිපල ව්‍යාපාර සඳහා වෙන්කළ යුතුය.මෙසේ කිරීමෙන් උඩරට ප්‍රදේශයේ ඉඩම් නැති ජනතාවගේ මෙන්ම ඉහල වතුකරයෙන් ඉවත් කෙරෙන වතු ශ්‍රී ලන්කා පුර වැසියන්වන දෙමල වැසියන්ගේ ඉඩම් ප්‍රස්නයද විසඳෙන අතර ඔවුන්ගේ ආර්ථිකයද දියුණු වණු ඇත.

15 ජාතික ආර්ථිකයේ මුල්තැන ගොවිතැනට දිය යුතුය.ඉනුත් වී වගාවට ප්‍රමුඛත්වය දිය යුතුය. ඒ සඳහා අවශ්ය ජලය,පොහොර, කෘෂිරසායනික, ව්‍යාප්ත සේවා  අලෙවි පහසුකම් සහ නිස්චිත මිල ක්‍රමයක් ආදි සියළු සේවා සහ පහසුකම් ලබා දිය යුතුය.

මේ රටේ ජාතික ආර්ථිකයේ මුල්තැන ගොවිතැනට දිය යුතුය.

16 රටේ ආර්ථිකය, සන්වර්ධනය, සන්ස්කෘතිය සහ අධ්යාපනය ආදිය පිලිබඳ ආණ්ඩු මාරුවීමත් සමඟ වෙනස් නොවෙ ජාතික ප්රතිපත්තියක් තිබිය යුතුය.

17 රටේ රාජ්ය පාලනයේ සියළු කටයුතු රටේ සින්හල ජාතිය ප්රමුඛ සියළුම ජනවර්ග, ආගම් නායකයින් නියෝජනයවන, සහ රාජ් තන්ත්රයේ ප්රධානීන්ගෙන් සමන්විත උත්තරීතර ජාතික උපදේශක සභාවක  උපදෙස් අනුව සිදුවිය යුතුයි.

ඒ මණ්ඩළය මෙසේ විය යුතුයයි මම යෝජනා කරමි

1ත්‍රයිනිකායික මහනාහිමිවරුන්  හතර දෙනා                                      4

2කෝට්ටේ, දඹුල්ල, රුහුණු සහ වනවාසී නායක හිමිවරුන්             4

3.මහානායක හිමිවරුන් විසින් වසර 5 කට නම්කරණු ලබන පඬි හිමිවරුන් දෙදෙනෙක් (විද්යෝදයෙන් හා විද්‍යාලන්කාර පිරිවෙන් දෙකින්)                                                                                                 2

 4.ශ්‍රීලන්කා කතෝලික සභාවේ නියෝජිතයෙක්                                1

5 හින්දු පූජක වරයෙක්                                                                         1

4මුස්ලිම් පූජකවරයෙක්                                                                        1

5.අග්‍රවින්ස්චයකාරතැන                                                                       1

6.නීතිපති.                                                                                             1

7 විගණනාධිපති                                                                                   1

8 පාර්ලිමේන්තුවේ කථානායක සහ                                                    1

9 රාජ්‍ය සේවයේ ප්‍රධානියා (භාණ්ඩාගාරයේ ලේකම්)                        1

     සභාවේ මුළුගණන                                                                        18                                     

18 මේ රට පාලනය කළයුත්තේ 100 නොවැඩි පාර්ලිමේන්තුවක් , 17 කට නොවැඩි අමාත් මණ්ඩලයක්  සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයකු සහිත රජයක් මගිනි,

19. රට පාලනය කළයුත්තේ  රජයන් මාරුවීමත් සමඟ වෙනස් නොවන ජාතික ප්රතිපත්තියක් අනුවය.

20. රාජ් ප්රතිපත්හ්ති සහ සැළැසුම් ජනතා හිතවාදීව ක්රියාත්මක කිරිම සඳහා දේශ පාලනයෙන් තොර ස්වාධීන අධිකරණයක්  හා රාජ් සේවයක් ස්ථාපිත කළයුතුය

                                        11 කොටස 

කුම යක් බලයට පැමිණියද ශ්රී ලන්කා ජන රජය විසින් අනිවාර්යයෙන්ම කළයුතු කාර්යයන්

1.1815 වේ සිට මේ රටේ සින්හල ජාතියට අහිමිවූ සියළු උරුමයන් නැවත ලබාදීම (සියළු සුළු ජන කොටස්වල වාර්ගික හා ආගමික අයිතීන් ආරක්ශා කරමින්)

2.1948 ලබාගත්තායයි කියන ඊනියා නිදහස 1972 ජනරජයක් වූ දින සිට පූර්ණ නිදස් රාජ්‍යයක් බවට පත් කිරීම

3.මේ රටේ ඉතිහාශයේ පළමු වතාවට, යුද්ධයකදි පරාජය වීමකින් හෝ රටේ ජනතාවගේ කැමැත්තකින් තොරව  එක් පුද්ගලයකුගේ තීරණයක් අනුව  ජනතා විරෝධය මද්ධ්‍යයේ හදිසි නීතිය ප්‍රකාශකොට මහජන නියෝජිතයින්ගෙන්  දින නොමැති අස්වීමේ ලිපි අත්සන්කොට ගෙන  ඔවුන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන චන්දය ගන්නා වෙලාවට පාර්ලිමේන්තුවට දක්කාගෙනවිත් විධායකයේ බලපෑමට යටත් කොට අත්සන්ගෙන  හදිසි නීතිය ප්‍රකාශකොට  නීති විරෝධීව අත්සන් ලබාගෙන ව්‍යවස්ථා විරෝධීව ජේ. ආර්. විසින් මේ රට ඉන්දියාවට පාවාදුන් 1987 ජූලි 29 රජිව්-ජේ.ආර්. ඉන්දු-ලන්කා ගිවිසුම සහ ඉන් උපන් මේ රටට සාපයක්වූ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිස මත පැටවූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සන්සෝධනය  සහ එහි අවජාත දරුවාවූ පලාත් සභා හූනියමද අහෝසි කිරීම 

4. දේශපාලකයින් විසින්මේ රටේ දිසා පාලනය ආයතන සහ රාජ්‍යසේවකයින්, විශාල වශයෙන් වැඩිකොට, රාජ්‍ය පාලනය විමධ්‍යගතකිරීමටයයි කියා, තවත් මඩ්‍යගතකොට, මහජන සේවයේ කාර්‍යක්ශමතාව බින්දුවටම බස්වා , රාජ්‍ය වියදම,    නාස්තිය සහ දුෂනය අසීමිත ලෙස වැඩිකරමින් රාජ්‍ය සේවයේ කාර්යක්ශමතාව නැත්තටම නැතිකොට දිස්ත්‍රික් පාලනය සේවාව අවුලෙන් අවුලට පත්කොට  සමස්ථ දිස්ත්‍රික් සේවයම විනාශකොට ඇති පලාත් සභා ක්‍රමය වහාම අහෝසිකොට, 

රාජ්‍යසේවය ගැන මළපොතේ අකුරක් නොදන්නා දේශපාලන අනාතයින් සහ කොලඹ ලොක්කන්ගේ ගැත්තන් වන පින්පඩි කාරයින් රැළක් වන ආණ්ඩුකාරයින් වහාම ආපසු කැඳවා දිස්ත්‍රික් පාලනයේ වගකීම වුර්තීය රාජ්‍ය සේවකයින් වන  දිසාපති වරුන්, ප්‍රාදේශීය උප දිසාපතිවරුන් සහ ග්‍රාම සේවා නිලධාරින්ට භාරදී දැන්වත් දිස්ත්‍රික් පාලනය වැටී ඇති අඝාධයෙන් ගොඩගත යුතුව ඇත.

මෙසේ කිරීමෙන් රට ආර්ථික වශයෙන් ඉතා දුස්කර කාලයකට පත්ව ඇති මෙම අවස්ථාවේ  වසරකට රුපියල් බිලියන ගානක්  ඉතිරිකරගත හැක.

5.දැනට මේ රටේ පවතින බටහිරින් ආනයනය කරණළද අප සන්ස්කෘතියට ආගන්තුක පක්ෂ දේශපාලන ක්‍රමයේ පවතින බෙදීම් සහ ආත්මාර්ථය වෙනුවට බුදු දහමෙන් අපට උරුමවූ, රටේත්, ජනතාවගේත්  මෙන්ම සියලු සත්වයන්ගේත් සුභසෙත මූලික පදනම වශයෙන් සලකන බෞද්ධ දේශපාලන ක්‍රමවේධයක් නිර්මානය කරගැනීම,

6.මේ රටේ දේශීය සන්ස්කෘතිය, චිරාගත සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් පදනම් කරගත් දේශයට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුල ජනමත විචාරණයට ඉදිරීපත් කිරීම, යන කරුණු සියල්ල ඉටුකිරීමට දිවුරා සපථ කිරීම.

තවදුරටත්,

7 බෙදා පාලනය කිරීමට සුද්දා විසින් අපට උරුමකොට දී ගිය  මැතිවරණ ක්‍රමයටත් වඩා චන්දදායකයින් සිරස් සහ තිරස් අතට බෙදන  එසේම ජනතා කැමැත්ත කිසිසේත්ම ප්‍රකාශ නොවන පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කොට,ආසනයක මිනිසුන්ට පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් සිටින පරිදි, පැරැණි ආසන ක්‍රමය යළි හඳුන්වා දිය යුතුය. අනුපාත, මනාප සහ බහු ආසන  ක්‍රමය ඉවත්  කිරීම, අපේක්ශකයන් තේරීම අදාල ආසනවල චන්දදායකයින්ට දීම සහ අපෙක්ශකයකු වීමට අදාල චන්ද කොට්ඨාශයේ වසර 5 ක් හෝ ඉස්ථිර පදින්චිය හෝ ඉපදී තිබීම අනිවාර්ය කිරීම

8 තවද මේ යටතේ රාජ්‍ය  සභාවේ දැනට ඇති ආසන 225 හ 95 දක්වා අඩුකොට දියවන්නාවේ පාර්ලිමේතුව නැවතත් ගාලුමුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙන ආයුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවූ විට එම ගොනැගිල්ලද හිස්වන බැවින් එහි ගැටලුවක්ද ඇති නොවනු ඇත.

9 ජාතික ලැයිස්තුව අහෝසිකිරීම. ඒ වෙනුවට රටට විශිෂ්ඨ සේවයක් කර ඇති යම් යම් ශේෂ්ත්‍ර පිලිබඳ විසේසඥ දැණුමක් ඇති කීපදෙනකු පත්කල මන්ත්‍රීන් වශයෙන් ගැනීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාධන සැලසීම.

10        දරුණු අපාරධ වලට මරණ දඬුවම දීම දීම

11 දේශීය සහ විදේශීය රාජ්‍ය සේවය වුර්තිකයින්ට පමණක් සීමා කිරීම සහ ශ්‍රී ලන්කා විදේශ සේවයට යන සෑම නිලධාරියෙකුට්ම රටේ ඉතිහාශය, සන්ස්කෘතිය, ආර්ථිකය  ජනතාවගේ අවශ්‍යතා යනාදිය පිළිබඳ යටත් පිරිසෙයින් වසර 3 ක හෝ න්‍යාය සහ ප්‍රායෝගික දැණුමක් ලබා දී පරීක්ෂනයකින් සමත් වීම අනිවාර්ය කළ යුතුය.

12 වෙනස්නොවන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්

13 සෑම පුරවැසියෙකුටම රටේ ඔනෑම තැනක පදින්චියට, දේපල මිලදි ගැනීමට සහ රැකියා කිරීමට අව්ස්ථාව            සැළසීම

14        මේ රට පෙඩරල් රාජ්‍යයක් කොට දෙමල බලය නන්ග්වා සින්හල බලය බිඳ දමා සින්හල ජාතිය විනාශ කිරිමට            ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිසමත පැටවූ 1987 ජූලි 29  ඉන්දු-ලන්කා ගිවිසුම සහ ඒ තුළින් උපන් 13 වන ව්‍යවස්ථා සන්සෝධනය අහෝසිකොට මේ රටට හා ජාතියට  හූනිමක් වි ඇති පලාත්සභා වහාම අහෝසි කිරීම.

15 මේ රටේ ආර්ථිකය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වන  දැනට පවතින අධික රජයේ නිවාඩු දින ගණන ජාත්‍යන්ත්‍ර සාමන්‍ය ගණන වන 12 හෝ ඊට ආසන්න සන්ක්‍යාවකට  අඩුකොට  වසරකට අපතේ යන මිනිස් දින ගණන රටේ සන්වර්ධනයට යොදාගතයුතුය.එය පහත සඳහන් පරිදි විය යුතුයයි යෝජනා කරමි

. නම                                   මාසය                    දින ගණන

1 සින්හල අලුත් අවුරුද්ද  අප්‍රේල්  13 &14               2

2 වෙසක්                             මැයි    වෙසක්  පෝය    2

3 ජනරජ දිනය                          මැයි  22                   1

4  ජාතික ගොවි කම්කරු දිනය    මැයි 1                   1

5  සින්හලේ ජාතික දිනය (පොසොන් පෝය)            1                                                

රජය විසින් තීරණය කලයුතු නිවාඩු දින 

6    ජාතික වීර දිනය                                                 1

7   පරිසර දිනය                                                         1

8 ජාතික ළමා  දිනය                                                 1

9 ජාතික මව්වරුන්ගේ දිනය                                    1

10 ජාතික වැඩිහිටි දිනය                                           1

මුළු ගණන                                                              12                                                             

මීට අමතරව සෑම පෝය දිනයක්ම රජයේ නිවාඩු දිනයක් කිරීමෙන් තවත් නිවාඩු දින 49 ක් රජයේ සේවකයින්ට එක්වෙයි, ඒ අනුව පාසල් සතියද සකස්කරගත හැක. මේ අනුව රටේ සින්හල බෞද්ධ අනන්‍යයතාවද  ආරක්ශා වනු ඇත.

අනෙකුත් ආගමික නිවාඩු දින අදාල ආගම අදහන අයට පමණක් සීමා කලයුතුය

16 සියල්ළුම වුර්තීය සන්ගම් ක්රියාවන් අදාල වුර්තිය අවිතිවාසිකම් වලට පමණක් සීමා කළයුතුය

17 සියළුම මට්ටම්වල මැතිවරණ අපේක්ශකයින් සඳහා අවම වයසක්,අධ්යාපන, වත්කම්, චරිත සුදුසුකම් නියම කලයුතුය.

18 තා නියෝජිතයින්ගේ සියළුම අමතර වරප්රසාද අහෝසි කිරිම උදා= විශ්රාම වැටුප්, තීරුබදු රහිත වාහන , නිලරථ,නිල නිවාශ ඇතුළු සාමාන් පුරවැසියෙකුට නැති සියළුම වරප්රසාද අහෝසිකළ යුතුය.

19 සෑම දේශපාලකයෙකු සහ රාජ් සේවකයෙකුගේම කාර්ය සාධනය පිළිබඳ නිරන්තරයෙන් කෙරෙන ප්රගති සමාලෝචනයක් තිබිය යුතුය. එය මාසිකව,6 මාසිකව හෝ වාර්ශිකව කලහැක.  ඉලක්ක නොසපුරන පුද්ගලයින් රැකියාවලින් ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් සකස්කළයුතුය.

20 රාජ්යසේවයේ. අතිරික්ත ආයතන මෙන්ම සේවකයින්ද ඉවත් කොට ඔවුන්ට විකල්ප ස්වයන් රැකියා වැඩපිලිවෙලක් සකස්කල යුතුය.

21 රාජ් ආයතනවකට සේවකයින් බඳවා ගැනීම භාණ්ඩාගරයේ සේවක සහ සන්ක්යා දෙපාර්තමේන්තුවේ නියමයන් නොක්මවිය යුතුය. එම දෙපාර්තමේන්තුව විසින් සෑම රාජ් අයතනක්යකටම සහ සන්ස්ථාවකටම අවශ්යය අවම සේවක සන්ක්යා සකස් කළ යුතුය.

22 රටේ ඉන්ධන අවස්යතා අනුව අමතර තෙල් තොග ගබඩාකර තබාගැනීමට ත්රිකුණාමලයේ තෙල් ටැන්කි යොදාගැනීට වැඩ පිලිවෙලක් සකස්කල යුතුය

23 මැති ඇමති, පලාත් සභා ආණ්ඩුකරවරුන්ගේ අරක්ශාව වහාම ඉවත්කළ යුතුය

24 දේශපාලකයින්ට තමන්ම හෝ වෙනත් අය හරහා රජයේ  කොන්ත්රාක් කිරීම සපුරා තනම් කළයුතුය.

25 දේශපාලකයින් හා රජයේඉ නිළධාරින්ගේ රාජකාරිය නිස්චිතව පැහැදිළි කල යුතුය එමෙන්ම රාජ් සේවයට දේශපාලන ඇන්ගිලිගැසීම් සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය නිලධාරින්ගේ කටයුතු පාලනය කළයුත්තේ පරිපාලන සහ මුදල් රෙගුලශි මගින් මිස දේශපාලකයින් විසින් නොවේ. එසේ වූ විට රාජ්යසේවය කාර්යක්ස්ෂම වනු ඇත.

26 රජයේ කාර්යාලයකට එවන ලිපියකට දින 3 ක් ඇතුලත පිළිතුරු එවන සුද්දන්ගේ කාලයේ තිබුණ සම්ප්රදාය වහාම නැවතත් ඇතිකළ යුතුය.

27 රාජ් සේවය දේවකාර්යක් මෙන් ඉටුකළයුතු බව දේශපාලකයින්ට මෙන්ම රාජ් සේවකයින්ටද අවභෝධ කළයුතුය.ජනතා සේවය ඒ අන්දමින් ඉටුකරන බවට සියළුම දේශපාලකයින් සහ රජයේ සේවකයින්ගෙන්ද පත්වීම් දෙන අව්ස්ථාවේම ලිඛිත පොරොන්දුවක් ගත යුතුය.

28දැනට මේ රටේ පවතින දේශපාලකයින් විසින් ,දේශපාලකයින් සඳහා පවත්වාගෙනයනු ලබන දේශපාලකයින්ගේ දේශපාලන සන්ස්කෘතිය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරුකොට, ජනතාව විසින්,ජනතාව සඳහා සිදුකෙරෙන ජනතාවගේම දේශපාලන ක්රමයක් මේ රටේ නිර්මාණය කළ යුතුය

29 එසේම දැනට ලන්කාණ්ඩුක්රම ව්යවස්තාවේ xx11 පරිච්චේදයේ සඳහන්වන පරිදි ජනාධිපති, කථානායක, ඇමතිවරු සහ නියෝජ් ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ පාර්ලිමේන්තුවෙ මහ ලේකම් අධිකරණ සේවා කොමිසමේ සහ රාජ් සේවා කොමිසමේ සාමාජිකයින් සහ මීට අමතරව අධිකරණ යේ සියළුම විනිස්චය කාරවරුන් වැනි අය රාජ් සේවකයින් නොවේ යන ප්රතිපාදනයද වහාම අහෝසිකොට වෙනුවට රජයෙන් වැටුප් ගන්නා සෑමකෙනෙක්ම රාජ් සේවකයින් වශයෙන් නම්කල යුතුය.

30.ඒ සමඟම ඒ සියළුම මට්ටම්වල දේශපාලනඥයින්ට සහ රාජ්‍ය සේවකයින්ටම දැඩි  ආචාර්ය ධර්ම මාලාවක් සහ දැඩි විනය මාලාවක්ද සකස්කොට ක්‍රියාත්මක කල යුතුය

මන්ද,

මෙවා මෙසේ තිබියදී සියළු දෙනාම නීතිය ඉදිරියේ සමානය සහ ශ්රී ලන්කා ජනරජයේ පරමාධිපත් ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය ආදි වශයෙන් ව්යවස්තාවේ 3 යටතේ දක්වා තිබීම අර්ථ සූන්යය. එසේම හාස් දනවනසුළුය.

                                          111  කොටස

මේ සියල්ල කිරීමට පෙර රනිල් අගමැතිවරයා විසින් දැන්  වහාම කළ යුතුව ඇත්තේ

මේ කිසිවක් කිරීමට පෙර රනිල් අගමැතිවරයා විසින් දැන්  වහාම කළ යුතුව ඇත්තේ උද්ගතව ඇති අලුත්ම තත්වය යටතේ වියරු වැටුන රටේ ජනතාව පාර්ලිමේතුව, රජගෙදර සහ අරලියගහ මැදුරටද ගිනි තැබීමට පෙර වහාම නව දේශපාලන සන්ස්කෘතියකින් වැඩ ආරම්භ කොට  ඒ සියළු ව්‍යසනයන්ගෙන් රට බේරාගැනීම යයි  මම යෝජනා කරමි.

සඳහා ඔහු විසින් වහාම ගතයුතු පියවර කීපයක් පහතින් දක්වමි.

22.5.2022.

1 කිසිම හේතුවක් නිසා ඇමති මණ්ඩලය 17 කට වඩා  වැඩි නොකරනු

මන්ද, මුලින් කී 15 දැන් 20 වි ඇත. තව ටික දිනකින් එය 25  සහ අවසානයේ 30 ම වනු ඇත. ඒ සමඟම ඊනියා රාජ්‍ය ඇමතිවරුද 30 ක්-40 පත්කිරීමට සූදානම් බව පැවසේ. ඒ බහුතරය රැකගනීමටය.මේ යන්නේ කොහේටද. මුලින් සිටි තැනටම නේද. ඇමති 70 ට. පළමු ප්‍රස්නය මොවුන්ට පඩිනඩි දෙන්නේ කොහෙන්ද.  මේ විගඩම රටේ ජනතාව ඉවසයිද?මෙයින් සිදුවන්නේ තවත් රට ගිනිතියන එකනේද?

එමනිසා 17 නොඉක්මවනු . එසේම එකම රාජ් ඇමති, නියෝජ් ඇමති වරයකු මේ අවස්ථාවේදී පත් නොකරන්න. එවිට ජනතාව ඔබ සමඟය.එසේ නොවුනහොත් ඔවුන් තවදුරටත් අරගල කරුවන් සමඟය

2 ඇමතිවරුන් පත්කිරීමේදී දැන්වත් හොරුන්, තක්කඩීන් බේබද්දන්, පගාමරුවන්, කොමිස් රජවරුන්, බේබද්දන්   සහ පාලිමේන්තුවේ නිදාගන්නා උන් නැතිව, රට ගැන හා ජනතාව ගැන සිතන අය පමණක් ඇමතිවරුන් වශයෙන් පත්කර ගැනීම

3 නිමල් සිරිපාල, කෙහෙලිය.වැනි මිනිසුන් ඇමතිවරුන් වශයෙන් පත් කිරීමට විරුද්ධවීම. ඒ වෙනුවට මේ වෙලාවේදි රට ගොඩගත හැකි විද්වතුන් පත්කරනමෙන් ඉල්ලීම.

ඒ වෙනුවට 16.5.2022 දින ලන්කාවෙබ් හි පලකෙරුණු මගේ ලිපියෙන් යෝජනා කල පරිදි ජාතික ලැයිස්තුවෙන් විද්වතුන් කීප දෙනකු හෝ ඇමතිවරුන් වශයෙන් පත්කරන මෙන් ජනාධිපති වරයාගෙන් ඉල්ලීම.

4 රාජ්‍ය ඇමතිවරුන් කියන නාඩගම වහාම නතහර කිරීම  සහ නියෝජ්‍ය හෝ උප ඇමතිවරුන්ද මේ දුශ්කර අවස්ථාවේදී පත් නොකිරීම. මෙසේ කිරීමෙන් අති විශාල මුදලක් ඉතිරිකරගත හැක.

5 ඇමතිතනතුරු නැතිව පාර්ලිමේන්තුවේ ඉන්ට බැරි මන්ත්රී වරුන්ට ගෙදර යන මෙන් කීම

6 අපරාධයන් කළ බවට බන්ධනාගාර ගතව සිටින මන්ත්රීවරුන්  පාර්ලිමේන්තුවට ගෙන  ඒම වහාම නතරකිරීම.

7 පලාත් සභා වහාම අහෝසි කිරීම සහ ඒවා අකර්මන්යවී අවුරුදු පහක් පමණ ගතව තිබියදීත් රටේ පරිපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්නා ජනාධිපතිවරයාගේ හෙන්චයියන් පිරිසක් පින්පඩි ගෙවමින් ආණ්ඩුකාරයින් වශයෙන් තබාගෙන සිටීම මහා ජාතික අපරාධයක්  නිසා වහාම ඔවුන්ද එම පදවි වලින් ඉවත් කරන මෙන් ජනාධිපති වරයාට දැන්විම. සමඟම ඒවා කල්දැමූ දින සිට ආණ්ඩුකාරයින්ට ගෙවූ වැටුප් සහ දීමනා ආපසු අයකර ගැනීමට පියවර ගැනීම

මෙය වහාම නොකලොත් වැඩි දිනක් යාමට පෙර,ගොටා ගෝ ගමේ සහ නෝ ඩීල් ගමේ අරගල කරුවන්, ආණ්ඩුකාරවරුන්ද ඔවුන්ගේ කාර්යාල වලින් ඇද දමන දිනය උදාවනු නොඅනුමානය.

6 සමඟම රටේ පාලනය කඩාවැටීමක් නොවීම සඳහා දිස්ත්රික් පාලනයද  ශක්තිමත් කළ යුතුය,

  යටතේ  රටේ ප්රාන්ත පලනය දිසාපති,ප්රාදේශීය උප දිසාපති සහ ග්රාම සේවා නිලධාරීන්ට භාර දීම සහ ඔවුන් පලාත් සභා ග්රහනයෙන් මුදාගැනීම

8තවද ඉන්ධන .ගෘහස්ථ ගෑස්, විදුලිය අඛණ්ඩව සැපයීම

9රෝහල්වලට ඖෂදලබා දීම මෙන්ම

10. අත්යාවස්ය අහාර ද්රව් සැපයීම සහ ඒවායේ මිල පාලනය කිරිම ආදී හදිසි සැපයීම් කෙරෙහිද ඔබගේ දැඩි අවධානය යුඔමුකළ යුතුව ඇත.

11රටේ පවතින අරාජික තත්වය පාලනය කිරීම සඳහා

අන්තරය,ජේ, වි,පිය සහ  පෙරටුගාමී පක්ශ තනම් කිරීම අන්තරේ මෙහෙයවන එහි සභාපති චතුර සේනාරත්න, හිටපු සභාපති ලාල් කාන්ත  සහ කුමාර් ගුනරත්නම් මෙන්ම ජේ.වී.පි යේ මැයි 9 වන දින දීපව්‍යාප්ත තම දිසා නායකයින් ලවා ගිනි තැබීම් කරවූ,(සමුදිතට කී පරිදී ලාල් කාන්ත. දේශපාලන වුර්තීය සන්ගම් මෙහෙයවන ජොසොප් ස්ටාලින්. මහින්ද ජයසින්හ සහ  ගොවි පෙරමුනේ කැඳවුම්කරු ආදි සියළුම ජේ.වී.පී.නායකයින් අත් අඩන්ගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය. ඔවුන් සියළු දෙනාම අද මෙ කරන්නේද 1971 සහ 1989 රට පුරා සිදුකළ විනාශයේ තුන්වන අදියර යයි මම සිතමි.

ජාතියක් නැති, ආගමක් නැති, මේරටේ පය තබාගෙන නැති,මනසින් රුසියාවේ ජීවත්වන  මේ රට  එහි ඉතිහාශය හෝ සන්ස්කෘතිය  හා සමාජ හරයන් ගැන නොදන්නා මොවුන්ගෙන් විනාශකාරී අරගලය හැර අන් කුමක් බලාපොරුත්තු වන්නද.

12.මෙහිදි කිවයුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් දිවයිනේ කිසිම ඉන්ධන හලකින් හෝ වෙනත් තැනකින්  බුලිවලට ඉන්ධන නිකුත් නොකලයුතු බවට නීතියක් පැණවීමයි. මන්ද මොවුන් පසුගිය මැයි 9 දා මෙන් යලිත් මෙසේ ලබාගන්නා ඉන්ධන වලින් මුළු රටම ගිනි තියනු ඇති නිසාය.

මේ අවස්ථාවේදි ගොඨාභයට ඔබ ඔහුගේ ගැලවුම් කාරයාය. ඔබ නැතිව ඔහුට පැවැත්මක්ද නැත, එමනිසා අනිවාර්යෙන්ම ඔහුට, ඔබට සවන් දීමට සිදුවනු ඇත, එමනිසා එම අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගෙන ඔබගේ මුලු දේශපාලන ජීවිතයේම රට වෙනුවෙන්  කිරීමට නොහැකිවු විශාල වැඩ කොටසක් ඔබට මේ අවස්ථාවෙඩ්දී කළ හැකියයි මම සිතමි.

අගමැති තුමනි, දේශප්‍රේමියකු වශයෙන් මම ඔබට මෙන්ම රටට හා ජාතියට ශුභපතමි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress